IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


අගමැතිට ආරාධනා නොකළාට විරෝධය දක්වති

මුදිතා දයානන්ද
          
නව පළාත් සභා ගොඩනැගිල්ල විවෘත කිරිමේ උළෙලට අගමැතිට ආරාධනා නොකිරිමට විරෝධය පා බස්නාහිර පළාත් සභා රැස්වීම අතරතුර එක්සත් ජාතික පක්ෂ මන්ත‍්‍රීවරු අද (3) සභා ගැබෙන් ඉවත් ගියහ.


විවෘත කිරිමේ උළෙලටද තම කණ්ඩායම සහභාගී නොවන බවත් ඒ දක්වා සියලූ සභා කටයුතු වර්ජනය කරන බවත් සභාවෙන් ඉවත්ව යාමට පෙර ප‍්‍රකාශයක් කළ විපක්ෂයේ ප‍්‍රධාන සංවිධායක ජෝර්ජ් පෙරේරා මහතා පැවසීය.


බස්නාහිර පළාත් සභා රැස්වීම එහි සභාපති සුනිල් විජේරත්න මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්විණි. 


එහිදී පෞද්ගලික ප‍්‍රකාශ ඉදිරිපත් කිරිමේ අවස්ථාවේදී නැගි සිටි විපක්ෂ නායක මංජු ශ්‍රී අරංගල මහතා නව ගොඩනැගිල්ල විවෘත කිරිමේ උත්සවයට අගමැතිවරයාට ආරාධනා නොකිරිමටත්, ආරාධනා පත‍්‍රයට ආණ්ඩුකාරවරයාගේ නම ඇතුළත් නොකිරිමටත් හේතු විමසා සිටි අතර එය නිවැරදි කිරිමට මහඇමැතිවරයා කටයුතු නොකරන්නේ නම් තම කණ්ඩායම සභාව වර්ජනය කර බවත් පැවසීය.


එයට පිළිතුරු දෙමින් මහඇමැති ඉසුර දේවප‍්‍රිය මහතා පැවසුයේ පළාත් සභා උත්සවයකට රාජ්‍ය නායකයින් දෙන්නෙකු ගෙන්වන්නේ නැති නිසා ජනාධිපතිට පමණක් ආරාධනා කළ අතර ආරාධනා පත‍්‍රයට දේශපාලන අධිකාරියේ අයගේ නම් පමණක් ඇතුළත් කළ නිසා ආණ්ඩුකාරවරයාගේ නම ඇතුළත් නොකළ බවයි. 
           



අදහස් (3)

අගමැතිට ආරාධනා නොකළාට විරෝධය දක්වති

Raveendra Tuesday, 03 July 2018 12:19 PM

මේ ඔබේ, මගේ, අපගේ මහජන මුදල්වලින් සාදනලද මහජන දේපළ බව මේ අම්බරුවන් නොසිතන්නේ මන්ද? මේ සඳහා කිසිඳු පිනට ගිලින මහජන නියෝජිතයන් යයි කියා ගන්නා කිසිවකුට ආරාධනා කිරීම කිසිසේත්ම නොකළ යුතුය. කෙටියෙන් පවසන්නේ නම් රටේ මුල් පුරවැසියාටවත් එසේ ආරාධනා කිරීම කිසි ලෙස නොකළ යුතුය. මෙවන් වැඩ සඳහා කිසිඳු උත්සවයක් අවශ්‍ය නැත යන්න අපගේ හැඟීමයි. එසේ ආරාධනා කළවිට ඒ පැමිණෙන්නේත් අපගේම බදුමුදල් වියදම් කරමින්, වටිනා කාලය කාදමමින් නොවේද?

:       31       776

රවින් Tuesday, 03 July 2018 01:07 PM

බොහොම හොඳයි. ඔය විදියටම සියලු දේශපාලුවන්ගේ නම් ඇතුලත් කිසිඳු පලකයක් හෝ නාම පුරුවක් සවිනොකලොත් වඩාත් හොඳයි.

:       0       17

isurandi Wednesday, 04 July 2018 04:15 AM

අපේ රටේ මිනිසුන්ගේ මමත්වය උතුරාගිය අධි හීනමානය තියෙනතාක් කල් මේ සංදර්ශන නිමක් වෙන්නේ නැහැ.

:       0       12

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 520 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 265 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1064 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site