IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


අත්අඩංගුවට ගත් දිවුලපිටි බන්ධනාගාර නියාමකට ඇප


 
 
(ටෝනි කරුණනායක)
 
ශ්‍රමදානයකින් පාරක් අළුත්වැඩියා කරද්දී දිවුලපිටිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට සහ ග්‍රාමෝදය සභාපතිවරයකුට පහරදී සභාව සතු මෝටර් ගේඩරයට අලාභ කළැයි කියන සැකකාර බන්ධනාගාර නියාමකවරයාව දිවුලපිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අද (26) මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.


අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුව රුපියල් ලක්ෂය බැගින් වු ශරීර ඇප දෙකක් මත මුදාහරින ලෙසට මිනුවන්ගොඩ වැඩබලන මහේස්ත්‍රාත් අතුල ගුණසේකර මහතා නියම කළේය.


ඇපකරුවන් දෙදෙනා ළඟම ඥාතීන් විය යුතු බවටත් ඇපකරුවන් ඥාතීන් බවට ග්‍රාම නිලධාරී මගින් තහවුරු කළ යුතු බවටත් නියම විය. දිවුලපිටිය ඉහළ මඩම්පැල්ල පදිංචිකරුවෙකු වු සිදත් දොළපිල්ල නැමැත්තාට මෙසේ ඇප නියම කෙරුණි. 


ඉතුත් 22 වැනිදා එම පහරදීම සිදුකර තිබු අතර සැකකරුව අත්අඩංගුවට ගන්නා ලෙස දිවුලපිටිය පොලිසියට බලකරමින් 200කට ආසන්න පිරිසක් අද (26) පෙරවරුවේ දිවුලපිටිය නගරයේ උද්ඝෝෂණයක ද නිරත විය. 


නඩුව යළි අගෝස්තු 7 වැනි දා  කැඳවීමට නියම කෙරිණි.



අදහස් (0)

අත්අඩංගුවට ගත් දිවුලපිටි බන්ධනාගාර නියාමකට ඇප

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 66 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 724 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 348 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site