(හර්ෂණ තුෂාර සිල්වා)
පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් විශිෂ්ට ජයක් ලැබූ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට රාජ්‍ය නායකයෝ කිහිපදෙනෙක්ම අද (7) සුබපැතුම් එක් කළහ.
මාලදිවයිනේ ජනාධිපති ඊබ්‍රහිම් මොහොමද් සෝලි, උප ජනාධිපති ෆයිසල් නසීම්, නේපාලයේ අග්‍රාමාත්‍ය කේ.පී. ෂර්මා ඕලි යන රාජ්‍ය නායකයන් දුරකතන ඇමතුම් ලබාදෙමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට සුබ පැතුම් එක් කර තිබිණි.
ඔස්ට්‍රේලියාන් අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් ද සුබ පැතුම් එක් කළ බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කර තිබිණි.
දුරකතන ඇමැතුම් දුන් රාජ්‍ය නායකයන් සියලු දෙනාට මෙන්ම සුබ පැතුම් එක් කළ නායකයන්ට ද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ට්විටර් පණිවුඩ නිකුත් කරමින් ස්තූතිය පළ කර තිබිණි.
ශ්‍රී ලංකාවට සහ මාලදිවයිනට බලපාන ද්විපාර්ශ්වීය ලැදිකම් සහ අභිලාෂ සම්බන්ධයෙන් සමීපව කටයුතු කිරීමට සූදානම් වන බව මාලදිවයිනේ ජනාධිපතිවරයාට සහ උප ජනාධිපතිවරයාට ස්තූතිය පළ කරමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය ට්විටර් පණිවුඩයේ සඳහන් කර තිබිණි.
ඔස්ට්‍රේලියා අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන්ට ද, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ස්තූතිය පළ කර තිබිණි.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට මුලින්ම සුබපැතුම් එක් කළේ අසල්වැසි ඉන්දියාවේ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ය. මැතිවරණ ප්‍රතිඵල නිකුත් වන විටදීම දුරකතන ඇමතුමක් දෙමින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මහින්ද රාජපක්ෂ මහතාට සුබ පැතුම් එක් කළේය.
‘කොවිඩ්-19’ වයිරස වසංගතයෙන් එල්ල වූ අභියෝග මධ්‍යයේ වුවද සාමකාමී අයුරින් සහ සාර්ථකව මැතිවරණයක් පැවැත්වීම සම්බන්ධයෙන් ඇමෙරිකා එක්සත් ජනපදය, ශ්‍රී ලංකාවට ඊයේ සුබපැතුම් එක් කළේය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
අගමැති මහින්දට රාජ්‍ය නායකයන්ගෙන් සුබපැතුම්
kamal Saturday, 08 August 2020 08:18 AM
චීනයේ බැංකුත් ලෑස්තිවෙලා ඇති දැන් උගස් බඩුගන්න.
ranja304 Saturday, 08 August 2020 08:45 AM
තාම කිසිම ධනවත්, බලවත්, බුද්ධිමත් රටකින් ආශීර්වාදයක්, ආරාධනාවක් තාම ලබාගෙන නැහැ. මුලු ලෝකයම විරුද්ධ දෙයක් තමයි පවුල්වාදය...!!!
bandula Saturday, 08 August 2020 09:57 AM
බහුතරය ඉන්නේ ආඥාදායකත්වයේ මාවතේ...
Sanjeewa Saturday, 08 August 2020 09:57 AM
කවුරු ආවත් දැන් වෙන විකල්පයක් නැහැ. රට තියෙන්නෙ 0 වේ...
විජිත් Saturday, 08 August 2020 10:39 AM
බයියනේ , දැන් ලැහැස්තිවෙලා ඉඳපල්ලා "චීන" භාෂාව කතාකරන්න. ඒ කාලයේ රට චීනාට විකුණලා ගත්ත ණය ගෙවාගන්න බැරුව අපේ රට චීනාට සින්න වුණාම, මහ චීනා ෂින් පින් ලංකාවට චීන ආණ්ඩුකාරයෙක් පත්කරනවා. ඒ තමයි මහින්ද කියන්නේ. බයියන් 69 ලක්ෂයක් ඡන්දෙ දීලා පත්කරගත්ත කෙනා තමයි ඔය ඉන්නේ. දැන් ඉතින් ඡන්දෙට කලින් මිනිහා නුඹලාට දුන්නු පොරොන්දු ඉල්ලලා කාපල්ලා වෙඩි...!!! ඔයාලට වෙඩිත් හොඳ වැඩියි.
අරුන Saturday, 08 August 2020 01:31 PM
චීනේ මේ දවස්වල දිගටම පාටිලු සංතෝසෙට...
විජිත් Saturday, 08 August 2020 02:39 PM
ලෝකයේ දේශපාලනික වාර්තා කිහිපයක් තබා ඇති ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ තියෙන බයියන්ගේ දූපත බවට පත්වෙලා. ලෝකයේ පළමු අගමැතිනිය පත්වුණෙත් මේ රට සුන්දර රටක් ලෙස පැවති ඒ යුගයේයි. 2020 වසරේ ආයෙත් රෙකෝර්ඩ් එකක්.. බයියනේ කාටද ආඩම්බර..?
Nimal Saturday, 08 August 2020 04:29 PM
ඡන්දේ පැරදුන අයට ගොඩක් හිත රිදිලා.
guththila Sunday, 09 August 2020 01:49 AM
චීනේ පොලී මුදලාලිලාත් සුබපැතුම් ඒවා ඇති නේද.?