IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


අනුරුද්ධ පාදෙණියට එරෙහි අධිකරණ අපහාස නඩු විභාගය කල් යයි


( තිළිණි ද සිල්වා  සහ රංජන් කටුගම්පොළ )
 
මාළඹේ සයිටම් ආයතනය සම්බන්ධයෙන් දෙන ලද අභියාචනාධිකරණ තීන්දුව අපහාසාත්මකව විවේචනය කිරීම මගින් අධිකරණයට අපහාස කර ඇති බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණියට එරෙහි අධිකරණ අපහාස නඩුවේ විභාගය සැප්තැම්බර් 04 වැනිදා සිදු කිරීමට අභියාචනාධිකරණය අද (05) තීන්දු කළේය.
 
නඩු විභාගයේ සාක්ෂි විභාගයද එදින ඇරඹීමට නියමිතය.
 
අභියාචනාධිකරණ සභාපති ප්‍රීති පද්මන් සූරසේන සහ අර්ජුන ඔබේසේකර යන විනිසුරු මඩුල්ල හමුවේ මෙම තීන්දුව ලබා දෙන ලදී.



අදහස් (3)

අනුරුද්ධ පාදෙණියට එරෙහි අධිකරණ අපහාස නඩු විභාගය කල් යයි

Thilini Tuesday, 05 June 2018 11:58 AM

බොරු නඩු පටලවන්න හැදුවට වැඩක් නැහැ ඒවා ඔප්පු කරන්න බැරි නිසා. නිකන් සුරන්ගනා කතා ගොතල ආණ්ඩුව හදන්නෙ මහ බැංකු හොරකම, හිස් බිල්ඩින් එකට දුන්න කෝටි ගණන් සල්ලි, විල්පත්තු විනාසය, අර්ථසාධක වලට ගහපු 14% ටැක්ස් එක, රුපියල් 160 නගපු ඩොලර් සහ ඒක නිසා අපේ ආර්ථිකය කඩා වැටෙන එක, වැඩිවෙන අපරාධ, දකුණේ ඇති වෙලා තියෙන උන වසංගත වගේ ඒව මහජනයාගෙන් වසන් කරන්න හදන එක. ආණ්ඩුවට කඩේ යන ලක්ෂ 62 ට නම් මේව පේන්නෙ නැතුව ඇති. මොකද පඩියම පිදුවත් යහපාලනය ඒ ගොල්ලන්ට සැපයිනේ.

:       0       0

janahitha Tuesday, 05 June 2018 12:07 PM

උගතුන් ඇතුළු බාහිර ජනතා හඬ බලය අනිසි ලෙස යොදවා මකාදැමීමේ ප්‍රවනතාවයක් දැන් අධිකරණ යෙන් සිදුවනු පෙනේ .

:       0       14

rocky Tuesday, 05 June 2018 03:29 PM

කිසිම පුද්ගලයෙක් හැම විටම නිවැරදි නැහැ. අධිකරණයේ වුනත් වැරදි තියෙන්න පුළුවනි. ඒවා විවේචනය කරන්න. වැරැද්ද වැරැද්ද බව කියන්න ජනතාවට අයිතියක් තිබිය යුතුයි. අධිකරණය කියන්නේ සර්ව බලධාරී දෙවියන් වහන්සේ නොවෙයිනේ. උන්නැහේ වුනත් වැරදි නම් මම නම් ඒ ගණන් ගන්නේ නැහැ. අනුරුද්ධ මහත්තයෝ. මම ඔබව හඳුනන්නේ නැති වුනාට ඔබේ තාත්තා සමග එකම විද්‍යාලයේ ඉගෙන ගත්තු , එමෙන්ම එකම ක්‍රිකට් ටීම් එකේ ක්‍රීඩා කරපු , එකම දෙපාර්තමේන්තුවේ රස්සාව කොරපු කෙනෙක්. ඉදිරියටම යන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 23 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 705 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 335 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site