(විනීතා එම් ගමගේ)
‘මම අධිකරණ ඇමැති විතරයි. ඇමැතිට බැහැ වැරදි කරපු අය හොය හොය දඬුවම් දෙන්න. අධිකරණ ඇමැති වුණාට එම කටයුතු මම බාරයේ තියෙන දෙයක් නොවේ’යැයි අධිකරණ හා විදේශ රැකියා ඇමැතිනී තලතා අතුකෝරල මහත්මිය ප්‍රකාශ කළාය.
දේශපාලකයින්ට දේශපාලනය කරනකොට ඕනෑම දෙයක් කියන්න පුළුවන්. ඒ වුණාට එහෙම කරන්න බැහැ යැයි ද අමාත්‍යවරිය කීවාය. අතුකෝරල මහත්මිය මේ අදහස් පළ කළේ අධිකරණ අමාත්‍යංශයේ අද (6) පැවැති උත්සවයක දී මාධ්‍යවේදියකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි. එහි දී සුනිල් හඳුන්නෙත්ති මන්ත්‍රීවරයා කර ඇති ප්‍රකාශයක් පිළිබඳව කළ විමසීමක දී අමාත්‍යවරිය මේ අදහස් පළ කළාය.
මෙහිදී ‘‘සරත් ෆොන්සේකා මහතා ප්‍රකාශ කරලා තිබුණා ජනරාල් ජගත් ජයසූරිය මහතා සම්බන්ධයෙන් චෝදනා තියෙනවා අපරාධ කරලා තියෙනවා. දේශිය අධිකරණයක් තුළින් සාක්ෂි දෙන්න සූදානම් කියලා. ඔබතුමිය සූදානම් ද දේශිය අධිකරණයක් පිහිටුවලා ඒ කරුණ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙන්න යැයි මාධ්‍යවේදියකු ප්‍රශ්න කළ අවස්ථාවේ ඇය පැවැසුවාය.
COMMENTS
කියනකොට එහෙමයි... නොකරනකොට මෙහෙමයි.... අපරාදේ හිටපු එක්කෙනා.....
විජයදාස මහත්තයා කිව්වෙත් ඔය කතාවමයි නේද......? අපරාදේ අහිංසකයා...
නව අමාත්‍යංශය භාරදුන්නේ.., අවශ්‍ය දේ අවශ්‍ය විදියට වෙන්න. දුෂණ වංචාවලට කොටුවෙලා ඉන්නේ තෝරු, මෝරු වගේම තල්මස්සු. ඔබතුමියගේ මටසිලුටු දෑතත් වැඩේට හරියන්නේ නැහැ වගෙයි. ඉතිරි අවුරුදු ගාණත් ඔයවගේ බයිලා ගහලම ගෙවිලා යාවි.... වැඩක් නම් වෙන එකක් නැහැ.
කලින් හිටපු කෙනත් ඕකමනේ කිව්වේ! එහෙනම් මොකටද එයාව මාරු කලේ!
බැරිමනම් පුළුවන් කාට හරි දෙන්න... එතකොට වැඩේ ඉවරයිනේ...
වැඩේ හරියට කලොත් මල්, නැත්නම් ගල් තමයි.
හැමදේම කරන්න එපා. අසරණ ශ්‍රමිකයන්ගේ සල්ලි වලට කෝටි ගණනින් කළයි කියලා ඔබම කියපු ඔබේම තැන ඉන්න හොරුන් වංචනිකයින් දූෂකයින්ගේන පටන් ගන්න. හොයලා බලන්නත් ලේසියිනේ. ඒවා දේශපාලන පලිගැනිමි නෙමෙයි. හොරුන්ව තියාගෙන සිටිම තමයි දේශපාලනය කිරිම තියන්නේ.
වැරදි කරපු අය හොය හොය දඬුවම් දෙන්න පුළුවන් අයට ඒක හරියට කරන්න අදාළ නිති ටික ඉක්මනින්න හැදුවනම් ඒ ඇති. අනිත් අය හරියට වැඩේ කරයි.
ඔබතුමිය හැමදේම කරන්න යන්න එපා . විෂයට අදාල දේ කරන්න, දන්නේ නැති දෙයක් ඇත්නම් මහින්ද මහතාගෙන් සහ සරත් එන් සිල්වා මතාගෙන් අහගන්න.