(අංජුල මහික වීරරත්න)
එක්සත් ජාතික පෙරමුණේ මැති ඇමතිවරුන් හා මන්ත්‍රීවරුන් ජනතා සේවය කිරීමේදී මෙන්ම අදහස් ප්‍රකාශ කිරීමේදී දැඩි වගකීමෙන් යුතුව කටයුතු කළ යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී අද(27) පැවසීය.
එක්සත් ජාතික පක්ෂ නායක සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්විය.
මැති ඇමතිවරුන් කොකෝන් මත්ද්‍රව්‍ය භාවිත කරන බවට මහා මාර්ග සහ මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා කර තිබූ ප්‍රකාශය පිළිබඳව ද කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී අවධානය යොමු කෙරිණි.
වෙනත් පක්ෂවල මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් ක්‍රියාකිරීමට තමන්ට අයිතියක් නැති බව කෘත්‍යාධිකාරී මණ්ඩලයට සඳහන් කර ඇති අග්‍රාමාත්‍යවරයා අවශ්‍ය නම් රහස් පොලිස් වාර්තා පදනම් කරගනිමින් රජයක් ලෙස අදාළ මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් ක්‍රියාකළ හැකි බවද පෙන්වා දී තිබේ.
කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී ආවේගාත්මක ලෙස අදහස් පළ කර ඇති රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පවසා ඇත්තේ තමන්ට සාමාජිතයන් ලක්ෂ 7ක් සිටින ගිණුමක් මුහුණුපොතේ ඇති බවත් ජනප්‍රිය දේශපාලකයෙක් ලෙස තමන් කියන කරුණු ගැන අවධානය යොමු කළ යුතු බවත්ය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට අමතරව එක්සත් ජාතික පක්ෂ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් ද එහිදී වගකීමෙන් අදහස් ප්‍රකාශ කිරීමේ වැදගත්කම පිළිබඳව පවසා තිබේ.
කෘත්‍යාධිකාරී මණ්ඩලය පැවැත්වෙද්දී රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා අවේගාත්මකව අදහස් පළ කරමින් ඉන් පිටව යාමට උත්සාහ කළ බවද වාර්තා වේ.
COMMENTS
ඔව් ඔව් අපට මතකයි මොකෙක්ද ගවයෙක් කිව්වා තරුණ තරුණියන්ට නොමිලේ බ්‍රේස්ලට් දෙනවා කිව්වා.. ෆොක්ස්වැගන් කර්මාන්ත ශාලාවක් ගැන. එතකොට ගෙවල් වටේට වයිෆයි නොමිලේ දෙනවා කියලා. එහෙම කිව්වේ ස්ථිරවම ගවයෙක් වෙන්න ඇති.. මොකද කකුල් දෙකේ ගවයන්ට, මී හරකුන්ට කිසිඳු වගකීමක් නැහැනේ.. ඔහේ කියවනවානේ. ඉතින් මේ ගොයියාගේ කතාව 100% නිවැරදියි.
මහ බැංකු අධිපති පත්කරද්දිත් වගකීමෙන් වැඩකරන්න තිබුණනේ...
මැති ඇමතිවරුන් කොකෝන් මත්ද්‍රව්‍ය භාවිත කරන බවට මහාමාර්ග සහ මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා කර තිබූ ප්‍රකාශය පිළිබඳව රජය අවධානය යොමුකොට වැරදිකරුවන් වන ඇමැතිවරුන් සහ මන්ත්‍රීවරුන්ගේ වෛද්‍ය පරීක්ෂාවක් කිරීමට පියවර ගැනීම වැදගත්ය. රන්ජන් නළුවකු බව සැබෑය. නමුත් ඔහු ප්‍රසිද්ධියේ කරන ලද ප්‍රකාශය පිළිබඳව සොයා බැලීම වටී. සමහර උගත් යැයි කියාගන්න ඇමතිවරු නායකයා එලවන්නට ක්‍රියාකරද්දී රන්ජන් පක්ෂය සහ නායකයා වෙනුවෙන් සෑම අවස්ථාවකදීම ජයග්‍රහණයේදී සහ පරාජයේදී සිටි කෙනෙකි. එමනිසා එක්සත් ජාතික පක්ෂයේ කීර්තිනාමයට කැළලක් කරතිබෙන කුඩු අැමතීන්ට දඬුවම් දිය යුතුය. පාර්ලිමේන්තුවේ සිටින කුඩු ඇමතිවරුන් ආරක්ෂා කරන්නේ නම් එය රටට මහත් කැළලකි...
සුත්තර පුංචා කියලයි මට කියන්නේ... ඇරියොත් කට ටොම් පචමයි කියන්නේ... එබැවින් කෙසේ වගකීමෙන් කියන්නේ... එනිසා නමත් මහදැනමුත්තා වුනානේ...
ඔබතුමා ඉතින් ඉංග්‍රීසියෙන් හිතල සිංහලෙන් කියන කෙනා නේ ඔබතුමාගේ දක්ෂ කම කියන්නේ කිසිම කෙනෙකුට නොතේරෙන විදියට ඇඟ බේරාගෙන කතා කරන එක තමයි.............