බිමල් ශ්‍යාමන් ජයසිංහ

යතුරු පැදියකින් ගමන් කරමින් සිටිය දී පානදුර  නවතා තිබූ මෝටර් රථයක සහ යතුරු පැදියක ගැටුණු පානදුර හිටපු මන්ත්‍රීවරයකු වන විමලනායක බාලචන්ද්‍ර මහතා මිය ගොස් ඇතැයි පොලිසිය කියයි.

මෝටර් රථයක් අනතුරට ලක්වී පාර අයිනේ නවත්වා තිබී ඇති අතර කාන්තාවක පාර මැද්දේ යතුරු පැදියක් නවතාගෙන එම වාහනය දෙස බලාගෙන සිට ඇත. මන්ත්‍රීවරයා යතුරු පැදියෙන් ගමන් කරමින් සිටිය දී එම කාන්තාව බේරීමට යෑමේදී නවතා තබූ වාහනයේ සහ පොලිස් සැරයන්වරයකු ගමන් කරමින් තිබූ තවත් යතුරු පැදියක ගැනී අනතුරට පත් වී තිබේ.

අනතුරත් සමඟ යතුරු පැදිය නවතාගෙන බලාගෙන සිටි කාන්තාව පළා ගොස් ඇතැයි ද, අනතුරක් වළක්වා නොගැනීමේ චෝදනාවට පොලිස් සැරයන්වරයා අත්අඩංගුවට ගත් බව ද පොලිසිය කියයි.