ඉන්දිකා රාමනායක
ව්‍යාපාරිකයින් ගෙන් තමන් කප්පම් ලබා ගන්නේ දුප්පතුන්ට බෙදා දීම සඳහා බැවින් කප්පම් ගන්නා සිය ගෝලයින්ට කරදර නොකරන ලෙස ඉල්ලා පාතාල නායක අංගොඩ ලොක්කා නැමැත්තා ඉන්දියාවේ බන්ධනාගාරයේ සිට මුල්ලේරියාව පොලිස් ස්ථානාධිපතිවරයාට දුරකතනයෙන් දැනුම් දී ඇති බව උසස් පොලිස් නිලධාරියකු සඳහන් කළේය.
ව්‍යාපාරිකයින් තමන්ට කප්පම් ලබා දිය යුතු බවත් එයට බාධා නොකරන ලෙසටත් අංගොඩ ලොක්කා ස්ථානාධිපතිවරයා වෙත දැනුම් දී ඇති බවද එම උසස් පොලිස් නිලධාරියා කීවේය.
ඉකුත් 13 වැනිදා අංගොඩ උඩුමුල්ල ප්‍රදේශයේ ව්‍යාපාරික ස්ථානයකට ටී 56 ගිනි අවියකින් වෙඩි තැබීමේ සිද්ධියේ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටියදී අංගොඩ ලොක්කා මෙම ඇමැතුම ලබා දී ඇති බව පොලිසිය කියයි.
උඩුමුල්ලේ ව්‍යාපාරිකායාට මුදල් ඉල්ලා තර්ජනය කළ දුරකතන අංකය හා ස්ථානාධිපතිවරයාට කථා කළ අංකය එකම අංකයක් බව ද පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි. ස්ථානාධිපතිවරයා සියලු විස්තර සටහන් කර උසස් පොලිස් නිලදාරීන් දැනුම්වත් කර තිබේ.
ඉන්දියා පොලිසියෙන් අත්අඩංගුවට ගත් අංගොඩ ලොක්කා ඉන්දියාවේ බන්ධනාගාරයට රඳවා සිටියි.
COMMENTS
අපරාදේ අංගොඩ ලොක්ක ඉන්දියාවේ හිරේ ඉන්නේ. ලංකාවේ හිටිය නම් අපේ පොලිස් ලොක්කෙකුට කියල නිදහස් වෙන්න තිබුන නේ.
අපි බිස්නසි කරන්නේ දුප්පතුන්ට රස්සා දීල. මුන්ව මරල තුරන් කරලා නොදෙම්මොත් රටම විනාස වෙලා යයි .
මෙයාට කෝලුත් ගන්න පුලුවන්ද බන්ධනාගාරයේ ඉදන්...
ඉන්දියාවේ බන්ධනාගාරත් ඒගොල්ලන්ගේ අල්ලපු රටේ ඒවා වගේමයි
නිකන් බොරු කියන්න එපා... මේවා ඉන්දියාවේ චිත්‍රපටිවල වැඩ කෑලි. අපකාටත්, සමාජයටත් ලොකු හානියක් වෙනවා මේකෙන්....
උතුවන්කන්දේ සරදියෙල් ද මේ කෝල් එක දීල තියෙන්නේ? නැත්නම් රොබින්හුඩ්ද? කොහොම වුණත් හැකි ඉක්මණින් දැඩි ආරක්ෂා මැද මේ දානපතියා ආපසු ශ්‍රී ලංකාවට ගෙන්වාගෙන එයාගෙන් උදව් ලබා ගත් අය එක්ක මේ ජොබ් එක එෆ්.සී.අයි.ඩී. එකට බාර දුන්නොත් නරකද?
ඕක මොකක්ද අපේ රටේ මිනිස්සු පහුගිය කාලේ හොරකම් කරපු අයත්, ජාතික වීරයන් විදියට සලකන්න ගත්තනේ...
ලංකාවේ කොහේ හරි මුල්ලක ඉඳන් සැටලයිට් ෆොනේ එකකින් කෝල් කරන්න ඇති. එහෙම නැත්නම් අපේ කට්ටිය ඉන්දියාවේ කට්ටියවත් ගොනාට අන්ඳලාද?
ගෝඨාභය මහත්තයගේ කාලෙ නම් මේ මුකුත් සද්ද බද්ද නැහැ. නැත්නම් නීතිය සහ සාමය ජනපතිතුමා හරි, අගමැතිතුමා හරි කෙළින් වැඩකරන කෙනෙක් ගන්න ඕනේ... මෙහෙම පුළුවන්ද රටක් කරන්න...?
මෙයාට අංගොඩ ලොක්කා කියන්නේ අපරාදේ... හැබැයි අපේ රටත් පාලනය කරන්න පුළුවන් අනික් අයට වඩා...