නිමල කොඩිතුවක්කු
දේශපාලන පළිගැනීම්වලට ලක්වූවන්ට සහන සැලසීමේ පදනම මත යැයි පවසමින් අධ්‍යාපන පරිපාලන සේවා ව්‍යවස්ථාවට පටහැනි ලෙස නිලධාරීන් පත්කිරීමට රජය උත්සාහ ගන්නා උත්සාහයට විරෝධය පළ කරමින් බදාදා (23) දිනයේ ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවා වෘත්තීය සංගමය ලෙඩ නිවාඩු දමා වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වීමට තීරණය කර ඇත.
ඒ අනුව අධ්‍යාපන අමාත්‍යාංශය, විභාග දෙපාර්තමේන්තුව, පළාත් අධ්‍යාපන අමාත්‍යාංශ සහ කලාප අධ්‍යාපන කාර්යාලවල සේවයේ නියුතු ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවා වෘත්තීය සංගමයේ නිලධාරීන් 2800ක් මෙලෙස සේවයෙන් ඉවත්ව වෘත්තීය ක්‍රියාමාරගවල නිරත වන බව එම සංගමයේ භාණ්ඩාගාරික එබ්ලිව් වසන්ත කුමාර මහතා පැවසීය.
කොළඹ මහජන පුස්තකාල පරිශ‍්‍රයේදී අද(21) මාධ්‍ය හමුවක් කැඳවමින් හෙතෙම මේ බව පැවසීය.
දේශපාලන පළිගැනීම්වලට ලක්වූවන්ට සහන සැළසීමේ පදනම මත යැයි පවසමින් පුද්ගළයන් 500කට ආසන්න පිරිසකට අධ්‍යාපන පරිපාලන සේවයේ පත්වීම් ලබාදීමට වත්මන් රජය උත්සාහ ගන්නා බවත් විධිධ චෝදනා වලට ලක්වූ සුදුසුකම් නොමැති බොහෝ පිරිසක් ඒ අතර වන බවත් කුමාර මහතා කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උගතුන් යයි කියාගන්න හාදයෝ හරියටම අනිද්දා ලෙඩවෙනවා ???? මේ අය හොදයි පුරවැසියන්ගේ අනාගතේ ලෙඩ සෙවීමට, පුදුම දැනුමක්නේ තියෙන්නේ හරියටම අනිද්දා ලෙඩ වෙති ????ඇත්තෙන්ම මොවුන්ව රෝහල්වලට අනියුක්ත කිරීම වද්දත් පලදායි වෙනු ස්ථිරය. මක්නිසාදයත් ඈත තියාම ලෙඩ හදුනාගැනීමේ හැකියාව තිබෙන නිසා.