(ඩයනා උදයංගනී)
අන්තර් මෝසම් කාලගුණ තත්ත්වය මේ වන විට සක්‍රිය වී ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
අන්තර් මෝසමේ මෙන්ම මේ දිනවල පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවයක් හේතුවෙන් ඉදිරි දිනවලදී තද වැසි ඇතිවනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ප‍්‍රකාශකයෙක් පැවසීය.
විශේෂයෙන් වියළි කාලගුණ තත්ත්වයක් පැවති පළාත් ද ඇතුළුව දිවයින පුරා බොහෝ ප‍්‍රදේශවලට පස්වරු 2.00න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර උතුරු මැද, මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානයන්ට මිලිමීටර 150ට වැඩි තදවැසි ඇතිවිය හැකි බව ද එම ප‍්‍රකාශකයා සඳහන් කළේය.
සෙසු ප‍්‍රදේශවල ද ඇතැම් ස්ථානයන්ට මිලිමීටර 100ක පමණ තද වැසි ඇතිවන බව ඔහු පැවසීය.
වෙරළබඩ ප‍්‍රදේශයන්හි උදෑසන කාලයේදී ද වැසි ඇතිවිය හැකි බව ද එම ප‍්‍රකාශකයා කීවේය.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප‍්‍රදේශවල ප‍්‍රබල අකුණු සහ පැයට කිලෝමීටර 70ත් 80ත් පමණ වන තාවකාලිකව තද සුළං ඇතිවිය හැකි බැවින් අනතුරු අවම කර ගැනීමට පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම්දීමක් කරයි.
දිවයින වටා මුහුදු ප‍්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර එවිට එම මුහුදු ප‍්‍රදේශ තරමක් රළු විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ධීවර සහ නාවික ප‍්‍රජාව මේ සම්බන්ධයෙන් විමසිලිමත් විය යුතු බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
2025 දෙසැම්බර් මස 18
653
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
320
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1107
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අන්තර් මෝසම සක්‍රීය වෙයි : දිවයින පුරා තද වැසි