(ටී.කේ.ජී.කපිල )
අප්‍රිකානු මහාද්වීපයේ රටවල සේවය කරන , ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව එම රටවල රැදී සිටින ශ්‍රී ලාංකිකයන් 289 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් ටැන්සානියාවේ සිට අද (21 )දින අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .
මැඩගස්කර් , මොසැම්බික් , උගන්ඩාව , කෙන්යාව , රුවන්ඩාව සහ ටැන්සානියාව යන අප්‍රිකානු මහාද්වීපයේ රටවල හෝටල් ක්ෂේත්‍රයේ රැකියා වල නියැලී සිටි විශාල පිරිසක් මෙම ගුවන් මගීන් අතර සිටිති .
මෙම ගුවන් මගීන් පිරිස ටැන්සානියාවේ , දාර් එස් සලාම් නුවර ගුවන් තොටුපළේ සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 1710 දරන විශේෂ ගුවන් යානයෙන් අද අලුයම 5.00 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .
කටුනායක ගුවන් තොටුපළ තුළ දී රජයේ සෞඛ්‍ය අංශ විසින් මෙම ගුවන් මගීන් පිරිස පී.සී.ආර්. පරීක්ෂණ සදහා යොමු කළ අතර , එම පරීක්ෂණ වල ප්‍රතිඵල ලැබෙන තෙක් ගුවන් තොටුපළ අවට හෝටල් කීපයක තාවකාලිකව නවාතැන් ගැනීමට පහසුකම් සළසා දී තිබුණි .
2025 දෙසැම්බර් මස 16
115
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
921
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
629
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
අප්‍රිකානු මහත්වීපයේ රටවල සිටි ලාංකිකයෝ 289 ක් කටුනායකට
Siri Sunday, 21 June 2020 04:37 AM
හෝටල් කීපයක නැවැත්තුවලු.. මේ සැරේ මොන දේශපාලකයෙකුගේ පුතෙක්ද දන්නේ නැහැ මේ කට්ටිය අතර ඉන්නේ..?
rama Sunday, 21 June 2020 05:58 AM
ඇයි මැදපෙරදිගට විතරක් ගුවන් යානා එන්නේ නැත්තේ..? එයාලා මැරුණට කමක් නැද්ද?