IMG-LOGO

2025 ඔක්තෝබර් මස 25 වන සෙනසුරාදා


අත්අඩංගුවට නොගන්නැයි ඥානසාර හිමිගෙන් පෙත්සමක්

( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)

සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය විසින් තමා සම්බන්ධයෙන් පවත්වන විමර්ශනයන් අවසන් වන තෙක් හා ඒ සම්බන්ධයෙන් නීතිපති ගේ උපදෙස් ලැබෙන තෙක් තමන් අත්අඩංගුවට ගැනීම වළක්වාලන අතුරු නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමියෝ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළහ.

එම කොට්ඨාස විසින් තමන් අත්අඩංගුවට ගත හොත් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වීම සිදුව ඇති බවට ප‍්‍රකාශ කරන්නැයිද ගලගොඩ අත්තේ ඥානසාර හිමියෝ සිය පෙත්සමින් ඉල්ලා සිටිති.

ඥානසාර හිමියන් විසින්  ගොනු කළ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් සංවිධානාත්මක අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයා ඇතුළු සිව්දෙනෙකු නම් කරනු ලැබ සිටිති.

පසුගිය දිනවලදී දිවයිනේ වාර්තා වූ සිද්ධීන් කිහිපයක් සම්බන්ධයෙන් තමන්ට චෝදනා එල්ල වී ඇති බවත් ,ඒ සම්බන්ධයෙන් පොලීසියේ සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය  විසින් විමර්ශන කටයුතු සිදු කරමින් පවතින බව දැනගන්නට ලැබුණු බව පෙත්සමේ සඳහන් වේ.

එම විමර්ශනයන්ට අවසන්ව නොතිබියදී තමන් අත්අඩංගුවට ගැනීමට වගඋත්තරකාර සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය  කටයුතු කරන බවත් ,පෙත්සම්කාර ඥානසාර හිමියෝ සිය පෙත්සමින් පෙන්වා දෙති.



අදහස් (7)

අත්අඩංගුවට නොගන්නැයි ඥානසාර හිමිගෙන් පෙත්සමක්

tony-maharagama Tuesday, 13 June 2017 11:34 AM

දැන් දැන් රටේ සිදුවෙන්නේ තනිකරම නාඩගම්. කතාව , තිර රචනය වගේම අධ්‍යක්ෂණය කරන්නෙත් බවලත් රටේ ලොකු ලොකු ඇත්තෝ. රඟපෑම විතරයි ඔය කුලියට කරන උදවිය කරන්නේ. ක්‍රමක්ක්‍රමයෙන් රට ආයෙමත් අගාධයකටයි තල්ලුවෙන්නේ. දේශපාලුවෝ කියන්නේ ' තනිකරම ගුණමකුවෝ ' කොටසක් කියන එක තවදුරටත් ඔප්පු වුණා.

:       24       26

ලුම්බිණි Wednesday, 14 June 2017 12:37 AM

අපේ හාමුදුරුවෝ ඔය තරම් නීතියට බය මොකද?

:       54       144

amali Wednesday, 14 June 2017 03:36 AM

ලුම්බිණි රවුෆ් හකීම් නම් නීතියට බය නැහැ වගේ නේද.

:       220       75

Padmini Wednesday, 14 June 2017 04:32 AM

නීතියෙන් ඉවතට රිංගමින් රටම විනාශකළ දේශපාලකයොයි, නීති නමන කළු කෝට් කරුවන් ටිකයි නැවත රට අගාධයට ගෙන යමින් සිටියි. අහිංසක ජනතාවට නම් අබ සරණම තමයි.

:       13       0

lanka Wednesday, 14 June 2017 05:07 AM

කොච්චර සද්දේ දැම්මත් බෙරය ඇතුලේ හිස්...

:       0       8

sachith Wednesday, 14 June 2017 05:07 AM

නීතිය හැමෝටම එක වෙන්න ඕනේ... අන්තවාදී ලෙස වැඩකරන දේශපාලකයෝ කොච්චර ඉන්නවද? මේ ලඟදී තේ ෆැක්ටරි එකකට ගිනි තිබ්බ කිවේ. ඒවා හදලා වීඩියෝ අන්තර් ජාලෙටත් දාලා ඉවරයි. මේවා දන්නේ නැති විදේශිකයෝ හිතන්නේ අපිත් ජාතිවාදී කලබල කරනවා කියලා...

:       0       11

sena Wednesday, 14 June 2017 05:51 AM

මොනවා වුණත් අපි ගැන නිකමට හරි කතාකරන්න ඉන්නේ උන්වහන්සේ විතරයි...

:       15       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1425 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1297 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 468 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site