මිල අධික ඖෂධ වර්ග රැසක මිල ලබන ජුලි මාසයේ දී අඩු කිරිමට පියවර ගන්නා බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.
මේ අනුව ඉතා මිල අධික පිළිකා වැනි ඖෂධ වර්ග රැසක මිල ලබන ජුලි මාසයේ දී අඩු කිරීමට පියවර ගෙන ඇත.
ප්‍රථම අදියර යටතේ අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 48 මිල අඩු කිරිමට පියවරගෙන තිබිණි.
දෙවන අදියර යටතේ මිල අධික ඖෂධ වල මිල අඩු කිරීමට තමන් තීරණය කළ බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
ඖෂධ මිල අඩු කිරීමෙන් පසු පෞද්ගලික රෝහල් වල මිල ගණන් සංශෝධනය කෙරේ. සෞඛ්‍ය සේවා තුළින් වැට් බදු ඉවත් කිරිම නිසා ගැටලු රැසක් විසදුන බව පෙන්වා දෙන සෞඛ්‍ය අමාත්‍යවරයා එම නිසා රෝහල් මිල නියාමනය කිරීමටද තීරණය කර ඇත.
සිදුවන ඖෂධ මාෆියාව නැති කිරීමට පියවර ගන්නා බව ද අමාත්‍යවරයා සඳහන් කළ අතර පිළිකා ඖෂධ සදහා තිබූ මාෆියාව නතර කිරිමට තමන්ට හැකි වූ බවත්, රුසියාවෙන් ආනයනය කළ පිළිකා එන්නතෙන් රෝගීන්ට සංකූලතා මෙතෙක් ඇති වූබවට වාර්තා වී නොමැති බවත් සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 04
675
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
551
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
446
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
අත්‍යවශ්‍ය ඖෂධ කිහිපයක මිල අඩු කිරීමට පියවර