(සුජිත් හේවාජුලිගේ)
පාර්ලිමේන්තුවේ අධීක්ෂණ මන්ත්‍රීවරුන්ට හිමිවූ රුපියල් ලක්ෂ දෙකේ ප්‍රවාහන දීමනාව මෑතකදී රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍ය ධූර ලැබූ අයගෙන් කපා දැමූ බව ඉඩම් හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ඩබ්ලිව්.එච් කරුණාරත්න මහතා ලංකාදීපයට පැවැසීය.
ඒ මන්ත්‍රීවරු ඇමැතිවරු ලෙස පත් කෙරුණු කාලයේදීම දීමනාව ඉවත් කෙරුණු බව කී ලේකම්වරයා අධීක්ෂණ මන්ත්‍රීවරුන් ලෙස කටයුතු කරන සියලු දෙනාට දීමනාව දිගටම ගෙවන බවද ප්‍රකාශ කළේය.
පාර්ලිමේන්තුවේ අධීක්ෂණ මන්ත්‍රීවරුන්ට මේ දීමනාව ගෙවන්නේ කැබිනට් මණ්ඩලය ගත් තීරණයක් අනුව යැයිද කරුණාරත්න මහතා පැවැසීය.
අමාත්‍යංශ ලේකම්වරයා මේ බව පැවැසුවේ ඒ සම්බන්ධව අප කළ විමසුමකදීය.
කෙසේ වෙතත් ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණි ලොකුගේ මහතා තොරතුරු පනත යටතේ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයෙන් ගත් රුපියල් දෙලක්ෂයේ ප්‍රවාහන දීමනා ලබන අධීක්ෂණ මන්ත්‍රී ලැයිස්තුවේ මෑතකදී රාජ්‍ය ඇමැතිවරුන් ලෙස පත්වුණු අයගේ නම් ද තවදුරටත් ඇතුළත් වෙතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුංචිම පුංචි පැලැස්තරයක්. වහගෙන කෑවත්, අරගෙන කෑවත් සාගින්දරේ දුක් විඳින අහිංසකයින්ට පලක් නැහැ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වෙන්න කොටි ගණන් මුදල් වියදම් කළ මුදලාලිලාට ඇයි මෙතරම් සැප.
අධීක්ෂණ මන්ත්‍රීවරුන්ට රුපියල් ලක්ෂ දෙකේ ප්‍රවාහන දීමනාව. නමුත් රටට මොකුත් වෙලා නැහෙ. සාමාන්‍ය මිනිස්සු බස්වල දුම්රියවල පාපුරුවේ එල්ලිලා අනතුරුදායක ලෙස ගමන් කරන්නේ. මදිකමට අද ඇමති, නියෝජ්‍ය ඇමති, රාජ්‍ය ඇමති, අධීක්ෂණ ඇමති.