(ඉන්දිකා රාමනායක)
බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීම සදහා රට පුරා කි‍්‍රයාත්මක කළ මෙහෙයුමේ දී මසක් තුළ අත්අඩංගුවට ගත් රියදුරන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් රුපියල් කෝටි 19 ට ආසන්න මුදලක් රජයට උපයා දී ඇති බව රථවාහන පොලිසිය කියයි.
ඉකුත් ජුලි මස 5 වැනි සිට අගෝස්තු මස 5 වැනි දින දක්වා කි‍්‍රයාත්මක කළ මෙම මෙහෙයුමේ දී බීමත් රියදුරන් 7318 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් අධිකරණයට ඉදිරිපත් කරමින් මෙම මුදල් උපයාගෙන ඇති බව රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව බාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.
මෙම මෙහෙයුමේ දී වැඩිම පිරිසක් අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ ප‍්‍රදේශයේ බවත් මේ අතර වැඩි පිරිසක් ති‍්‍රරෝද රථ රියදුරන් හා යතුරුපැදිකරුවන් බවද අජිත් රෝහණ මහතා කීය.
රථවාහන පාලනය හා මාර්ග ආරක්ෂාව බාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාගේ උපදෙස් මත එහි අධ්‍යක්ෂ පොලිස් අධිකාරි ඉන්දික හපුගොඩ මහතාගේ මෙහෙයවීමෙන් මෙම මෙහෙයුම් අඛණ්ඩව තවදුරටත් කි‍්‍රයාත්මක කෙරේ.
2025 නොවැම්බර් මස 17
23
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
869
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2505
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
අත්අඩංගුවට ගත් බීමත් රියදුරන්ගෙන් කෝටි 19 ක් රජයට
Raveendra Monday, 05 August 2019 10:43 AM
ඒ කියන්නේ සල්ලි තියෙනවා නම් බීලා වාහන පදවන්න පුළුවන් අහුවුනොත් දඩේ ගෙව්වා එලියට ආව ඒකද මෙමගින් අදහස් වන්නේ? දඩුවම දඩේ පමණද? රියදුරු බලපත්‍රය තහනම් නොකරන්නේද? අපට මෙය නොතේරෙන නිසයි මෙහෙම අහන්නේ. අනාගතේ දවසක බිලා රිය පැදවිමේදී අනතුරක් කර ජිවිත හානියක් උනත් දඩේ ගෙව්වා එලියට ආව කියයිද මන්ද? මේ පිලිබදව අවංකව සේවය කරන පොලිසියේ මහත්මයෙක් මෙය දුටුවොත් අපව දැනුවත් කරන මෙන් ඉල්ලා සිටින්නෙමු..
රවින් Monday, 05 August 2019 01:54 PM
බොහොම මදි. අඩුමගානේ කෝටි 190ක් වත් දඩ ගහන්න තිබුනේ. තමන්ගේ වරදට නිසි දඬුවම් ලැබුණාම තේරෙයි නීතිය කියන්නේ මොකක්ද, එයින් වන ප්‍රයෝජන ගැන... වෙනත් මත්ද්‍රව්‍ය භාවිතා කර රිය පදවන්නවත් නීතිය හමුවට ගෙන එන්න.