සුජිත් හේවාජුලිගේ
පාර්ලිමේන්තු සැසිවාරය අවසන් කිරීමෙන් පසුව අක්‍රීය වුණු කාරක සභා පිහිටුවීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා පක්ෂ නායකයින්ගේ විශේෂ රැස්වීමක් හෙට (17) පැවැත්වෙන බව පාර්ලිමේන්තු ප්‍රධානීහු පවසති.
මේ පිළිබඳ අප කළ විමසුමකදී අදහස් දැක්වු කතානායක කරු ජයසූරිය මහතා පැවැසුවේ මේ සම්බන්ධයෙන් නාම යෝජනා ගැනීමට තිබෙන හෙයින් මෙම පක්ෂ නායක රැස්වීම කැඳවු බවයි.
මේ රැස්වීම සහභාගි වන්නැයි සියලු පක්ෂ නායකයින්ට දැනටමත් දැනුම්දී ඇතැයිද කතානායකවරයා කීවේය.
පාර්ලිමේන්තු සැසිවාරය අවසන් කිරීමෙන් පසුව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප්) , රාජ්‍ය මුල්‍ය පිළිබඳ කාරක සභාව ඇතුළු කාරක සභා 15ක කටයුතු අක්‍රීයවිය. ඒ කාරක සභා සඳහා දැන් අලුත් සමාජිකයින් පත් කිරීම කළ යුතුවෙයි.
මේ කමිටු අක්‍රීයවීමෙන් පාර්ලිමේන්තුවේ කටයුතුවලට විශාල බාධාවක් මතුව තිබෙන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd