IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


අනුරපුර-පොළොන්නරුව වී අස්වැන්නෙන් ඇටයක්වත් මෙවර මණ්ඩලයට නෑ

(පොළොන්නරුව ක.ග. කරුණාරත්න) 

මෙවර යල කන්නයේ වී අස්වැන්නෙන් සුළු ප්‍රමාණයක්වත් වී නිෂ්පාදනය කෙරෙන ප්‍රධාන දිස්ත්‍රික්කවන අනුරාධපුර, පොළොන්නරුව, කුරුණෑගල යන ප්‍රදේශවලත් වී අලෙවි මණ්ඩලයට නොලැබුණු බව එහි සභාපති උපාලි මොහොට්ටි මහතා පවසයි. 

රජයේ සහතික මිලට වඩා ඉහළ මිලක් පෞද්ගලික අංශයෙන් ගොවීන්ට ගෙවීම මෙයට හේතුව බව ද ඔහු කීය.

 මෙවර යල කන්නයේ වී අස්වනු නෙළීම ආරම්භ වීමට පෙර සිටම වී අලෙවි මණ්ඩලයට අවශ්‍ය මුදල් වෙන් කරගෙන ගබඩා පහසුකම් සූදානම් කරගෙන ගොවීන්ගේ වී රජයේ සහතික මිල යටතේ මිලදී ගැනීමට කටයුතු යොදා තිබූ බව සභාපතිවරයා කීවේය. රජයේ ඒ වැඩපිළිවෙළ නිසා පෞද්ගලික අංශයට ගොවියාගේ වී මිලට ඉහළ මිලක් ගෙවා මිලදී ගැනීමට සිදු වූ බවත් මේ නිසා වෙනත් කන්නවලදී මෙන් මෙවර ගොවීන්ට වී අස්වනු අලෙවි කර ගැනීමේ ගැටලුවලට මුහුණ පෑමට සිදු නොවූ බව ද ඔහු කීය. 

පොළොන්නරුව සහ අනුරාධපුර දිස්ත්‍රික්කවල පිහිටා තිබෙන වී අලෙවි මණ්ඩලයේ ගබඩාවලට මෙවර යල කන්නයේ පමණක් නොව ඊට පෙර කන්නවලදී ද වී ඇටයක්වත් නොලැබුණු බවත් ඒ ගබඩා බාරකරුවෝ කීහ. 

මෙවර යල කන්නයේ වී වගාව කෘමි හානිවලට ගොදුරු වීම නිසා අස්වැන්න විශාල වශයෙන් අඩු වූ බව ගොවි ජනතාව කියති. 
එසේ වී නිෂ්පාදනය අඩු වීම හේතුවෙන් බොහෝ ප්‍රදේශවල පෞද්ගලික වෙළෙඳුන්ට ගොවීන්ගේ වී අස්වනු කුණු කොල්ලයට මිලදී ගැනීමට නොහැකි වූ බව ද ඒ ගොවි ජනතාව පෙන්වා දුන්හ. 

 



අදහස් (1)

අනුරපුර-පොළොන්නරුව වී අස්වැන්නෙන් ඇටයක්වත් මෙවර මණ්ඩලයට නෑ

රවින් Thursday, 04 October 2018 08:28 AM

ඔහොම කරලා නේද මේ ගොවි මහත්තරු ටික කියන්නේ අපේ අස්වනු විකුණගන්න විදියක් නැහැ ජිවන වියදම ඉහළ යනවා අර සංගම් කාරයෝ ටික කෑගහන්නේ. රාජ්‍ය ගබඩාවල ධාන්‍ය රැස් කරගන්නේ මතු අවශ්‍ය තාවයන් සඳහා. එහිදී දේශපාලනය බලපාන්නේ නැහැ. උදාහරණ ලෙස නියඟය අවස්ථාවලදී, ගංවතුර අවස්ථාවලදී වැනි ස්වභාවික විපත් වලදී . කොයි පක්ෂය රට පාලනය කලත් එම අවස්ථාවලට මුහුණ දෙන්න වෙනවා. දේශපාලකයෝ කරන කියන දේවලට වන්දි ගෙවන්න වෙන්නේ අපි හැමෝටම.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 675 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 325 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1114 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site