(දයාරත්න ඇඹෝගම)
අනුරාධපුර පාසලක සිව්වැනි ශ්‍රේණියේ සිසුන් පිරිසක් අටමස්ථානය සහ මිහින්තලය පුදබිම වෙත කැටුව යාම සඳහා අවිධිමත් ආකාරයට දෙමාපියන් ගෙන් මුදල් එකතු කර එම මුදලින් කොටසක් වංචා කිරිමේ සිද්ධියේ පරික්ෂණ කටයුතු යටපත් කර ඇති බව ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා පවසයි.
මෙම විද්‍යාලයේ සිව්වන ශ්‍රේණියේ සිසුන් 500 ආසන්න පිරිසක් බස් රථ 12 කින් අනුරාධපුර අටමස්ථානය සහ මිහින්තලේ පුදබිම පිළිබඳව දැනුවත් කිරිම සඳහා පාසලේ ගුරුවරු විසින් පසුගියදා සංචාරයක් සංවිධානය කරන ලදී.
මෙම සංචාරය සඳහා එක් සිසුවෙකුගෙන් රුපියල් 500 බැගින් රුපියල් ලක්ෂ දෙක හමාරකට ආසන්න මුදලක් එකතුවී ඇති බව දෙමාපියෝ පවසති.
මෙම සංචාරය සඳහා එක් බස් රථයකට වැයවු මුදල රුපියල් 9000ක් වුවද බස් රථයකට වැයවු මුදල රුපියල් 12500ක් බවට බිල්පත් ඉදිරිපත් කර රුපියල් ලක්ෂ එකහමාරකට අධික මුදලක් වංචා කර ඇතැයි දෙමාපියන් නගන තවත් එක් චෝදනාවකි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් දෙමාපියන් විසින් අනුරාධපුර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ජේ.එම්.කේ.ආර්.බංඩාර මහතාටද පැමිණිලි කර තිබිණි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් ලංකාගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා මෙසේද පැවසිය.
මෙම වංචාව සම්බන්ධයෙන් දෙමාපියන් සියලු විස්තර සමඟ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක වරයාට පැමිණිලි කර තිබෙනවා. පරික්ෂණ කටයුතුද අවසන් කර මාසයක් පමණ ගතවී තිබෙනවා. මේ සඳහා විදුහල්පතිවරයා සම්පුර්ණයෙන්ම වග කියන්න ඕනේ.
එහෙත් දේශපාලන හේතුන් මත අධ්‍යාපන බලධාරින් පරික්ෂණ වාර්තාව අනුව විදුහල්පතිවරයාට විරුද්ධව කිසිම ක්‍රියාමාර්ගයක් නොගෙන එය යටපත් කරමින් සිටිනවා.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් විනය ක්‍රියා මාර්ගයක් කඩිනමින් නොගන්නේ නම් ලංකා ගුරු සංගමය ඊට දැඩි ලෙස විරෝධය දක්වන බවද ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.
COMMENTS
එකතු උණු මුදල = 500x 500 = 250,000 බස් සදහා = 9000 x 12 = 108,000 ඉතිරිය = 142,000 එතකොට අනෙක් වියදම් කුඩා කරලා තියෙන්නේ...
සාධාරණයක් නොවන විට මිනිස්සු කෝප උනාම ඒ අය තලා පෙලා දාන එකනේ අපේ රටේ නීතිය කියන්නේ.
මහා තුප්ප හිඟන හොරකමක්නේ... අනේ අප්පේ අපේ රටේ වෙන කොරකම් බිලියන ගණන් වලින්නේ... ඕක කරන්න ලැජ්ජා නැද්ද?
ඕවා මොනවද? කොළඹ ඉහළම බාලිකා විද්‍යාලයක ඔයවගේ දේවල් ක්‍රීඩා, චාරිකා ඇතුළු හැම දේකම මව්පිය හවුල්කරුවන් යොදාගෙන ගජරාමෙට කරගෙන යනවා.
ගුරුවරුන්ට ලේසියෙන් සල්ලි එකතු කරගන්න පුළුවන් ක්‍රමයක් තමයි මේ විදියට පොඩිපහේ අධ්‍යාපන චාරිකාවක් සැලසුම් කරලා ඇඟට නොදැනෙන වැඩි මුදලක් අය කරන එක. ළමයෙක්ගෙන් රුපියල් 100ක් වැඩියෙන් ගත්තොත් ළමයි 500කින් රුපියල් පනස්දාහක ලාභයක් ලැබෙනවා.