තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ
අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් වන චෝදනා පත‍්‍රය සමාජ සවිබල ගැන්වීමේ සහ සුබසාධන නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා වෙත අද (08) ශ්‍රේෂ්ඨාධිකරණය විසින් බාර දෙන ලදී.
අධිකරණයට අපහාස කරන ලදැයි සදහන් චෝදනා වලට තමා නිවැරදිකරු යැයි නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා එහිදී ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කියා සිටියේය.
ඒ අනුව අදාළ චෝදනාව සම්බන්ධයෙන් වන විභාගය ලබන සැප්තැම්බර් 05 වැනිදා දින සිට සිදු කිරීමටද ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කළේය.
ශ්‍රේෂ්ඨාධිකරණ ලේඛකාධිකාර ප‍්‍රදීප් මහමුතුගල මහතා විසින් විත්තිකාර නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතාට එරෙහි චෝදනා පත‍්‍රය විවෘත අධිකරණය හමුවේ කියවා බාර දෙන ලදී.
එම චෝදනා පත‍්‍රයේ මෙසේ සඳහන් වේ.
විත්තිකරු ශ්‍රී ලංකා ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුව සිටිමින් සමාජ සවිබල ගැන්වීමේ සහ සුබසාධන නියෝජ්‍ය අමාත්‍ය ධුරය දරමින් 2017 අගෝස්තු 21 වැනි දින අග‍්‍රමාත්‍ය නිල නිවස වන අරලියගහ මන්දිරයේදී පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමකදී මාධ්‍ය වෙත ලබා දුන් ප‍්‍රකාශයක් මඟින් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 105.3 වගන්තිය අනුව ශ්‍රේෂ්ටාධිකරණයට අපහාසයක් සිදු කර ඇති බවට නුගේගොඩ , ගංගොඩවිල ,වලව්වත්ත පාර් ,අංක 43 /11 දරණ ස්ථානයේ පදිංචි රණවක සුනිල් පෙරේරා නැමැත්තා සහ මාගල්කන්දේ සුදන්ත හිමි විසින් ශ්‍රේස්ඨාධිකරණයට පැමිණිලි ඉදිරිපත් කර ඇත.මෙම පැමිණිල්ල 2017 නොවැම්බර් 21 සහ දෙසැම්බර් 14 යන දිනයන්හී අධිකරණය හමුවේ කැඳවා ඊට අදාළව එම්.ටී.වී චැනල් පෞද්ගලික සමාගම කැඳවා අදාළ වීඩියෝපට විත්තිකරු හමුවේ අදාළ ප‍්‍රකාශ පෙන්වා ඇත.
ඒ අනුව ඒ අගවිනිසුරු ඇතුළු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලේ මතය වී ඇත්තේ පැමිණිලිකාර පාර්ශවයේ ප‍්‍රකාශ අදාළ වීඩියෝ පටයේ සඳහන් වන බවය.
ඒ අනුව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 105.3 යන වගන්තිය යටතේ විත්තිකාර නියෝජ්‍ය අමාත්‍යවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් වන පැමිණිල්ල විභාගයට ගැනීමට විනිසුරු මඩුල්ල තීරණය කර ඇත.
මෙයින් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 105.3 වගන්තිය ප‍්‍රකාරව ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් වරදකරු කොට විත්තිකරුට දඬුව්ම නොකිරීමට හේතු දක්වන ලෙසට නියෝග කරමින් මෙම ආඥාවක් නිකුත් කරමි.
ඡායාරූප - ළහිරු හර්ෂණ


COMMENTS
ඔය එහෙම කිව්වට අධිකරණයට අපහාස කරලා කාටවත් බේරෙන්න බෑ. අධිකරණයේ අවසාන තීරණෙන් වැරදිකරු උනොත් යහපාලන නාමෙන් හිරේ යන්න.
කව්ද හරි, කව්ද වැරැදි නොව මොකක්ද හරි? මොකක්ද වැරැදි කියලා හොයලා බලන්න.
රන්ජන් රමාණයකට ජය වේවා!
අධිකරණයට අපහස කිරීමේ එස්. බී ගෙ උත්සහය හා ඥාණසාර හිමිගෙ උත්සාහයට වඩා මෙය වෙනස්. මොකද රන්ජන් මතු කරන්නෙ නීතිය හා සම්බන්ධ ආයතනික පද්දතිය ඇතුලෙ පවතින ජරා ජීර්ණ මහජන පීඩක ස්වභාවය පිළිබඳවයි. එහි ඉලක්කය වඩා මහජනහිතවාදී නව අධිකරණ ක්‍රමයක අවශ්‍යතාවයයි. එය මේ රටේ මහජන නියෝජිතයින් හා ජනතාව කථා නොකර වෙන කවුද කථා කරන්නෙ. එය අධිකරණයට අපහස කිරීමක් ලෙස අර්ථ දැක්වුවොත් හෙට දවසෙ නීතිය කෙරේ මහජන වි්‍ස්වාසය නැතිව යාම වලක්වන්න බෑ.
රන්ජන්ගෙ ප්‍රකාශයේ සත්‍යාසත්‍යබව සොයනවනම් කරන්න තියෙන්නෙ විනිසුරුවන්ගේ සහ නීතිඥයින්ගේ ක්‍රියා කලාපය සෙවීමට පූර්ණ බලැති කොමිසමක් පත් කිරීමයි. එයාලගෙ වත්කම් , බැංකු ගිණුම් සම්බන්ධතා පරික්ෂා කළොත් වෙන්නෙ මොනවද බලන්න පුළුවන්.
අවශ්‍ය වන්නේ අදිකරණයේ ගෞරවය ආරක්ෂා කිරීමට දඩුවම් දීම නොව එහි ඇති අඩුපාඩු සකස් කර ගැනීම. මෙය අප රට දුප්පත් රටක් ප්‍රදානම හේතුව වී තිබෙනවා. තවද මෙය පොලිසිය සහ පාර්ලිමේන්තුව දක්වා පැතුරුණු තත්වයක්. රටේ උතුම් විය ස්ථාන වල නුසුදුසු මිනිසුන් යාම නිසා මෙම සෝචනීය තත්වය අපගේ මාත්තු බුමියට හිමිවී ඇත.
ඔව් ඔව් ඔබ නිවැරදිකරු අපි වැරදි කරු
ඔව් ඔව් ඔබ නිවැරදිකරු අපි වැරදි කරු.
දේශපාලන කෝණයෙන් නැතිව උසාවිය දූසිතද නැද්ද කියලා බලන්න.
නමින් පමණයි නළුවා. ඇඳුම් පලන්දුමෙන් ඇමරිකන් නළුවන්ගේ අහලකටවත් එන්න බැහැ
එදා හිටපු ජනාධිපති මහින්ද මහත්තයා ගේ කාලේ ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් දුන්නා පෙට්‍රල් රුපියල් 100 ට දෙන්න කියලා. එයා ඒක ක්‍රියාත්මක කලේ නැහැ. ඒක අධිකරණයට කරපු අපහාසයක් නෙවෙයිද?
නඩු දෙක පැවරුව ඉත්තන් දෙන්නා කාගේ බළල් අත් ද කියලා අපි දන්නවා. ඒ වගේම කලුකෝට් සංගමේට රන්ජන් වගේ යුක්තිය අගයන මිනිසුන් නිහඬ කරන්නට උවමනා බවත් අපි දන්නවා. රන්ජන්, අපි ඔබ සමගයි.
ලජ්ජාවෙන් බේරෙන්න ඔයාව ඕනෙනම් , මාසයක් දෙකක් හිරේ යවල ගනියි. හාමුදුරුවෝ වගේ අවු 6 ක් , යවන්නේ නැහැ.
කලුකොට් කාරයෝ දුෂිත බව ඉස්කොලේයන පොඩි එකා පවා දන්නවා , දිනපතා පත්තරේ බලනවා නම් ඕනේ තරම් උදාහරණ තිබෙනවා.
කරුණාකරලා වික්ටර් අයිවන් මහත්තයහේ "නොනිමි අරගලය" පොත් කියවල ඉන්නවද අපේ හිටපු අගවිනිසුරුගේ ඉඳල ඔය නීති ආයතනවල සම-හරක් අප්පුහාමිලාගේ විස්තර ටික දැනගන්න .... පුලුවන්නම් අයිවන් මහත්තයටත් නඩු දාන්න පුළුවන්නේ .... ඔය එයාගේ නමින්ම පොතක්ම තියෙන්නේ ............!
හොඳ තර්කයක්.....