(උපාලි ආනන්ද)
අදාහනය කිරීම සඳහා අනුරාධපුර නිසල නිම්නය පොදු සුසාන භූමියට බාර දෙන මළ සිරුරු අඩක් පුළුස්සා සංවිධානාත්මකව ඉතා සූක්ෂම අයුරින් රාත‍්‍රී කාලයේ වළ දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් කර සිටින එම සුසාන භූමියේ පාලකවරයා සහ සහායකයා ඕනෑම ඇප කොන්දේසියක් මත හරින්නැයි නීතිඥයින් කළ ඉල්ලීමක් අනුරාධපුර අතිරේක මහේස්ත‍්‍රාත් හර්ෂණ රත්නායක මහතා යළි තරයේ ප‍්‍රතික්ෂේප කළේය.
ඒ අනුව සැකකරුවන් දෙදෙනා තවදුරටත් මේ මස 25 වැනිදා දක්වා රිමාන්ඩ් කරන ලෙසටද නියෝග කෙරිණි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන මෙහෙයවා එම විමර්ශනවල ප‍්‍රගතිය දැක්වෙන වාර්තාවක් අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසට ද මහේස්ත‍්‍රාත්වරයා අනුරාධපුර මූලස්ථාන ප‍්‍රධාන පොලිස් පරික්ෂක සංජීව මහනාම මහතාට තවදුරටත් නියෝග කරනු ලැබීය. මෘත ශරීරයකට අගෞරව කිරීමේ චෝදනාව මත ලංකා දණ්ඩ නීති සංග‍්‍රහයේ 292 වගන්තිය ප‍්‍රකාරව සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කෙරිණ.
මෙසේ යලි රිමාන්ඩි කලේ අනුරාධපුර නිසල නිමිනය පොදු සුසාන භූමියේ පාලකවරයා වන මිහින්තලේ කන්නටිටිය 4 කනුව අංක 52/ 1 ලිපිනයේ ගංගොඩවිලගේ අජිත් බන්දුල පෙරේරා සහ ඔහුගේ සහකයා වන අනුරාධපුර පෙරියමියන්කුලම විජේරාම පාර වන්නිහාමිගේ සුමිත් ශිරන්ත යන දෙදෙනාය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ හදයන් හටද " දියවන්නා ඔය තිරණය කිරීමේ " උපරිම සුදුසුකම් පෙන්වා ඇතිබැවින් ඉතා ඉක්මණින් මෙම අයගේ නම් ගම් රතු, කොළ, නිල් වලට බෙදා ගන්නා ලෙස ඉල්ලමි.
නීතිගත කල යුතුය , අදාහන්යෙන් පසු කැමැති කිට්ටුම අයෙකුට නිරීෂණය කිරීමට. අවසර දීමට.
නීතිගත කල යුතුය , අදාහන්යෙන් පසු කැමැති කිට්ටුම අයෙකුට නිරීෂණය කිරීමට. අවසර දීමට.
උදේ හවස මෛත්‍රී භාවනාව කරන අපේ මිනිස්සුන්ගේ භක්තිය තමයි මේ ලෝකෙට පෙන්නලා තියෙන්නේ. මිනිස් සිරුරු බාගෙට පුච්චලා බල්ලන්ට කන්න දුන්නු එකාට මේ වගේම දඬුවමක් දෙන්න ඕන. අනෙක මේ මිනිස් සිරුරු අයිති කරුවන්ගේ ඥාතීන් නිශ්ෂබ්ද ඇයිද?
මිනී අළුවලින් මත ද්‍රව්‍ය හදනවා කියල පහුගිය දිනවල පත්තර වල තිබුණා. දාන පොර්මලින් ප්‍රමාණය මිනීය පුච්චන ප්‍රමාණය ආදිය අනුව මත් ද්‍රවය හදනවලු. සමහරවිට කව්රු කව්රුත් නිශ්ශබ්ද එ්ක වෙන්න ඇති. එහෙම නැත්තම් කවුරුහරි කොන්ත්‍රාත් එකට මරල ගෙනත් දුන්නම බාගෙට පුච්චලා බල්ලන්ට දෙනවා වෙන්න ඇති. බලවත් නිශ්ශබ්දය සැකයකි.