IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


මං හින්දා ඔබෙි

ගීවිනිස 140

 

 

ලූෂන් බුලත්සිංහලයන්ගේ සුගේය පද සුරචනයෙන් ද ගුණදාස කපුගේ සහ මාලිනී බුලත්සිංහලගේ ස්වර මාධූර්යයෙන් ද ගුණදාස කපුගේ සූරීන්ගේ ස්වරාලංකාරයෙන් ද සුවිභූෂිත වූ මෙි ගීමිණ ප්‍රේමයේ උත්තරීතරත්වය මෙන්ම පරිත්‍යාගශීලීත්වය  මොනවට පැහැදිලි කරයි.

 

මං හින්දා ඔබෙ නෙතඟින් 
කඳුළක් හෙළන්නෙපා
මං හින්දා ඔබෙ හද තුළ
සුසුමක් නැගෙන්නෙපා
ගිවිසා ගනිමු අපි පෙම්
යුවළක් සේ කිසිදා එක් නොවෙනා

අහස් මාලිගා නැහැ ඔබ නිසා මැවී
සැක සංකා නැහැ ඔබ ගැන හිතේ රැඳී
හිමිකම් නොකියමි ඔබට මගේ කිසිදා
උරණ නොවන්නෙමි ඔබ අන්සතු වූ දා


අතැඟිලි බන්ධන නොපතමි පෙමින් බැඳී
ඔබ සිරකරලන දොරඟුලු දමනු බැරී
නෑ කුල සිරිතෙන් සැලෙනා පෙමක් නොවේ
පෙමට පෙමින් යන පෙම්ලොව මෙයයි අපේ

ගායනය: ගුණදාස කපුගේ 
මාලිනී බුලත්සිංහල
ගේයපද : ලූෂන් බුලත්සිංහල
සංගීතය : ගුණදාස කපුගේ

 

ලොව ඇතැම් පෙම් බැඳුම් ගොඩනැගෙන්නේ සංකේතීය ප්‍රාග්ධනයට ලෝලයෙනි.අප වසන සමාජයේ බොහෝ පෙම් බැඳුම් විවාහ බැඳුමෙන් අවසන් නො වෙි.ජරපත් ධනේශ්වර සමාජයේ ජාති,කුල,ආගම්,පන්ති භේද,ආර්ථික සතුරෝ සියලු පෙම් බැඳුම් සුනුවිසුනු කරති.මෙනයින් බලන කල අප වසන සමාජයේ තථ්‍ය ප්‍රේමය කියා දෙයක් ඇත්තේ ම නැතැයි කීම අතිශයෝක්තියක් නො වෙි.සැබෑ ප්‍රේමවන්තයෝ  උනුන්ගෙන් වෙන්වීමට රිසි නොවෙති.

 පෙම් කුසුම විකසිත කරගැනීමට උනුන් එකිනෙකා වෙහෙස මහන්සි වූව ද ධනබල,නිලබල නමැති දෙබරෝ කඩා වැදී එහි පෙති එකිනෙක කඩා බිඳ දමති.තතු එසේ වූව ද  විරුද්ධ ලිංගිකයන් දෙදෙනකු අතර මිනිස් සන්තානයේ හට ගන්නා ප්‍රේමය පරමරමණීය නො වෙි ද? ආදරවන්තයන්ට ප්‍රේමය චමත්කාරය පිරි සොඳුරු විජිතයකි.ඇතමෙක් යටකී විජිතයේ අහස් මාලිගා තනති.එහෙත් සොබාදහමෙි ද මානව සමාජයේ ද බලපාන චලන නියාමයට,විපරිණාමයට ප්‍රේමය ද ගෝචරය.විපරිණාමයට ගොදුරු නොවන කිසිවක් ලොව නැත.ඒවාට වෙනස් ඉරණමක් ප්‍රේමයට විතරක්  ඇතැයි සිතීම ද මුළාවකි.

මෙි ගීතයේ ප්‍රේමවන්තයෝ සම්‍යඥානය ඇත්තෝය.ඔවුහු ප්‍රේමයේ අයථාර්ථවත් බව හොඳින් හඳුනාගෙන උනුන් එකිනෙකා ඇසුරු කරති.ප්‍රේමය ඉදිරියේ මුසා බස් නොදොඩති.හෘදයාංගම ප්‍රේමයෙන් වෙළී මානවබන්ධුත්වයෙන්,අධිෂ්ඨානයෙන් යුතුව අනාගතයට මුහුණ දෙති.මෙි වූකලී සම්භෝග ශෘංගාරය වෙනුවෙන් ජීවත්වන අවස්ථාවාදී පෙම්වන්තයෝ ද නොවෙති.ඔවුහු ප්‍රේමයේ ආත්මාර්ථකාමී හැඟීම් පසෙකළා මානවබන්ධුත්වය පමණක් තරකර ගත්තෝය.එහෙත් මෙබඳු ප්‍රේමවන්තයෝ සුදුර්ලභයෝය.එපමණක් නොව ඔවුන්ගේ ප්‍රේමයට ගිවිසුමක් ද ඇත.ඒ වනාහි දිවිතුරු එක් නො වීමය.සාම්ප්‍රදායික  විවාහ බන්ධනයට ඔවුහු රිසි නොවෙති. අනෙකා වෙනත් කෙනකු හා සරණ ගිය ද ඔවුහු  එයින් කම්පා  නොවෙති.එකිනෙකා කෙරෙහි සැක සංකා මතුකර නොගනිති.පරිත්‍යාගශීලී වෙති.එහෙත් ඔවුහු දෙදෙනා උනුන් එකිනෙකා කෙරෙහි ඇති හෘදයාංගම මානවබන්ධුත්වය අත්නොහරින බව ද කියති.මෙි නම් අපූරු ප්‍රේම ගිවිසුමක් නො වෙි ද? ප්‍රවීණ ගේයපද රචක ලූෂන් බුලත්සිංහලයන් මෙි ගීතයෙන් උත්කර්ෂයට නංවන්නේ සැබෑ ප්‍රේමයේ පරිත්‍යාගශීලී,නිරාමිස සතුට ගැන නො වෙි ද?



අදහස් (0)

මං හින්දා ඔබෙි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 455 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16927 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 668 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site