IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


අනවසරයෙන් හෝර්ටන්තැන්න වනෝද්‍යානයට ඇතුළු වූ පුද්ගලයින් සිව් දෙනෙකුට දඩ

(ශාන්ත චන්ද්‍රසිරි)

හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානයට අනවසරයෙන් ඇතුළුවීම,  පතල්  හැරීම ,  කැළෑව එළි පෙහෙළි කිරීම හා පරිසර පද්ධතියට හානි  කිරීම යන චෝදනාවන් සඳහා වරද පිළිගන්නා ලද පුද්ගලයන් හතර  දෙනෙකුහට එක් අයෙකුට රුපියල් 80,000  බැගින් රුපියල් තුන්ලක්ෂ විසි දහසක දඩ මුදලක් ගෙවන  ලෙස නුවරඑළිය මහේස්ත්‍රාත් පමෝද ජයසේකර මහතා අද  (18) නියෝග කළේය.

මීට අමතරව බරපතල වැඩ සහිත වසරක සිරදඬුවමක් නියම කොට එය වසර පහකට අත්හිටුවීමටද මහේස්ත්‍රාත්වරයා මෙහෙදී නියෝග කරන ලදි.

මෙලෙස දඩ නියමවුයේ  බලංගොඩ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් හතර දෙනෙකුටය.

මෙහෙදී වනෝද්‍යානයේ නිලධාරීන් විසින් සැකකරුවන් හය දෙනෙකුට එරෙහිව නඩු පවරා තිබු අතර, ඉන් සැකකරුවන් දෙදෙනෙකු අධිකරණයට නොපැමිණීම නිසා ඔවුන් දෙදෙනාට එරෙහිව වරෙන්තු නිකුත් කිරීමටත් මහේස්ත්‍රාත්වරයා මෙහෙදී නියෝග කළේය.

හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානයේ භාරකරු පී. කේ. පී. එම්. ප්‍රදීප් කුමාර මහතා හා  වන සත්ත්ව අඩවි සහකාර පී. එම්. පී. පනාවලගේ යන මහත්වරුන් විසින් අධිකරණයට මේ සම්බන්ධයෙන් කරුණු දක්වන ලදි.



අදහස් (1)

අනවසරයෙන් හෝර්ටන්තැන්න වනෝද්‍යානයට ඇතුළු වූ පුද්ගලයින් සිව් දෙනෙකුට දඩ

suda Thursday, 18 June 2020 03:17 PM

ඇයි මේ අයට වෙඩි තිබ්බේ නැත්තේ...?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 120 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 751 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 371 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site