(ඉන්දිකා රාමනායක)


2016 වසර තුළ දිවයින පුරා කළ ගිනි අවි වැටලීම් වලින් අනවසර ගිනි අවි 453 ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මුලස්ථානය කියයි. මෙම අවි අතර ටී 56 අවි  25ක්,  ස්වයංක්‍රීය පිස්තෝල 80 ක්,  රිපීටර් ගිනි අවි 4 ක්, බෝර 12 තුවක්කු 60 ක්,  බඳින තුවක්කු 284 ක්,   වන බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා පැවසීය.

මෙම වැටලීම් වලදී අත්බෝම්ම 280 ක් ද සහ විවිධ වර්ගයේ උණ්ඩ 2893 ක් ද  අත්අඩංගුවට ගෙන ඇත. මෙම ගිනි අවි බොහොමයක් මිනිස් ඝාතන සිදුකිරීමේ අරමුණින් සංවිධානාත්මක අපරාධ කල්ලි අතර හුවමාරු වු  ඒවා බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා පැවසීය. මෙම ගිනි අවි සම්බන්ධයෙන් පුද්ගලයින් 434 දෙනකු ද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවද ඒ මහතා සදහන් කළේය.

අනවසර ගිනි අවි සම්බන්ධයෙන් තොරතුරු වොතොත්  කොළඹ 12 මිහිදු මාවතේ  පිහිටි සංවිධානාත්මක  අපරාධ නිවාරණ කොට්ඨාසයේ   011-2451354/ 011-2451397 යන දුරකතන අංක වෙත දැනුම් දෙන ලෙසට පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටියි.