(මොහොමඩ් ආසික්)
අලවතුගොඩ පොලිස් බල ප්‍රදේශයට අයත් අකුරණ කසාවත්ත ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගය අයිනේ කාණුවක තිබී ඡන්ද කාඩ්පත් 14 ක් හමු වී තිබේ.
මාර්ගයේ ගමන් කළ ප්‍රදේශවාසියෙකු දැක එම ඡන්ද කාඩ්පත් ලබා ගෙන පොලීසියට දැනුම් දෙනු ලැබ තිබේ.
ඒ අනුව පොලිස් ජංගම සේවයේ යෙදී සිටි උප පොලිස් පරීක්ෂක සමරකෝන් මහතා ඇතුළු නිළධාරින් එම ස්ථානයට ගොස් ඡන්ද කාඩ්පත් සිය භාරයට ගෙන පොලීසිය වෙත භාර දෙනු ලැබ තිබේ.
මෙම ඡන්ද කාඩ් සම්බන්ධයෙන් අලවතුගොඩ පොලීසිය මගින් මහනුවර තේරීම්භාර නිළධාරිවරයාට සහ තැපැල් දෙපාර්තමේන්තුව වෙත දන්වනු ලැබ ඇති අතර මේ සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ මෙන්ම තැපැල් දෙපාර්තමේන්තුවේ පරීක්ෂණයක්ද මේ වන විට සිදු වෙමින් පවතී.
අලවතුගොඩ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුසන්ත ඒකනායක ඉලංගසිංහ මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශණ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නාරද සැරයන් 13652 බන්දුල යන නිළධාරින් ඇතුළු නිළධාරින් මේ සම්බන්ධයෙන් වැඩි දුර පරීක්ෂණ පවත්වති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වත්මන් ආණ්ඩුවේ, පරාජයේ අන්ත වියරුව හමුවේ හොර ඡන්ද අපරාධ සිදුවීමට බොහෝ ඉඩ ඇත. ඒ නිසා ඡන්ද දායකයන් සහ පොලීසිය රටේ අනාගතයේ යුක්තිය වෙනුවෙන් යුක්තිගරුකව හැසිරීම බලාපොරොත්තු වන්නෙමු.
ඡන්ද කාර්ඩ් එක තිබුණට හොර ඡන්ද දාන්න බැහැ.
අපොයි දෙයියනේ..., කාණුවට විසිකරන්න ඕනෑ මේ කාඩ් පාවිච්චි කරලා තෝරාගන්න උදවියනේ. මේ අහිංසක කාඩ් මොනවා කරන්නද?
හොඳ වෙලාවට ඡන්ද කාඩ්පත් විතරයි. බයවෙන්න එපා ඡන්ද පත්‍රිකාත් කාණුවල තියෙන එක වැඩි කාලයක් නොගිහින්ම සිදුවේවි... මොකද ඡන්දය පාවිච්චි කරලා ඇරියාම කෙලින පිස්සුවල හැටියට පත්‍රිකාව මුලින්ම නැතිකරලා දැම්මයි කියලා හිත හදාගන්න පුළුවන්... " "විෂඝෝර සර්පයා දැක නෑර මෝඩයා"
හොර ඡන්ද දාන්න දැන් ඉඳලාම සූදානම් වනබව ආරංචියි. මේ සඳහා කෝටිගණන් වියදම් කර නිලධාරින් මුදලට ගෙන හමාරයි..