කොළඹ නගරයේ අඩු ආදායම්ලාභී පවුල් වෙනුවෙන් අංගොඩ ඉදිකරන ලද සියලු පහසුකම් සහිත නිවාස 500ක් එම ජනතාව ප්‍රතික්‍ෂේප කළ නිසා අලෙවි කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
නාගරික සංවර්ධන අධිකාරියෙන් අංගොඩ රෝහල අසල අක්කර 05ක භූමි ප්‍රමාණයක මහල් පහකින් යුතු මෙම සංකීර්ණය ඉදි කර තිබේ.
නමුත් කොළඹ නගරයේ අඩු පහසුකම් සහිත නිවාසවල පදිංචිකරුවන් නගර සීමාවෙන් පිටතට යෑමට අකමැත්තක් දක්වන බවත්, එම නිවාස ප්‍රතික්‍ෂේප කරන බවත් දක්වමින් අදාළ නිවාස අලෙවි කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලබාදී ඇත.
ඒ අනුව ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ද ඇතුළුව පහළ මධ්‍යම පාන්තික රජයේ සේවකයන්, කලාකරුවන්, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සහ සමාජ ක්‍රියාකාරීන් ආදී කණ්ඩායම් වෙත මෙම නිවාස අලෙවි කිරීමට නියමිතය.
රුපියල් මිලියන 04 - 05ත් අතර මුදලකට අලෙවි කිරීමට නියමිත මෙම නිවාස ඒකක, පුවත්පත් දැන්වීම් මගින් අයදුම්පත් කැඳවා අලෙවි කිරීමට යෝජනා කර තිබේ.
COMMENTS
කුඩැල්ල මෙට්ටේ තැබිය නොහැක.
ජනතාව මේ ගෙවල් එපැයි කියන එක අරුමයක් නොවෙයි.
පදිංචිකරුවන් නගර සීමාවෙන් පිටතට යෑමට අකමැත්තක් දක්වන්නේ හරියට එයාලා සල්ලි ගෙවලා ගෙවල් ගන්නවා වගේනේ. පොදු මහජන මුදලින් ගෙයක් හදලා දෙන්නේ. ඒකත් එපාලු. මෙහෙමත් රටක්. අපි ගෙයක් හදන්න කොච්චර මහන්සි වෙනවද? ණය වෙනවද?
මේක නම් ලොකු බොරුවක්. හොද ගෙයක් එපා කියන්නේ කවුද?
කොළඹ වනසන මිනිස් කසළ බැහැර කරන්න මීට වඩා දැඩි ක්‍රියාමාර්ග ගන්න ඕන
ඉතින් අංගොඩනේ. අහන්න දෙයක්ද ..
වසර 10 කට වඩා කාලයක් ගෙයක් හදනවා තාමත් ඉවරකරගන්න බැරිවුණා සම්පුර්ණයෙන් දිනෙන් දින ඉහල යන වියදමත්, වැඩ හොරට කරන බාස්ලත් එක්ක, අනේ මටනම් අංගොඩින් වුනත් ගෙයක් නිකන් දෙනවනම් ගන්නවා
ගෙවල් ටික හදල ඉවර වෙනකම් හිටියනේ ඔය ටික අහන්න. දැන් ඉතින් තවත් තැනකින් ඉඩමක් අරගෙන ආයිමත් හදන්න පටන් ගනීවි
මේ ගොල්ලන්ව ඔය පැත්තේ ප්‍රසිද්ධ රෝහලට යවලා ප්‍රතිකාර කරන්න වෙයි වගේ.