(ෂෙහාන් චාමික සිල්වා)
රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනයට අනුබල දීම සම්බන්ධයෙන් සැකපිට රිමාන්ඩ් භාරයේ සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක වසරකට වැඩි කලක් රිමාන්ඩ් කර තැබීම නීතියට පටහැනි බව ඔහුගේ නීතිඥයන් අද(1) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.
විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහුගේ නීතිඥවරයා කියා සිටියේ පුද්ගලයකු වසරකට වැඩි කාලයක් රිමාන්ඩ් කරන්නේ නම් ඇප පනතේ 17 වැනි වගන්ති ප්‍රකාරව මහාධිකරණයේ විශේෂ අවසරයක් ලබාගත යුතු බවයි.
නමුත් එවැනි නීත්‍යනුකූල අන්දමින් කටයුතු කර නොමැති හෙයින් තවදුරටත් අනුර සේනානායක රිමාන්ඩ් භාරයේ තබා ගැනීමෙන් ඔහුගේ ව්‍යුහගත මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇතැයි නීතිඥවරයා කියා සිටියේය.
මේ සම්බන්ධයෙන් තීරණයක් දැනුම් දීමට මහේස්ත්‍රාත්වරයා පැය දෙකක කාලයක් ඉල්ලා සිටි අතර නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් උසාවියට කියා සිටියේ ඔහුට ඇප දීමට හෝ මුදාහැරීමට බලයක් ඇත්තේ මහාධිකරණයේ බවත් ඒ සඳහා ඔහු විසින් මහාධිකරණයට ඇප අයදුම්පතක් යොමු කර ඇති නිසා ඒ සම්බන්ධයෙන් හෙට(2) මහාධිකරණය සැලකිල්ලට ගනු ඇති බවයි.
අනුර සේනානායක පසුගිය වසරේ මැයි 23 වැනිදා සිට රිමාන්ඩ් භාරයේ සිටී.
අනුර සේනානායක තවදුරටත් ජුලි 15 වැනි දා දක්වා රිමාන්ඩ් කිරිමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ජෙයරාම් ට්‍රොස්කි මහතා නියෝග කළේය.
ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට පැවසුවේ රිමාන්ඩ් බන්ධනාගාර කර වසරක කාල සිමාවක් ඉක්මවා ඇති ඔහු මුදා හරින ලෙසයි.
අනුර සේනානායකට එරෙහිව පනවා ඇති චෝදනා සම්බන්ධයෙන් ඇප දීමට බලය ඇත්තේ මහාධිකරණයට බව මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කළේය.
2025 දෙසැම්බර් මස 30
110
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
741
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
367
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
අනුර සේනානායක ජුලි 15 දක්වා රිමාන්ඩ්
PITIGALA MILANO Thursday, 01 June 2017 10:02 AM
ඇප දීමෙන් ලැබෙන සාක්කි විනාශ විය හැකිය.