IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


ඔබෙි දෑසයි

ගීවිනිස 136

 

මහගම සේකරයන්ගේ ගේයපද සුරචනයෙන් ද පණ්ඩිත් අමරදේවයන්ගේ සුගායනයෙන් සහ ස්වරාලංකාරයෙන් ද යුතු මෙි ගීමිණ ශෘංගාරරසය දනවයි.

ස්ත්‍රී නයන සෞන්දර්ය පිළිබඳ කවියෝ විවිධ අර්ථකතන සපයති. උපමා රූපක ඇසුරින් රමණීය කාව්‍යෝක්ති ගොඩනගති.එහෙත් කාන්තාවගේ රූපසෞන්දර්යය හකුළා දක්වමින් කුළු ගන්වන්නේ  වුවන යි.ඇතැම් කාන්තාවන්ගේ  අඟපසඟ පමණක් නොව  මුහුණ ද පියකරුය.එහෙත් පුරුෂයාගේ  සිත ඇද බැඳ ගන්නේ ගැහැනියගේ සමස්ත රූපසෞන්දර්යය වෙත ම නො වෙි ද?තතු එසේ වූව ද මුහුණේ මන බදන බව තවදුරටත් තීව්‍ර වන්නේ නෙත් සඟළෙනි.මෙනයින් බලන කල කතකගේ සොඳුරු නෙත් සඟළෙහි බබළන නුරා බැල්මට වශී නො වන්නෝ කවරහුද?  

මෙි ගීතයට පසුබිමින් තිබෙන්නේ සුබා තෙරණියගේ කතාවයි.එකල සුබා තෙරණිය නමින් රූමත් කාන්තාවක සසුන්ගතව සිටියාය.පිරිමින්ගේ සිත් වශී කරන තරම් නයන යුග්මයක් ඇය සතු වූවාය.දිනක් ජීවක අඹ වනයේ සක්මන් කරමින් සිටි ඇයට තරුණයකු මුණගැසිණි.එම තරුණයා ඇගේ දෙනෙත් සඟළට වහ වැටී මෙසේ පැවසී⁣ය.

"අපි දූරගතා සරම්හසෙ, ආයතපම්හෙ විසුද්ධ දස්සනෙ
නහි මත්ථි තයා පියත්තරා, නයනා කින්නරි මන්ද ලොචනෙ"

එහි අර්ථය සැකවින් මෙසේය.
"කෙනකුගේ මන බඳිනසුලු දිගු දෑස් ඇති ඔබ සැබැවින් ම පියකරුය.කිඳුරියකගේ වගෙ මඳක් පිබිදුණු ඔබෙි ඇස් දෙක කෙතරම් දුරක හිටියත් මට නිබඳ සිහියට නැගෙයි.මං ඔබෙි ඇස් දෙකට තරම් වෙනත් කිසිම දෙයකට ප්‍රිය නොකරමි."

යටකී ථෙරී ගාථා ඇසුරින් මහගම සේකරයන් මෙම ගීතය රචනා කර ඇත.මෙි ගීතයේ ගැබ් වෙන්නේ එහි අන්තර්ගතය යි.  "නයනා කින්නරි මන්ද ලොචනෙ" යන වදන්වැළින් අරුත් නංවන්නේ "මීන චංචල කිඳුරු දෑසයි" යන්න නො වෙි ද?

ඔබේ දෑසයි
ඔබේ දෑසයි
නීල උත්පල දිගටි දෑසයි
මීන චංචල කිඳුරු දෑසයි

මෙි කථකයාට අනුව ඇගේ ඇස් නිල් මහනෙල් මල් වැනිය. නීල උත්පල යනු නිල් මහනෙලයි."නීල උත්පල දිගටි දෑසයි " යන්නෙන් දෙනෙතේ වර්ණය ද හැඩය ද විදහා දැක්වෙි."දිගටි දෑසයි" යනුවෙන් හඟවන්නේ දෙනෙතේ හැඩයි.ළඳකගේ ඇස් දිගටි වූ තරමට සුන්දරත්වය ද වැඩි වෙි.මෙහිදී "චංවල" යන්න් ද වැදගත් යෙදුමකි.වඩාත් සුන්දර වන්නේ නිසල නුවන් නොව සසල නුවන්ය.ලියකගේ ⁣නුරා හැඟුම් උද්දීපනය වන්නේ ඇගේ  නයන නලියන විට නො වෙි ද? එවිට ඇය සිතෙහි සිරකර ගෙන සිටි හැඟීම් මොනවාදැයි දැන ගැනීමට ද පුළුවන.කිඳුරු ලියෝ ද අති අභිරූපීකාවෝ ය.ඔවුහු තවුස් දැහැන් පවා බිඳිති.එහෙයින් "කිඳුරු දෑසයි"යන යෙදුම ද ශෘංගාරරසය දනවයි.මෙනයින් බලන කල කාන්තා නයනාලෝලනයෙන් වශී නො වන්නෝ ලොව කොතැනක නම් සිටිත් ද?


ඈත අහසේ තාරකා සේ
වශී කර මා සිත සිනාසේ
දුරක සිටියත් ළඟක සිටියත්
ඔබේ ඇස මට නිබඳ සිහිවේ
ඔබේ ඇස මට නිබඳ සිහිවේ

ඈත අහස් කුස  තරුකැට කෙතරම්  බැබළෙමින් තිබුණ ද ඒ වෙත ළඟාවීමට අපට නොහැකිය.එහෙත් එම තරුකැට අපේ සිත් වශී කරයි.නෙතට උළෙලක් වෙයි. කථකයාට අනුව මෙි ලියගේ නෙත් සඟළ ද ඈත බබළන තාරකා බඳුය.කථකයාගේ සිත කෙතරම් වශී කළ ද ඔහුට එම වස්තුව තමා සතු කර ගත නො හැකිය.එහෙත් එම ඇස් තරුකැට මෙන්  දුර සිට දකිද්දී ඔහු සිතෙහි  ඊට තව තවත් ලොබලිය  වඩවයි.දුරක සිටියත් ළඟක සිටියත් ඔහුට ඇගේ ⁣නෙත් සඟළ මැවී පෙනෙන බව කියන්නේ එබැවිනි.


ඔබේ අඩවන් නුවන් දුටු සඳ 
රාග ගින්නෙන් දැවෙයි මා හද
එවන් දෑසින් සිහිල් දිය ඉස
නිවන් ගිනිගෙන දැවෙන මා හද

ඇගේ අඩවන් දෙනෙත්  දකින විට ඔහු සිතෙහි සම්භෝග ශෘංගාර හැඟීම් ජනිත වීම අරුමයක් ද?මෙි වූකලී හද දවන විෂ හීසැර වැනිය.කථකයා අවසානයේ පවසන්නේ ඇගේ කාන්තිමත් නුවන් සඟළින් සිහිල් දිය බිඳක් ඉස හෝ තම සිතෙහි හටගත් රාග ගින්න වහා නිවා දමන ලෙස නො වෙි ද? මහගම සේකරයන්ගේ  කාව්‍යාත්මක බස් වහරත් අමරදේවයන්ගේ කර්ණරසායන ස්වරමාධුර්යයත් මෙි ගීමිණෙහි සාර්ථකත්වයට දෙස් දෙයි.



අදහස් (1)

ඔබෙි දෑසයි

Tillekerathne Rathnayake Mudiyanselage Tuesday, 29 April 2025 08:29 PM

ඔබ තරුණ පරපුරේ රස කුළු ගන්වන්නේය.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 455 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16927 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 668 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site