අප්‍රකට ගේයපද රචක සිරිසේන මුදියන්නේගම විසින් විරචිත සුප්‍රකට ජනකාන්ත ගායක රූකාන්ත ගුණතිලකයන්ගේ සුගායනයෙන් ද ස්වරසංයෝජනයෙන් ද මනරම් වූ මෙි ගීමිණ පීඩිත පන්තියේ ජනයාගේ කටුක ජීවන යථාර්ථය මොනවට පැහැදිලි කරයි.
වැඩිහිටියන්ගේ ලෝකය පන්ති සමාජයේ ලෝකය යි.මෙි ලෝකයේ රජයන්නේ ධනතෘෂ්ණාව යි.එහෙත් ධනපතියෝ කිසිදු දවසක මෙකී තණ්හාව තුරන් කර නොගනිති.ඔවුහු පීඩිත පන්තිය තළා පෙළා ඔවුන්ගේ ශ්‍රමය සූරාකමින් යෙහෙන් වැජඹෙති. කම්කරුවාගේ අතිරික්ත ශ්‍රම වටිනාකම සාක්කුවේ දා ගනිති. දවස තිස්සේ ධනපති පන්තියට කඹුරන නිර්ධනයෝ අවසානයේ ලැබෙන සොච්චම් පඩියෙන් ජීවිතය සරිකර ගැනීමට ඔට්ටු වෙති.මෙනයින් බලන කල කම්කරුවා දහදිය මුගුරු වගුරමින් වැඩ කරන්නේ ධනපති පන්තිය නගා සිටුවීමට නො වෙි ද? සියලු ප්‍රතිලාභ ධනපතියෝ බුක්ති විඳිති.මෙි සමාජ යථාර්ථය නොදැන පීඩිත පන්තියේ අසරණ මවුවරු ඉසුරු සොයා අතදරුවන් ද අතැර මැදපෙරදිග රටවල සුල්තාන්වරුන්ට කඹුරන්න යති.එහෙත් ඔවුන්ගේ මෙි අයථාර්ථවත් මැදපෙරදිග සිහිනය කිසිදු දිනක යථාර්ථයක් බවට පත් නොවෙි.එය කෙළවර වන්නේ ඛෙිදවාචකයෙනි.ධනපතියෝ ද කම්කරුවෝ ද ලක්මවගේ දරුවෝ ය.එහෙත් පන්ති විසමතාව මෙි දෙපාර්ශ්වයම එකිනෙකා ගෙන් වෙන් කොට ඇත.එක් දරු පිරිසක් සුරසැප විඳින අතර අනිත් පිරිස ඔවුන්ගේ වසුරු කරෙන් අදිති.
මෙි වූකලී අර්ථරසයෙන් පමණක් නොව කලාරසයෙන් ද පරිපූර්ණ ගීමිණකි.ආසියානු පවුල් සංස්ථාව සුනුවිසුනු වීමට අතිශයින් බලපාන කරුණක් නම් මවුවරුන් කිරිකැටි බිලිඳුන් පවා අතැර මැදපෙරදිග රැකියවලට යෑමය.මෙි සඳහා දුප්පත් අසරණ මවුපියවරුන්ට පමණක් දෝෂාරෝපණය කිරීමෙන් කිසිදු පලක් නැත.මෙයට සම්පූර්ණයෙන් ම වගකිව යුත්තෝ රටෙි පාලකයෝය.පුරවැසියන්ට හරිහමන් ජීවන තත්වයක් ඇති කිරීමට රටෙි පාලකයෝ වගකීමෙන් බැඳී සිටිති.එහෙත් ඔවුහු නිතර එකී වගකීම මග හරිති.එසේ නැත්නම් කරඅරිති.එවිට කිසිවක් කරකියා ගත නොහැකි දුප්පත් අසරණ ජනතාව අතරමං වෙති.ඇතමෙක් පාරට වැටී සිඟමන් යදිති.තවත් අයෙක් පුලන්නකු බවට පත්වෙති.මෙි ගීතයෙන් දෝංකාර නැංවෙන්නේ මැදපෙරදිග රැකියවලට ගිය මවුපියවරුන්ගේ කුටුම්බයට අත් වූ සෝචනීය ඉරණමයි.
නෙළන්නට ගිහින් පලවැල
ගෙනෙන්නම් ඉතින් බරටම
අනේ දරුවනේ නාඩන් කියූ අම්මලා
සත් සමුදුරෙන් එහා බැස ගෙන
සිත් තොසින් නොවේ මැරී මැරි
කප්පරක් කිළිටි උන් ළඟ
වැටී උල උලා
වැටී උල උලා
මෙහි ස්ථායි කොටසේ පළමු ගීපාදයෙන් අපට සිහිපත් වන්නේ වෙස්සන්තර ජාතකය නො වෙි ද? එදා මන්ද්‍රි දේවිය තම දරු දෙපළ වන ජාලිය, ක්‍රිෂ්ණජිනා වංකගිරියේ දමා මහවනයට පිට වන්නේ පලවැල නෙළන්නට ය.කුසට අහරක් නැතිව හාමතේ සිටි තම සැමියාත් දරු දෙදෙනාත් වෙනුවෙන් ඇය එම අභීත පියවර තබන්නීය.එහෙත් ඇය පෙරළා පැමිණෙන විට සිදුවී තිබුණේ ඛෙිදවාචකයකි.වෙස්සන්තර රජු විසින් දරු දෙදෙනා ජූජක බමුණාට දන්දී තිබිණි.තම මවු නැති සොවින් බියට පත් දරුවෝ ඇගේ රුවගුණ මෙසේ කවියට නගති.
පෙම්මා සුරතල් කියමින්
දෙතනේ කිරි බොම්මා
වම්මා කඳුළැලි ඉස ඉස
ඇවිදින් දැයි අම්මා
අම්මා අප නොදැක ඉතින්
කෙලෙසක වෑවෙම්මා
සම්මා සම්බුදු වෙන දා
නිවන් දකින් අම්මා
( වෙස්සන්තර ජාතකය)
රසතුරු පලවැල අරගන එන්දැයි අපේ අම්මා
විසිතුරු සුරතල් කියමින් දෙතනේ කිරි බොම්මා
නිලතුරුවල සෙවණැලිවල කෙළ කෙළ උන්නෙම්මා
වෙසතුරු පිය රජුනි ඔබට බාරයි අපේ අම්මා
(වෙස්සන්තර ජාතකය)
මෙි ගීතයේ කථකාවෝ අම්මාලාය. දුප්පත් අසරණ මවුවරුන් තම දරුවන්ගේ හිස අතගා මහත් අසීරුවෙන් දුරුරටකට යන්නේ කීයක් හරි වැඩියෙන් හරිහම්බ කර ගෙන ඒමට නො වෙි ද? ඔවුන් මෙි ගමන යන්නේ දරුවන්ගේ අනගතය වෙනුවෙනි.එහෙත් ඒ සිතකින් යන ගමනක් නම් නොවෙි.මෙි ගමන යන්නේ සිතින් මැරි මැරීය.කප්පරක් කිළිටි උන් යනු කවුරුන්ද?ඒ මෙබඳු දුප්පත් අසරණ කතුන් වහල්කමට ගන්නා හාම්පුතුන්ය. මෙහිදී රචකයා භාවිත කරන ඇතැම් කාව්‍යාත්මක යෙදුම් ගීතයේ සාර්ථකත්වයට ප්‍රබල රුකුලක් වී තිබෙි.පලවැල,කප්පරක් කිළිටි උන් ළඟ, වැටී උල උලා වැනි වචනවලින් ප්‍රබල ව්‍යංග්‍යාර්ථ මතු නො වෙි ද? මෙහි "කප්පරක් කිළිටි උන් " යන්න බලවත් උත්ප්‍රාස දනවයි.ඒ ඔවුන් පව්කාරයන් යන්න දැනටමත් අප සිත් තුළ තහවුරු වී ඇති හෙයිනි.උන්ගේ දෙපා ළඟ වැඳවැටී බැලමෙහෙවර කිරීම පිළිබඳ කීමට රචකයා භාවිත කරන යෙදුම් රමණීය නො වෙි ද?
මත් එවුන් ඇවිත් එතකොට
අත් දෙකින් අරන් හනිකට
එක් කරන් ගිහින් දරුවන්
වනේ තනිකළා
වනේ තනිකළා
වනේ තනිකළා
පොඩි එවුන් වනේ තනිකළා
බොහෝ කාන්තාවන් මැදපෙරදිග රැකියාවලට යන්නේ තම දරුවන් සැමියාට හෝ මිත්තණියට පවරාය.එහෙත් තම බිරිඳ එම රටවලට ගොස් අපාදුක් විඳිමින් උපයන සොච්චම මත් වතුරට දියකර හැරීමට ඇතැම් ස්වාමිපුරුෂයෝ පෙලඹෙති.ඔවුහු නිසි අයුරින් දරුවන් ද රැකබලා නොගනිති.මෙනයින් සලකා බලන කල්හි මව කෙසේ හෝ තම දරුවන් නඩත්තු කිරීමට මුදල් එව්ව ද එයින් කිසිදු පලක් නොවෙි.කුණුකොල්ලයට ශ්‍රම ශක්තිය විකිණීම සඳහා අරාබිකරයට යන මවුවරුන්ගේ ඛෙිදවාචකය මෙි ගීතයෙන් මැනවින් පිළිබිඹු නො වෙි ද? වැඩිහිටියන්ගේ රැකවරණය ඇල්ම බැල්ම නැති දරුවෝ අයාලේ යති.ජීවිතය විනාශ කර ගනිති.තම රුහිරෙන් ජාතක කළ දියණිය කෙලෙසන නරුම පියවරු ද මෙි අතර සිටිති.එපමණක් නොව සීයලා,මාමලා,හා ඥාතීන් අතින් ද ඇතැම් දරුවෝ අපචාරයට ලක්වෙති.එබඳු අතෝරයන්ට ලක් වූ මල් කැකුළු කොතෙක් ද?
මත් එවුන් ඇවිත් එතකොට
අත් දෙකින් අරන් හනිකට
මෙහි දෙවැනි අන්තරා කොටසේ මුල්ම ගීපාදවලින් ගම්‍ය වන්නේ කෙතරම් නම් ප්‍රබල සංකල්පරූප පොකුරක් ද? ව්‍යංග්‍යාර්ථයක් ද? පොඩි එවුන් වනේ තනිකළා යනු කිම? දරුවන් විනාශ මුඛයට ඇද දැමීමයි. ජීවිතය නමැති මහවනාන්තරයේ තනි වූ අසරණ දරුවන්ට වැදූ මවත් ළඟ නැති කොට කාගේනම් සරණක් ද?මෙි ගීතයේ දීපක ගුණය(දීපක ගුණය යනු කවියක හෝ ගීතයක දැල්වෙන තැනය) රඳා පවතින්නේ යටකී ගීපාදවල නො වෙි ද?
හිස් අතින් එහෙන් එනකොට
සත් මහල් උඩින් බැසගෙන
සත් පියුම් මෙහේ තැන තැන
අනේ පරවෙලා
අනේ පරවෙලා
අනේ පරවෙලා
සත් පියුම් මෙහේ පරවෙලා
අරාබිකරයේ බඩ මහත සෙම හරිත හාම්පුතුන්ට කෙතරම් බැලමෙහෙවර කළ ද මෙි දුප්පත් අසරණියන්ට ලැබෙන දෙයක් නැත.ඇතැම් කාන්තාවෝ වසර ගණන් මෙහෙ කොට හිස් අතින්ම ගෙදර එති.ඒ එන්නේ ද තමා සතු සියලු දේ නැති කරගෙන හිරිඔතප් ද බිඳගෙනය.ඇතැම් හාම්පුත්තු කතුන්ට දසවධ දෙති.කෙලෙසති.දත් කඩති.කොණ්ඩා කපති.සිරුර පුච්වා දමති.කෑම්බීම් නොදී ගුටිබැට දෙති.මැදපෙරදිග සුරපුරය තමන්ගේ ඇස්පනා පිට ම කඩා වැටෙත් දී අසරණ කාන්තාවෝ අපාදුක් විඳ නැවත ගම්රට බලා එති.එහෙත් එහෙම එන ඇතැම් කාන්තාවන්ට මුහුණ දීමට සිදුවන්නේ එදා පටාචාරාවන්ට සිදුවූ සන්තෑසියටත් වඩා දරුණු දේවල්වලට නො වෙි ද? මව නැවත ගෙදර එනවිට ඇතැම් දරුවෝ මතට ඇබ්බැහි වී සිටිති.තවත් පිරිසක් අධ්‍යාපනය කඩාකප්පල් කරගෙන රස්තියාදු වෙති.සැමියා අනියම් පෙමක පැටලී සිටිති.මෙි කාන්තාවන් බැලමෙහෙවර කළේ එරට හාම්පුතුන්ගේ සත්සමල් ප්‍රාසාද වල ඉඳගෙනය.එහෙත් එයින් බැසගෙන එනවිට තමා වීර්යෙයන් ඇති දැඩිකර රැකබලා ගත් මල් වැනි දරුවන් අකලට පරවී ගොස්ය.මෙහිදී සත්පියුම් යනු ප්‍රබල රූපකයක් පමණක් නොව හැඟීම් සංකීර්ණයකි.පියුම යනු ස්වාභාවයෙන් ම සුගන්ධයෙන් පිරුණු පාරිශුද්ධත්වයේ සංකේතයකි.සිදුහත් උපතේ දී නෙළුම් මල් සතක් පිපුණු බව බෞද්ධ සාහිත්‍යයේ සඳහන්වෙි.මෙනයින් බලන කල පාරිශුද්ධත්වය විශද කිරීමට මෙයට වඩා පොහොසත් වචනයක් සිංහල භාෂාවෙි නැත.මෙි වූකලි විරෝධාකල්ප ගීතයකි.මෙහි රචකයා සමාජ ඛෙිදවාචකයේ එක් පැතිකඩක් විනිවිද දකිමින් ඒ වෙත ගීතයෙන් ප්‍රබල ප්‍රඥාලෝකයක් විහිදුවයි.එහි ප්‍රභාෂ්වරය කාටනම් නොපෙනේ ද? මෙි රට බංකොලොත් නොවී අාර්ථිකය ශක්තිමත් වූයේ නම් දුප්පත් අසරණ කාන්තාවෝ අරාබිකරයේ ගෘහසේවයට නොයති.එහෙත් එය එසේ වන දිනක් පේනතෙක් මානයක නැත.මෙි රටට සොඳුරු කලදසාවක් උදාවනතුරු පීඩිත පන්තියේ සැමියෝ ද බිරියෝ ද නාස්තිකර,හානිකර චර්යාවන්ට පෙලඹෙති.එවිට පවුල් කඩා ඉහිරේ.දරවෝ ද අපාදුකට වැටෙති.
මහගම සේකරයන්ගේ ගේයපද සුරචනයෙන් ද පණ්ඩිත් අමරදේවයන්ගේ සුගායනයෙන් සහ ස්වරාලංකාරයෙන් ද යුතු මෙි ගීමිණ ශෘංගාරරසය දනවයි.
සුකීර්තිමත් කිවිසුරු රත්න ශ්‍රී විජේසිංහයන්ගේ ගේයපද සුරචනයෙන් ද ජැක්සන් ඇන්තනි සහ කුමාරි මුණසිංහගේ භාවානුරාගී සුගායනයෙන් ද ඔස්ටින් මුණසිංහයන්ගේ ස
රත්න ශ්‍රී විජේසිංහයන්ගේ ගේයපද සුරචනයෙන් ද කරුණාරත්න දිවුල්ගනයන්ගේ සුගායනයෙන් ද එච්.එම් ජයවර්ධනයන්ගේ මියැසියෙන් ද සුසැදි මෙි ගීමිණ මානව ප්‍රේමයේ උ
සුකීර්තිමත් ගේයපද රචක ප්‍රේමකීර්ති ද අල්විසුන්ගේ පද සංකල්පනාවකට, ප්‍රවීණ සංගීතවෙිදී ශෙල්ටන් පෙරේරාණන් ස්වරාලංකාරයෙන් හඬ මුසුකළ මෙි ගීමිණ කරුණරසය ද
කේ.ඩී කේ ධර්මවර්ධයන්ගේ ගේයපද රචනයෙන් ද පණ්ඩිත් අමරදේවයන්ගේ කර්ණරසායන ස්වර මාධූර්යයෙන් ද සංගීත නිපුන් සනත් නන්දසිරිගේ ස්වරාලංකාරයෙන් ද සුසැදි මෙි ගී
සුනිල් ආරියරත්නගේ ධ්වනිතාර්ථපූර්ණ ගේයපද සුරචනයෙන් ද නන්දා මාලිනීයන්ගේ කර්ණරසායන ස්වරමාධුර්යයෙන් ද එච්.එම් ජයවර්ධනයන්ගේ මියුරු මියැසියෙන් ද යුතු ම
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
නෙළන්නට ගිහින් පලවැල