(ජුඩ් සමන්ත)
තම අනියම් බිරිදට පහර දී ඇයගේ වරලස කපා දැමූ බව කියන පොලිස් කොස්තාපල්වරයකුව අප්‍රේල් 24 වැනි දා දක්වා රිමාන්ඩ් කිරිමට හලාවත අතිරේක දිසා විනිසුරු හා මහේස්ත්‍රාත් රඛිත පී.අබේසිංහ මහතා ඊයේ (19) නියෝග කළේය.
මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කරන ලද්දේ කල්පිටිය පොලීසියට අනියුක්තව සේවය කරන පොලිස් කොස්තාපල්වරයෙකි.
සැකකරු විසින් තමන්ට පහර දී තමන්ගේ වරලස කපා දැමූ බවට හලාවත -අඹකදවිල පදිංචි 28 හැවිරිදි දෙදරු මවක් හලාවත පොලීසියට පැමිණිළි කර ඇත.
පැමිණිලිකාරියගේ සැමියා ඇයව අතහැර ගොස් ඇති බවත්, පසුව ඇය හා සැකකරු අතර වසර දෙකක පමණ කාලයක් අනියම් සම්බන්ධතාවයක් තිබී ඇති බවත් පොලීසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර කලින් පුවතේ විදියට උදැල්ලෙන් ගහන්න තිබ්බේ මෙයාට...