(අංජුල මහික වීරරත්න වියට්නාමයේ හැනොයි නුවර සිට)
අග්නිදිග ආසියානු ජාතින් සඳහා වන ලෝක ආර්ථික සමුළුව වියට්නාමයේ හැනොයි නුවර දී වියට්නාම අග්‍රාමාත්‍ය ග්යෙන් ෂුන් ෆුක් මහතාගේ ප්‍රධානත්වයෙන් අද (12) පෙරවරුවේ ආරම්භ කෙරිණි.
හැනොයි නුවර ජාතික සම්මේලන මධ්‍යස්ථානයේ දී ආරම්භ කෙරුණු සමුළුව සඳහා ආසියානු සංවිධානය නියෝජනය කරන රටවල නායකයෝ දස දෙනෙක් සහභාගි වූහ.
සමුළුවේ විශේෂ ආරාධිතයා වූයේ චීන උප අග්‍රාමාත්‍ය හූ චුන්හ්වා මහතා ය. ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ලෝක ආර්ථික සමුළුවට සහභාගි වූයේ විශේෂ ආරාධිතයෙකු වශයෙනි.
වියට්නාම අග්‍රාමාත්‍ය ග්යෙන් ෂුන් ෆුක් මහතා සමුළුව ආරම්භ කරමින් පිළිගැනීමේ කතාව සිදු කිරීමෙන් අනතුරුව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් අන්තෝනියෝ ගුටරෙස් මහතාගේ සුභ පැතුම් පණිවුඩය සමුළුවට ඉදිරිපත් කරනු ලැබීය.
ආසියාන් සංවිධානයේ සභාපතිතිවය දරන සිංගප්පූරු අග්‍රාමාත්‍ය ලී සියැන් ලූන් මහතා සමුළුවේ ආරම්භක සැසිය අමතමින් සඳහන් කළේ කලාපයක් ලෙස පොදු එකඟතා පදනම් කර ගනිමින් සිව්වන කාර්මික විප්ලවයේ ප්‍රතිලාභ බෙදා හදා ගත යුතු බවය.
ඉන් අනතුරුව ලෝක ආර්ථික සමුළුවේ සාමාජිකත්වය දරණ රටවල නායකයෝ සමුළුව ඇමතූහ.
ඉන්දුනීසියා ජනාධිපති ජොකෝ විදොදෝ, පැවසූයේ මිනිස් සම්පත සතු කුසලතා අසීමිත බවය. ඒ කුසලතා පුබුදුවමින් අනාගතය ජය ගැනීමට ක්‍රියා කරලීමේ වැදගත්කම ඔහු අවධාරණය කළේය.
මියන්මාර් රාජ්‍ය මන්ත්‍රණ සභා නියෝජිත අවුන්සාන් සුකී මහත්මියගේ දේශනයට ආසියා කලාපයේ සියලූම නායකයින්ගේ සුවිශේෂී අවධානයක් යොමු වූ අතර ආසියා කලාපයේ පසුපස තැනක සිටි මියන්මාරයට මෑත කාලයේ දී ධනාත්මක ප්‍රවණතා පෙන්වමින් ඉදිරියට පැමිණීමට හැකියාව ලැබී තිබෙන බව ඇය සමුළුව අමතමින් සඳහන් කළාය.
කලාපීය සංවර්ධනයේ දී එක් රටක පසුබෑම සියලූම රටවල් කෙරෙහි බලපෑමක් ඇති කරන නිසා සියලූ රටවල් සමාන අයුරින් දියුණුව කරා පිය නැගීමේ අවශ්‍යතාවය ද අවුන්සාන් සුකී මහත්මිය මෙහිදී අවධාරණය කළාය.
මියන්මාරය ශාස්ත්‍රීය අධ්‍යාපනයෙන් ඔබ්බට ගොස් ප්‍රායෝගික අධ්‍යාපන ක්‍රමයක් කරා ප්‍රවේශ වෙමින් සිටින බව ද අවුන්සාන් සුකී මහත්මිය වැඩිදුරටත් සඳහන් කළාය.





2025 නොවැම්බර් මස 04
383
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2168
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1648
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
අග්නිදිග ආසියානු ජාතින් සඳහා වන ලෝක ආර්ථික සමුළුව ඇරැඹෙයි
.දයාවතී Wednesday, 12 September 2018 07:54 PM
බටහිර ධනවත් බලවත් ජාතීන්ගේ ආරක්ෂක සංවිධානය කියන්නේ නේටෝ නම් අපේ දුප්පත් ශක්තියෙන් හීන රටවල සංවිධානය නැට්ටෝ කියලා නම්කරමුද.