IMG-LOGO

2025 සැප්තැම්බර් මස 17 වන බදාදා


අගමැතිට එරෙහි රීට් පෙත්සම විභාග නොකරන්නැයි මූලික විරෝධතා

(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)
 
අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ධුරය අහෝසි කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොනු කර ඇති රිට් පෙත්සම විභාගයට නොගෙන ප‍්‍රතික්ෂේප කරන්නැයි පෙත්සමේ වගඋත්තරකාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ ඊ.කනග ඊෂ්වරන් මහතා  ඇතුළු නීතීඥ පිරිස අද (12 ) අභියාචනාධිකරණය මූලික විරෝධතා ඉදිරිපත් කළහ.
 
 
මෙම රිට් පෙත්සම ශිරාන් ගුණරත්න සහ ප‍්‍රියන්ත ප‍්‍රනාන්දු යන මහත්වරුන් ගෙන් යුතු අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ අද (12)  කැඳවූ අතර එහිදී මෙම මූලික විරෝධතා  ඉදිරිපත් කෙරිණි.
 
 
පෙත්සම කැඳවූ අවස්ථාවේදී වගඋත්තරකාර අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කේ. කනග ඊශ්වරන් මහතා  කියා සිටියේ ශ්‍රේෂ්ඨාධිකරණ රීති අංක 3 ට අනුව පෙත්සමක් ගොනු කිරීමේදී එය තහවුරු කිරීම සඳහා ඉදිරිපත් කළ ලේඛන වල මුල් ලේඛන හෝ සහතික කළ ලේඛන ඉදිරිපත් කිරීම අත්‍යවශ්‍ය  බව  දක්වා ඇති බවය.
 
 
එහෙත් මෙම නඩුවට අදාළව පෙත්සම්කාර පාර්ශවය විසින් ඉදිරිපත් කරන ලේඛණ බොහොමයක් මුල් ලේඛන හෝ නිසි පරිදි විධිමත්ව සහතික කළ ලේඛන නොවන බවත් , ඒව ඡායාස්ත පිටපත් බවද ජනාධිපති නීතිඥ කනග ඊශ්වරන් මහතා අධිකරණය හමුවේ පෙන්වා දුන්නේය.
 
 
එබැවින් මෙම පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණ රීතීන්ට පටහැනිව ගොනු කර ඇති බැවින් එය විභාගයට නොගෙනම නිෂ්ප‍්‍රභ කළ යුතු බව ජනාධිපති නීතිඥවරයා අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටියේය.
 මෙම මූලික විරෝධතාව තහවුරු කරමින්  එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් සහ අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්, ලංකා බැංකුව සහ මහජන බැංකුව  වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු ද අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කළේය.
 
 
අදාළ අත්‍යවශ්‍ය පාර්ශවකරුවන් වන නීතිපති සහ ලේක්හවුස් පි‍්‍රන්ටර්ස් ඇන්ඞ් පබ්ලිෂර්ස් නම් නොකිරීම , අදාළ කොන්තා‍්‍රත් ගිවිසුම තොරතුරු පනතේ විධි විධානයන්ට අනුකූලය ඉදිරිපත් නොකිරීම , ලංකා බැංකුව සහ මහජන බැංකුව පිළිබඳ අතුරු නියෝග වල පමණක්  සඳහන් වීම යන කාරණා සිය මූලික විරෝධතා ලෙස වගඋත්තරකාර පාර්ශවයේ නීතීඥවරුන් පෙන්වා දුන්හ.
 
එබැවින්  පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප‍්‍රභ කරන මෙන් ද එම නීතිඥවරුන් අධිකරණයෙන් ඉල්ලා සිටියහ.
 
මෙම මූලික විරෝධතා පිළිබඳව කරුණු දැක්වීම සඳහා තමන්ට කල් ලබා දෙන මෙන් පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවා මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
 
ඒ අනුව ඊට අදාළව ලබන 26 වනදා කරුණු දක්වන ලෙස අභියාචනාධිකරණය පෙත්සම්කාර පාර්ශවයට නියම කළේය.
පොදු ජන පෙරමුණේ කොළඹ නාගරික මන්ත‍්‍රීනි ශර්මිලා ගෝනවල මහත්මිය විසින් ගොනු කළ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ, එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම්, ලංකා බැංකුව හා මහජන බැංකුව නම් කරනු ලැබ තිබිණි.
 
පෙත්සමේ සඳහන් වනුයේ අග‍්‍රාමාත්‍ය රනිල් වික්රරමසිංහ මහතා ලේක්හවුස් පි‍්‍රන්ටර්ස් ඇන්ඞ් පබ්ලිෂර්ස්   සමාගමේ කොටස් හිමියෙක් වශයෙන් කටයුතු කරන බවය.
 
 
ඒ බව එම සමාගම විසින් නිකුත් කරනු ලැබූ 2014 සහ 2018 වසර වලට අදාල වාර්ෂික වාර්තා වල සඳහන් වන බව පෙන්වාදෙන පෙත්සම්කාරිය රනිල් වික‍්‍රමසිංහ මහතා කොටස්කාරීත්වය දරන අදාළ  සමාගම මහජන බැංකුව හා ලංකා බැංකුව සමඟ ගිවිසුම්ගතවී  එම බැංකු වලට අදාල චෙක්පත් ඇතුළු ලේඛන මුද්‍රණය කිරීමේ ව්‍යාපාරයේ නිරත වන බවද සඳහන් කර ඇත.
 
 පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයකුට ඔහු හිමිකාරිත්වය ගැන සමාගමක් රජයේ ආයතන සමග ගිවිසුම්  ගතවී ව්‍යාපාරික කටයුතුවල නිරතවීම මන්ත‍්‍රී ධුරය දැරීමට නුසුදුසු කමක් යැයි පෙත්සම්කාරිය පෙන්වා දෙන්නේය.
 
ඒ අනුව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ ප‍්‍රතිපාදන වලට අනුව රනිල් වික‍්‍රමසිංහ මහතාට පාර්ලිමේන්තු මන්ත්රී  ධූරයක් දැරීමට නුසුදුසු  අයෙකු බැවින් ඔහුගේ මන්ත‍්‍රී ධූරය අහෝසි කිරීමේ කෝ වොරන්ටෝ රිට් ආඥාවක් නිකුත් කරන  ලෙස පෙත්සම්කාරිය  අධිකරණයෙන් ඉල්ලා තිබේ.
 
 
එමෙන්ම මෙම රිට් පෙත්සම විභාග කොට අවසන් තීන්දුවක් ලබාදෙන තුරු රනිල් වික‍්‍රමසිංහ මහතාට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීම සහ ඡන්දය භාවිත කිරීම වැළැක්වීමෙන් අතුරු නියෝගයක් නිකුත් කරන මෙන් ද පෙත්සම්කාරිය අභියාචනාධිකරණය ඉල්ලා සිටින්නීය.
 
 
නීතිපති වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥ විකුම් ආබෲ , පෙත්සම්කාරිය වෙනුවෙන් ජනාධිපති නීතීඥ උදිත ඉගළහේවා , වගඋත්තරකරුවන් වෙනුවෙන් ජනාධිපති නීතීඥ ඊ.කන ඊෂ්වරන් , නීතීඥ සුරේන් ප‍්‍රනාන්දු , නීතීඥ රසික දිසානායක  යන මහත්වරුන් පෙනී සිටියහ.



අදහස් (1)

අගමැතිට එරෙහි රීට් පෙත්සම විභාග නොකරන්නැයි මූලික විරෝධතා

Amila Tuesday, 12 February 2019 12:07 PM

මන්ත්‍රී දූරය අහෝසි වුනොත් ආණ්ඩුවත් ඉවරයි.

:       2       17

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31083 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13225 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10946 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 37 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 877 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 263 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site