IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


අධ්‍යක්ෂවරයා කාමරයක කොටු කළැයි හාඩි ආයතනය වහයි

වසන්ත චන්ද්‍රපාල

අම්පාර හාඩි  උසස් තාක්ෂණ ආයතනයේ නේවාසික සිසුන් පිරිසක් විසින් එහි අධ්‍යක්ෂවරයා  ඔහුගේ කාර්යාලයේ සිර කර තැබීමේ සිදුවීමකින්  පසුව හාඩි උසස් තාක්ෂණ ආයතනය දින නියමයක් නැතිව වසා දමා තිබේ.

හාඩි ආයතනයේ නේවාසික සිසුන් සහ නේවාසික නොවන සිසුන් අතර ගැටුමක් ඇතිවී ඇතැයි ද, ඉන් තුවාල වු සිසුන් පිරිසක් රෝහල් ගත කර ඇතැයි ද,  ප්‍රහාරය සම්බන්ධයෙන් සිසුන් 10 දෙනකු පොලිස් අත්අඩංගුවට පත්ව ඇතැයි ද එහි ආරංචි මාර්ග කියයි.

මෙම සිදුවිමෙන් අනතුරුව නේවසිකව සිටින සිසුන් අද පෙරවරුවේ    හාඩි ආයතනයේ අධ්‍යක්ෂ ඒ. බාරෙන් මහතා ඔහුගේ නිළ කාමරය තුල සිර කරගෙන සිටි අතර පසුව අමිපාර කොටිඨාස භාර පොලිස් අධිකාරී සාමන්ත විජේසේකර, අම්පාර මුලස්ථාන  පොලිස් පරීක්ෂක දයාල් ඉලංගකොන්  මහත්වරු පැමිණ දෙපිරිස අතර සාකච්ඡාවක් පැවැත්වීය.

උදෑසන සිට සිරකගෙන සිටි අධ්‍යක්ෂවරයා පොලිසියේ මැදිහත්වීමෙන් ආරක්ෂිතව පිටතට රැගෙන ආවේය.    



අදහස් (8)

අධ්‍යක්ෂවරයා කාමරයක කොටු කළැයි හාඩි ආයතනය වහයි

vidya Thursday, 13 July 2017 03:43 PM

අර ඉස්සර කල වගේ ගොවි හමුදාවක් හදන්න ඕනේ. විශ්ව විද්‍යාලයට යන්නට පෙර වැව් අමුණු ප්‍රතිසංස්කරණය කරන්න පුරුදු කරලා යවන්න ඕනේ.

:       117       35

aravinda Thursday, 13 July 2017 04:49 PM

ගුරුවරුන්ට ගරු කිරීමට නොදන්නා අයට මොන අධ්‍යාපනයක්ද? මේ අයට සදාකාලිකව මහජන බදු මුදලින් නඩත්තුවන ආයතන වල ඉගෙනීම තහනම් කල යුතුයි.

:       51       112

ධම්ම Thursday, 13 July 2017 05:16 PM

1973 වසරේ මෙහි මේ වාගේම සිසුන් දෙපිරිසක් අතරේ සිදුවූ ගැටුමක් නිසා පිරිසක් රෝහල්ගත කළා. තවත් පිරිසක් රිමාන්ඩ් කළා. දැන් විශ්‍රාමික දිවිය ගතකරන මට හිතෙනවා මොකක්ද ඒ කල පිස්සු වැඩේ කියා.

:       1       66

LalFriday, 14 July 2017 04:21 AM

මේ කොල්ලොත් ඔය වයසට ආවම ඔය විදියටම හිතයි.

:       0       12

සෙනෙවි Saturday, 15 July 2017 06:35 AM

එතුමා වයසට ගිය නිසා තමයි එහෙම කරන්නට ඇත්තේ...

:       1       0

chamal Friday, 14 July 2017 01:33 AM

මේ අධ්‍යක්ෂවරයා සිරකර තැබීමට ඔහු කල වැරැද්ද සොයන්න. සොයා බලා සේවය තහනම් කර උපරිම දඩුවම් දෙන්න. ඊට පස්සේ එන අධ්‍යක්ෂවරයා හරි එතකොට හොදින් හැසිරේවි.

:       1       8

Birty Friday, 14 July 2017 02:25 AM

ධම්ම මහත්තයෝ වයසට ගියහම ගොඩක් කට්ටියට හිතෙනවා තරුණ කාලේ කලේ පිස්සු වැඩ කියල. දැන් ඉතින් පිනක් දහමක් කරගෙන ඉන්න ලබන ආත්මේදී නිදුකින් ඉන්න.

:       32       12

Nuwan Friday, 14 July 2017 06:13 AM

මේවට මුල නිකන් ලැබෙන අධ්‍යාපනය සහ සෞඛ්‍ය වැනි අපේ රටේ පමණක් ලැබෙන පහසුකම්, පාසලේ දිනක් කට්ටි පනින ළමයෙක් ටියුෂන් පන්තිය මග අරින්නේ නැහැ. මේ රටේ වැඩිහිටියෝ වගේම පොඩි හිටියොත් ආණ්ඩුවෙන් දෙන දෙයක් විදියට අධ්‍යාපනය දකින්නේ. මම ඉන්න රටේ නිකන් දෙන අධ්‍යාපනයක් නැහැ මව්පියෝ දරුවෝ ඉතාම මහන්සි වෙනවා කැපවෙනවා අවශ්‍ය මුදල් සොයාගෙන අධ්‍යාපනය සාර්ථක කරගන්න, ඔවුන් අපේ දරුවන්ට වඩා ගව් ගණනක් ඉදිරියෙන් අධ්‍යාපනය අතින්. අපිට ක්‍රමවේදයක් අවශ්‍යයි නිදහස් අධ්‍යාපනය ලැබූ කෙනෙක් විශ්‍රාම යනවිට රටේ ආර්ථිකයට කොපමණ දායක වෙලාද කියල බලන්න.

:       0       315

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 667 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 323 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1112 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site