IMG-LOGO

2025 ඔක්තෝබර් මස 24 වන සිකුරාදා


අනධ්‍යන සේවක වැඩ වර්ජනය හෙට අවසන් නොවන ලකුණු

(ඩයනා උදයංගනී)
           

විශ්ව විද්‍යාල අනධ්‍යයන සේවකයින් විසින් මසකට අධික කාලයක් තිස්සේ පවත්වාගෙන ගිය වැඩවර්ජනය හෙට (4) උදෑසන අවසන් කරන්නට තීරණය කර තිබූ නමුත් උසස් අධ්‍යාපන අමාත්‍යවරයා අද (3) නිකුත් කිරීමට පොරොන්දු වූ චක‍්‍රලේඛය නිකුත් නොවූ බැවින් වැඩවර්ජනය ඉදිරියට ගෙනයාමට තීරණය කළ බව විශ්ව විද්‍යාල අනධ්‍යයන සේවක වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුවේ සම සභාපති එඞ්වඞ් මල්වත්තගේ මහතා පැවසීය.

             

උසස් අධ්‍යාපන හා  මහාමාර්ග අමාත්‍ය කබීර් හෂීම් මහතා සමඟ ඊයේ (2) පැවැත්වූ සාකච්ඡාවේදී ඇතිවූ එකඟතාවක් මෙම වර්ජනය අවසන් කරන්නට තීරණය කර තිබූ බවත්, ඒ සඳහා වන ලියවිල්ලක් පවා අමාත්‍යවරයා වෙත භාර දුන් බවත් ඔහු සඳහන් කළේය.

           

කෙසේ වෙතත් චක‍්‍රලේඛය නිකුත් වන තුරු වැඩවර්ජනය අත්හළ නොහැකි බැවින් තවදුරටත් තම වෘත්තීය ක‍්‍රියාමාර්ගයේ නිරතවීමට සිදුවන බව ද සම සභාපතිවරයා කියා සිටියේය.

           

තමන් තවමත් සටන් කරන්නේ මීට වසර එක හමාරකට පෙර ඇතිවූ එකඟතාවක් මත පොරොන්දු වූ දීමනාවක් ලබාගැනීමට බව කී මල්වත්තගේ මහතා යළිත් එකඟතා විශ්වාස කර සටන අත්හළ නොහැකි බවද ප‍්‍රකාශ කළේය.



අදහස් (10)

අනධ්‍යන සේවක වැඩ වර්ජනය හෙට අවසන් නොවන ලකුණු

thamindu dulvan Tuesday, 03 April 2018 01:54 PM

දෙන්නම් කාසි වලට සටන් පාවා දුන්නම මෙහෙම වෙනවා,

:       46       145

RNG Tuesday, 03 April 2018 02:28 PM

ගුවන් තොටුපොළ වර්ජනයට එසැණින් පිළිතුරු.. ඒත් මාස ගණන් ගතවුණ මේ වර්ජනයට පිළිතුරක් දෙන්න කවුරුවත් නෑ.. රටේ අධ්‍යාපනයට ගියපු කලක්...

:       517       660

K.L Samaraweera Tuesday, 03 April 2018 03:11 PM

මේ මිනිස්සු කරන වැඩ වලින් කරදර විඳින්නේ සරසවි සිසුන්. මෙහෙමත් මිනිස්සු?

:       4       36

Pasindu Tuesday, 03 April 2018 03:48 PM

මොනවා වුනත් විශ්ව විද්‍යාල වල ඉගෙන ගන්න ළමයින්ගෙන් තමයි කවුරු කවුරුත් පලිය ගන්නේ.

:       3       53

ලකී Tuesday, 03 April 2018 04:32 PM

සැරින් සැරේට පත්වෙන උසස් අධ්‍යාපන ඇමතිවරුන් පත්කර එවන අටපාස් නැති අය ආචාර්ය වරුන්ට සමවෙන්න හදනවා. මෙවුන්ට විශ්ව විද්‍යාල ගැන හැගීමක් නැහැ. ඉගෙන ගන්න දරුවන් ගැන හැගීමක්නැහැ. මස් රාත්තලම ඉල්ලනවා. අරගල කරන්න ඕනෑ වෙලාව මොකක්ද කියල තේරෙන්නේ නැහැ. රටක් අස්ථාවර වෙලාවක, ඇමති පත්වෙලා පුටුවේ වාඩිවෙන්න කලින්ම පටන්ගත්තා මස් රාත්තල ඉල්ලන්න. වෘත්තීය සංගම් නායකගොල්ලගේ මොලේ පරික්ෂා කරන්න ඕනේ. මේක රාජ්‍ය විශ්ව විද්‍යාල අඩපන කිරීමේ සහ පුද්ගලික විශ්ව විද්‍යාල ප්‍රචාරණයේ තවත් එක ගේමක්. මේකට අහිංසක සේවකයෝ වැටුප් කැපකරමින් පව් ගෙවනවා.

:       18       285

abitha Tuesday, 03 April 2018 04:51 PM

රටේ අධ්‍යාපනය මෙයට සම්බන්ඳ කරගන්න එපා. මෙයාලගේ ඉල්ලීම් අධ්‍යාපනයට කිසිම සම්බන්දයක් නැත.

:       569       68

RNG Tuesday, 03 April 2018 09:15 PM

අභීත ,මෙයාලගෙ ඉල්ලීම් අධ්‍යාපනයට සම්බන්ධ නොවෙන්න පුළුවන්. ඒත් මේකට විසඳුමක් නොදීම නිසා බිඳ වැටෙන්නෙ රටේ අධ්‍යාපනය කියලා අමතක කරන්න එපා.

:       3       105

Nawodi Wednesday, 04 April 2018 01:40 AM

දේශපාලන හෙන්චයියලා හෙවත් අධ්‍යාපන සුදුසුකම් නැති....පාප්ප බාල්දි ඉස්සීම, කඩේ යාම,රෙස්ට් තානායම් පමණක් සුදුසුකම් වූ අයට රස්සා දෙන ප්‍රධාන ආයතන වන විශ්ව විද්‍යාල වල අනධ්‍යයන සේවකයින් වහාම සේවයන් නෙරපන්න. 70% සමනය පෙළ වත් නැත

:       26       15

ChathuWednesday, 04 April 2018 02:24 PM

රස්සා වලින් නෙරපුවම එයිද උපාධි තියන අය සිකුරිටි ජොබ් වලට. මතක තියාගන්න.. ඔයාලට කැම්පස් එකේ උපාධි කරන්න හම්බෙන්නේ අනධ්‍යන සේවකයින්ගේ කැපවීම හන්දා. වෙලාවට ලැබ් එකක්වත් ⁣ලෑස්ති නොකල නම් විශ්ව විද්‍යාල වල ආචාර්යවරු එයි ඔයාලට කියල දෙන්න මේන් කියලා. මතක තියාගන්න.. අඩු අධ්‍යාපන සුදුසුකම් තිබ්බත් උපාධියක් ගත්ත අයට වඩා බොහොමයක් අයට දැනුමක් තියන බව... සමාජෙට බැහැල බලන්න තේරෙයි කවුද නූගත්තු කියල...

:       1       0

ඉඒඉඌඉඉඅනුහස් Wednesday, 04 April 2018 02:18 AM

අභීත වැස්සකටවත් කැම්පස් එකකට ගිහින් තියෙනවද....??මොනයම් හෝ අධ්‍යාපන ආයතනයක හෝ වේවා අධ්‍යායන, අනධ්‍යයන සහ ශිෂ්‍ය යන උප පද්ධති 3න් එකක් නැතිව ඔය ඔබතුමාගේ කියන අධ්‍යාපනය සිදුවෙන්නෙ නෑ

:       0       29

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1334 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1250 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 459 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site