IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


අංගොඩ ලොක්කාට එරෙහිව පැමිණිලි තුනක්

(බිමල් ෂ්‍යාමන් ජයසිංහ)

ඉන්දියාවේ දී ඝාතනයට ලක්වූ බව කියන සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වූ  ලසන්ත චමින්ද පෙරේරා නොහොත් අංගොඩ ලොක්කා නැමැත්තා බලහත්කාරයෙන් තම ඉඩම් ලියා ගත්තැයි පවසා එම ඉඩම් හිමිකරුවන් ගෙන් මේ වන විට පැමිණිලි තුනක් ලැබී ඇතැයි බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසය කියයි.

එම පැමිණිලිකරුවන් මුල්ලේරියාව පොලිස් වසමේ පදිංචිකරුවන් බව පොලිසිය පවසයි.

පර්චස් සීයකට අධික ප්‍රමාණයකින් යුත් ඉඩමක් කිසිදු මුදලක් නොගෙවා බලහත්කාරයෙන් ලියා ගත් බවත්, පර්චසය රුපියල් ලක්ෂ තුනක් වටිනා ඉඩමක් ,පර්චසය රුපියල් ලක්ෂ දෙක බැගින් ලබා දී ලියා ගත් බව හා කෝටි හතරක් පමණ වටිනා ඉඩමක් ලක්ෂ අසූ පහක් දී ලියා ගත් බවත් එම පැමිණිලිවල සඳහන් වන බව පොලිස් නිලධාරියෙක් පැවැසීය.

ඊට අමතරව එක්කෝටි පනස් ලක්ෂයක් පමණ වටිනා නිවසක් සහිත ඉඩමක් රුපියල් ලක්ෂ 90 ක් ලබා

දී බලහත්කාරයෙන් ලියා ගෙන ඇති බවට සිදු කළ මූලික විමර්ශන වලදී අනාවරණය වී ඇතැයි පොලිසිය කියයි.

එම ඉඩම අංගොඩ ලොක්කාගේ අනියම් පෙම්වතිය බව කියන අමානි ධනංජි  මුකරියා  නමට ලියාගෙන ඇති බවට විමර්ශන වලදී හෙළි වූ බව පොලිසිය පවසයි.

ඊට අමතරව සහෝදරීගේ නමට හා පාතාල සාමාජික සිම්බු සමන්ත ඇතුළු ගෝලබාලයන්ගේ නමටද එම ඉඩම් ලියාගෙන  ඇති බව ඇති බව පොලිසිය කියයි.



අදහස් (1)

අංගොඩ ලොක්කාට එරෙහිව පැමිණිලි තුනක්

Mangala Tuesday, 18 August 2020 06:53 AM

මේ සිද්ධිවලට සම්පූර්ණයෙන් වගකියන්න ඕන... මේ වසම බාර පොලිසිය, ස්ථානාධීපති සහ උසස් නිලධාරින්. මේ ගොල්ලන් වැටලීමක් කළාම පළාතේම ඉන්න පොලිස් පොඩ්ඩාගේ සිට ඉහළම ලොක්කා දක්වා නම දාගන්නවා. ඒත් මේ තරම් සහගහන අපරාධ වෙද්දී මේ ගොල්ල නිදි... දැන් තමයි ඇහැරිලා (ඇහැරවලා) ආ මේ පළාතේ මෙහෙමත් වෙලා තියෙනවා කියන්නේ... ලැජ්ජයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 60 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 722 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 344 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site