( ජේ.කේ.එල් චාමින්ද)
ගාල්ල බන්ධනාගාරය මගින් පාලනය වන බලපිටිය අධිකරණ භුමියේ පිහිටි සිරමැදිරිය තුළ රඳවා සිටි රැදවියන් දෙදෙනෙකු අද (17) අලුයම 4.35 ට පමණ සිරමැදිරියේ දොරකඩාගෙන පලාගොස් ඇත.
පලාගිය එක් රැදවියකුගේ පවුලේ අය විසින් ඔහු යළි රැගෙනවිත් භාරදි ඇති බැව් අහුන්ගල්ල පොලිසිය කියයි.
මෙසේ පැනගොස් ඇත්තේ අහුංගල්ල සහ මීටියාගොඩ පොලිස් ස්ථානයන් විසින් මත්‍ද්‍රව්‍ය සන්තකයේ තබාගැනීමේ චෝදනා මත අත්අඩංගුවට ගෙන බලපිටිය මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුව රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබු රැදවියන් දෙදෙනෙකි. මොවුන් දෙදෙනා තාවකාලිකව රැදවියන් රදවා තබන සිරමැදිරිය තුළ රඳවා සිට තිබේ.
. මොවුන් දෙදෙනා ඇතුලු රැදවියන් හත්දෙනෙකු අධිකරණ භුමියේ පිහිටි සිරමැදිරි දෙකක රඳවා සිට තිබේ. එක් සිරමැදිරියක රැදවියන් හතර දෙනෙකු හා අනික් සිරමැදිරියේ පැනගිය රැදවියන් දෙදෙනා හා තවත් රැදවියකු සිට තිබේ.
මෙම රැදවියන් දෙදෙනා අද (17) අලුයම බන්ධනාගාරයේ දොර කඩා පලාගොස් ඇතැයි පොලීසිය කියයි.
මෙම අවස්තාවේ බන්ධනාගාර නිලධාරින් දෙදෙනෙකු ද සේවයේ යෙදී සිට ඇතැයි ද බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි.
පලාගොස් ඇති රැදවියන් දෙදෙනාගෙන් එක් අයකු බලපිටිය බ්‍රාහ්මණවත්තේ පදිංචි පුද්ගලයෙකි අනික් රැදවියා මීටියාගොඩ හික්කඩුව ගාලු පාරේ පදිංචි කරුවෙකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd