මුදිතා දයානන්ද
ආණ්ඩුව පත්වුණාට පස්සේ ඇවිත් ඇමැතිකම් අරගෙන, එහි වරප්‍රසාද සියල්ල භූක්ති විඳිමින් තමන්ගේ පාක්ෂිකයන්ටත් රැකියා ලබාදුන්න සමහරු දැන් බොරු හේතු හදාගෙන පොහොට්ටුවට යන්න හදනවා යැයි බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා පුනරුත්තාපන රාජ්‍ය ආමත්‍ය අජිත් පී. පෙරේරා මහතා අද (1) පැවසීය.
පිටකෝට්ටේ සිරිකොත මන්දිරයේ දී පැවති එක්සත් ජාතික පක්ෂයේ මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා මෙසේ පැවසීය.
සමහරු හිතනවා පොහොට්ටුව සමඟ එකතු වීමට මේක තමයි හොඳම කාලය කියලා. එහම හිතලා ඔවුන් මේ ආණ්ඩුව අප්‍රසාදයට ලක්වන වැඩ කරන්න පටන් අරන්. පසුගිය පළාත් පාලන මැතිවරණ සමයේ එස් බි. දිසානායක ඇමැතිවරයා මාස දෙකක්ම අපේ රටේ 14 ලක්ෂයක් පමණ සමෘද්ධිලාභීන්ට දීමනාව දුන්නේ නැහැ. ඒ වගේම වැඩිහිටි දීමනාව රුපියල් දෙදාහ දුන්නෙත් නැහැ. මෙහෙම කරන්න පුලූවන්ද යහපාලනය දිගට පවත්වාගෙන යන්න කැමති කෙනෙකුට සම්මුතිවාදි ආණ්ඩුවේ සාර්ථකත්වය ප්‍රාර්ථනා කරන කෙනෙකුට යැයි ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
COMMENTS
මේවට තමයි කියන්නේ අහක ඉන්න නයි ඔඩක්කුවේ දාගෙන කනවෝ කනවෝ කියලා බෙර ගහන්නේ...
මේ උන්දැලා ඔක්කොම තම තමන්ටම "නිපන්දු" (නො බෝල්) දාගන්න ගමන් පුරවැසියන්ට ඔක්කොම දාන්නේ යෝකර්. දැන් නිකන් බොරුවට "බයිලා තප්පුලනවා."...
සමෘද්ධි ලාභීන්ගේ දීමනාවෙන් තමයි ගෙවල් හදන්නේ. අපෝ මෙයා එකවත් දන්නේ නැහැනේ. මෝඩයා වගේ හිනාවෙලා යටිමඩි ගහන්න ටියුෂන් දෙන්න පුළුවන් කෙනෙකුට ඔහොම කතාකරන එක වැරදියි. හොරවැඩ කරලා මාට්ටු වෙනහින්දා තමයි යහපාලනෙට එකතු වුනේ. තව කීදෙනෙක් ඔයගණයට අයත්ද කියන එක පොදු මහජනයාට බාරයි.
මේ කෑගහන කෙනත් ෆුට්නොට් කල්ලියේ සාමාජිකයෙක් නේද?
දැන් තමයි නියම බලු පොර දකින්න ලැබෙන්නේ...
අගමැති තුමා ඉවත් වෙලා සුදුසු කෙනෙකුට තනතුර දීලා පක්ෂය ආරක්ෂා කරගැනීම තමයි කලයුතු හිතුවක්කාරී ලෙස කටයුතු කලොත් අනාගතයක් නැති වෙයි නේද.?