IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


බිරිඳ මගේ ඔබ

ගීවිනිස

 

 

මහාචර්ය සුනිල් ආරියරත්නයන්ගේ ගේයපද මාලාවෙන් ද නන්දා මාලිනීයන්ගේ සහ ගුණදාස කපුගේයන්ගේ ගායනයෙන් ද කපුගේ සූරීන්ගේ ම ස්වරාලංකාරයෙන් ද සුසැදි මෙි ගීමිණ කරුණරසය දනවයි.

පිරිමින් පතන ගැහැනු පිරිමින්ට ද ගැහැනුන් පතන පිරිමි ගැහැනුන්ට ද නොලැබෙත්.මෙනයින් ආදරයෙන් බැඳුණු සියලු ප්‍රේමවන්තයෝ විවාහ නොවෙත්.විවාහය යනු සමාජ අවශ්‍යතාවක් මිස පෞද්ගලික අවශ්‍යතාවක් නොවෙි.එහෙත් සමාජයේ ජීවත්වන්නෝ තමා කැමැති හෝ අකමැති කවුරුන් හෝ සමඟ විවාහ වෙති.මෙි ගීතයට පෝෂිත කරුණරසයට පිටුබල වන්නේ ගේහසිත ප්‍රේමයක් නැති එකී විවහා ජීවිතයක අඳුරු ඇතුළාන්තය යි.තමන් අකමැති කෙනකු හා සරණබන්ධනයට ගිය යුවළකගේ ආත්මීය අඬහැරය මෙි ගීතයෙන් මොනවට පැහැදිලි වෙි.අපේක්ෂා නොකළ අයකු හා විවාහ වූ විට උනුන් එකිනෙකාට දැනෙන වෙිදනාව පරිදාහය කෙතරම්ද?  
මෙි ගීතයේ කථකයා සහ කථකාව  විප්‍රලම්භ ශෘංගාරය මතින් විවාහ ජීවිතයට අවතිර්ණ වූවෝය.ඔවුහු තවමත්  අතීත ප්‍රේමය ගැන වදවෙති.අතීතයේදී සිහිනෙන් ගෑ සුවඳක් වැනි ඇසුරක් ඔවුහු අත්වින්දහ.එහෙත් එකී ප්‍රේමය ජයගැනීමට ඔවුහු අපොහොසත් වූහ.
මෙි ගීතය තුළින්ද ප්‍රතිනිර්මාණය කරනුයේ  තමා නොසිතූ අයකු හා විවාහ වන්නට සිදුවූ යුවළක අතර පවතින්නා වූ විසංවාදයයි.
 

බිරිඳ මගේ ඔබ
නෑ මා ඔබ‍ගේ බිරිඳ නොවේ
දෑගිලි හුයකින් බැඳි පමණින් මා 
ඔබගේ බිරිඳ ‍නොවේ

මෙි කථකයා ඇයට  බිරිඳ නමින් ආමණ්ත්‍රණය කළ ද ඇය එය ප්‍රතික්ෂේප කරන්නීය.ඇය පවසන්නේ ඇය කවමදාවත් ඔහුගේ බිරිඳ නොවන බව නොවෙිද?ඔවුන් දෙදෙනාගේ නොගැළපීම එම වදන්වැළෙන් ධ්වනිත වෙයි.පෝරුවෙිදී   රන්හුයකින් දැඟිලි එක්කළ ද දෙදෙනකුගේ සිත් එක්කළ නොහැකිය.ඔවුහු සමාජය ඉදිරියේ අඹුසැමියෝය.එහෙත් ගතින් මිස සිතින් නොවේ.විවාහ ජීවිතය යනු පරමරමණීය, සදානන්දනීය,සම්භෝග ශෘංගාරරසය පිරුණු අමොද බිඳු වෑහෙන ජීවිතයකි.ඇතමෙක් එය සොඳුරු කර ගනිති.සමහරු අඳුරු කර ගනිති.මෙි යුවළගේ සංයෝග⁣ය වියෝගයකි.මෙි මහා වියෝගයේ මූලහේතුව නම් සමාජය නමැති කොටුපවුරයි.මෙනයින් ජාති,ආගම්,කුලමල භේද හමුවෙි බොහෝ පෙම් බැඳුම් ඇතිවී නැතිවී යයි.
 

ඔබ පෙම් කළ අය ඔබට ලැබී නැත
මා පෙම් කළ අය මටද ලැබී නැත
මවුපිය නෑ සිය ආසිරි ගී මැද
දෑගිලි පමණක් එකට බැඳී ඇත


මොවුන් දෙපළම විවාහ දිවියට එළැඹියේ උනුන්ගේ වුවමනාවට නොව අනුන්ගේ වුවමනාවටය.අතීතයේ පෙම්කළ අය පිළිබඳ ඔවුහු තවමත් දුක්වෙති.වදවෙති.වැලපෙති.සැබෑ ප්‍රේමය නොමැති තැන දැනෙන ආගන්තුක බව මෙි අඹුසැමියෝ අත්විඳිති.මෙනයින් ගේහසිත ප්‍රේමයෙන් වෙළි ප්‍රේමයේ පරමානන්දය, බ්‍රහ්මාස්වාදය වින්දනය කිරීමට ඔවුනට නොහැකිය.එහෙත් දැන් කළ යුත්තේ ගෙවී ගිය අතීතය අමතක කර හෙට දවස ගැන සිතමින් දෙදෙනාම විවාහ ජීවිතය සතුටින් ගත කිරීම නොවෙිද?

 

සිරුරින් එකතැන හදවත් දෙතැනක
දෙදෙනකු වෙමු අපි එකම වහලයට
ඔබෙත් මගෙත් හද ගැහෙනා රාවය
අපට මියෙන තුරු හැඳිනිය හැකිවෙද


එක වහලක් යට කුටුම්බ ජීවිතය ගත කළ ද ඔවුහු ආගන්තුකයෝය.දෙදෙනාම සිත නැති බඹලොවක වෙසෙන්නෝය.උනුන් එකිනෙකාගේ හදවත් ගැහෙයි.එහෙත් එහි රිද්මය මියෙනතුරු ම හැඳුනානගත නොහැකිය.මිනිසා චිරාත් කාලයක් පතන්නේ කායික හා ආධ්‍යාත්මික වශයෙන් ලොබලිය ලියලවන විරුද්ධ ලිංගිකයකුගේ ඇල්මයි.එහෙත් මිනිසාගේ මෙි පැතුම යථාර්ථය තුළ සාක්ෂාත් වෙිද?



අදහස් (0)

බිරිඳ මගේ ඔබ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 676 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 551 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 446 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site