ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙවර රණවිරු සමරුවට සහභාගිවීමට සැලසුම් කර නොසිටියේ ය. ඒ බව ආණ්ඩුව මෙම උත්සවයේ සූදානම පිළිබඳ කළ ප්‍රකාශවලින් ම පෙනේ. රණවිරු සේවා අධිකාරියේ සභාපතිවරයා උත්සවයට දින දෙකකට පෙර මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් ප්‍රකාශ කළේ උළෙල පැවැත්වෙන්නේ නියෝජ්‍ය ආරක්ෂක ඇමතිවරයාගේ ප්‍රධානත්වයෙන් බවයි.
ජනාධිපතිවරයා ඊට සම්බන්ධ නොවන බව ද ප්‍රකාශ විය. ඉනික්බිතිව සිදුවූයේ නොසිතූවකි. ප්‍රකාශයෙන් පසු ලංකාවේ සමාජ මාධ්‍ය විශාල ලෙස කැළඹී ගියේ ය. 2009 වසරේ අවසන් වූ ත්‍රස්තවාදයට එරෙහි සටන සහ එහි දී ජාතියේ ජයග්‍රහණය ගැන අලුත් සංවාදයක් ඇති වන්නට විය. අන් සියලු කරුණු ක්ෂණිකව යටපත් වී කිසියම් ආකාරයක ජාතික විඥානයක් මහජන පරිමණ්ඩල තුළ උස්ව වැඩෙන්නට විය. එහි ප්‍රතිඵලය වූයේ රණවිරු සේවා අධිකාරියේ සභාපතිවරයා නැවත වරක් මාධ්‍ය අමතමින් ජනාපතිවරයා සැමරුමට සහභාගි වන බව ප්‍රකාශ කිරීමයි. ජනාධිපතිවරයා මෙම උත්සවයට සහභාගී වීමට අදහස් නොකර සිටි බව තවදුරටත් තහවුරු කරමින්, සමාජ මාධ්‍ය ජාලවල සංසරණය වූ රණවිරු සේවා අධිකාරිය මගින් නිකුත් කෙරුණු සැමරුමේ ආරාධනා පත්‍රවල තිබුණේ එය පැවැත්වෙන්නේ ආරක්ෂක නියෝජ්‍ය ඇමතිවරයාගේ ප්‍රධානත්වයෙන් බවයි.
තත්වය පාලනය කළ නොහැකි ලෙස විරෝධයක් දක්වා වර්ධනය වන විට ජනාධිපතිවරයාගේ දේශපාලන පාර්ශවය නියෝජනය කරන බොහෝ දෙනා ද වික්ෂිප්ත වූ බවක් දක්නට ලැබුණි. ඇතැමෙක් ආණ්ඩුවේ තීරණයට එරෙහිව අදහස් දැක්වූහ. ප්‍රතිඵලය වූයේ පෙරදා රණවිරු සැමරුමට නොඑන්නට සිටි ජනාධිපතිවරයා ඊට එන්නට තීරණය කිරීම ය. කුමන කොන්දේසි යටතේ සිදු වුව ද එය යහපත් තීරණයකි.
ඒ කෙසේ වෙතත්, ජනාධිපතිවරයා මෙම උත්සවයට සභභාගී නොවී සිටීමට මුලින් තීරණය කළේ ඇයි ද යන්න අප විමසා බැලිය යුතු ය. ඒ තුළ වත්මන් පාලනයේ දේශපාලන සහ ජාතික දිසානතිය පිළිබඳ වැදගත් දේශපාලන පණිවුඩයක් ගැබ්ව ඇත.
ජනාධිපතිවරයාට මෙරට ත්‍රස්තවාදය අවසන් කිරීම පිළිබඳ තිබෙන තක්සේරුව කුමක්ද? ඒ කුමක් දැයි මෙම ලිපියේ පේළි අතරින් පෙනී යනු ඇති අතර මුලින්ම සඳහන් කළ යුතු දෛවෝපගත කාරණය නම්, ත්‍රස්තවාදය පරාජය කිරීමට දේශපාලන නායකත්වය ලබාදුන් ජනාධිපති මහින්ද රාජපක්ෂ බලයට ගෙන ඒම සඳහා වැඩිම දායකත්වය සැපයූවේ එවක ජනතා විමුක්ති පෙරමුණ වීමයි. අප ඒ ගැන එම පක්ෂයට හදවතින්ම ස්තිතුවන්ත විය යුතු ද වේ. මන්ද ඒ අවස්ථාවේ දී මහින්ද රාජපක්ෂ මහතාගේ නිල දේශපාලන පක්ෂය පවා ඔහුට සහාය වූයේ නැත. ඒ අනුව, ජවිපෙ නොවන්නට මහින්ද රාජපක්ෂ 2005 වසරේ බලයට එනු ඇතැයි කිසිසේත්ම සිතිය නොහැකි ය.
කෙසේ වෙතත්, රාජපක්ෂ ආණ්ඩුව ත්‍රස්තවාදයට එරෙහිව කළ සටනේ උපරිමයේ දී ජනතා විමුක්ති පෙරමුණ මහින්ද ආණ්ඩුව අතහරින්නේ ය. විශේෂයෙන් ම ඔවුන් එසේ කරන්නේ, 2008 අයවැය සඳහා පාර්ලිමේන්තු ඡන්ද විමසීම ඔන්න මෙන්න කියා තිබිය දී ය. කෙසේ වෙතත්, එවක විපක්ෂයේ සිටි එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් ආණ්ඩුවට දිනා ගැනීමත් සමග නැවත වරක් ආණ්ඩුව පාර්මේන්තුව තුළ ශක්තිමත් විය. කෙසේ වෙතත්, ඒ අවස්ථාවේ දී ජනතා විමුක්ති පෙරමුණට අවශ්‍ය වූයේ රට තුළ දේශපාලන අවිනිශ්චිතතාවක් ඇති කිරීමට ය. අයවැය පරාජය වන්නට හැර ආණ්ඩුව බිඳ වැට්ටවීමට ඔවුන් උත්සාහ කළ බව පෙනීයයි. විපක්ෂය විසින් ආණ්ඩු වැට්ටවීම සාමාන්‍ය දෙයකි.
දශක ගණනාවක් තිස්සේ රට අඳුරට ඇඳ දැමූ තිස් අවුරුදු ත්‍රස්තවාදයට එරෙහිව රටේ ආරක්ෂක හමුදාව තීරණාත්මක සටනක් කරමින් සිටිය දී, විපක්ෂයක් විසින් ආණ්ඩුවක් පෙරළා දැමීමට උත්සාහ ගනී ද? ගන්නේ නම් ඒ ඇයි?
කිලිනොච්චි නගරය අල්ලා ගැනීම යනු අවසන් මානුෂීය මෙහෙයුමේ තීරණාත්මකම සංධිස්ථානයකි. මෙරට ආරක්ෂක හමුදාව විසින් ඇත්ත වශයෙන්ම එල්ටීටිය පරාජය කිරීම සඳහා කටයුතු කරමින් සිටින බව මෙරට ජනතාවට සේම විදේශවල මේ ගැන උනන්දු අයට ද ඒත්තුගන්වනසුලු තත්වය ඇතිවූයේ මේතැන් සිට ය. ඒ වන විට එල්ටීටිය ගැන, විශේෂයෙන් ම ඔවුන්ගේ අගනුවර වූ කිලිනොච්චිය ගැන මවා තිබූ චිත්‍රය සුළුපටු එකක් නොවේ. බොහෝ අය එවක පළ කළ මතයක් වූයේ ආරක්ෂක සේනා විසින් පරිවාර ප්‍රදේශ අල්ලාගනිමින් ඉදිරියට යන්නේ, එල්ටීටිඊ උගුලක් තුළට බවයි. එනම් හමුදාවට ඇතුළට එන්නට දී ඔවුන්ට වටකර පහර දී පරාජයට පත් කිරීම කොටි සැලසුම බව කියවුණි. කෙසේ වෙතත්, කිලිනොච්චිය සමගම එම මිථ්‍යාව ද ඉතිරි නොකරම බිඳ වැටුණි.
ජවිපෙ මහින්ද ආණ්ඩුවෙන් ඉවත් වන්නේ එවන් තීරණාත්මක සටනක් ජයග්‍රහණය කළ අසබඩ ය. ඔවුන් මෙම තීරණයේ බරපතළකම නොදන්නවා නොවේ. එය අන් කිසිවෙකුටත් වඩා හොඳින් දන්නා නිසයි ඔවුන් එම ක්‍රියාමාර්ගය ගත්තේ. යම් හෙයකින් එම අවස්ථාවේ දී ආණ්ඩුව බිඳ වැටුණේ නම්, මේ සටහන ලියැවෙන ලංකාවේ ඉතිහාසය මීට වඩා හාත්පසින්ම වෙනස්වන්නට ඉඩ තිබුණි. එවන් තත්වයක දී මතුවන අස්ථාවර දේශපාලන වටපිටාව තුළ එල්ටීටිය නැවත වරක් ශක්තිමත් වනු ඇති අතර, ආරක්ෂක හමුදාවල චිත්ත ධෛර්ය බිඳ වැටෙනු ඇත. ජවයෙන් ගිය ගමන අඩාළ වී, මහ මැතිවරණය කාලය තුළ ගොඩනැගෙන අනාරක්ෂිත බව තුළ කොළඹ බෝම්බ පිපිරී මහත් විනාශයක් සිදුවනු ඇත. දකුණේ මැතිවරණ වේදිකාව සාමය සහ යුද්ධය වශයෙන් දෙකට බෙදෙනු ඇති අතර අන්තර්ජාතික මැදිහත් වීම මත සාම පාර්ශවය’ ඉස්මතු වී රටේ දේශපාලන දිසාව සපුරා වෙනත් අතකට යනු නියත ය. ජවිපෙට අවශ්‍ය වූයේ මේ තත්වය නිර්මාණය වන්නට ඉඩ හැරීම ද?
යුද්ධයේ තීරණාත්මක හැරවුමක සිදු වූ මේ සිදුවීම පිළිබඳ ලංකාවේ ප්‍රමාණවත් ලෙස සාකච්ඡා වී නැත. එසේ වූයේ අදාළ සිදුවීම අපේක්ෂිත ප්‍රතිඵල දක්වා වර්ධනය නොවූ බැවින් බව පෙනේ. මෙය අප වැනි රටවල මහජන සංවාදවල තිබෙන දුර්වලතාවකි. අප බරක් තබන්නේ, යහපත් හෝ අයහපත් අවසන් ප්‍රතිඵලය මත විනා එම ප්‍රතිඵලය ගෙන ඒමට තුඩුදුන් හෝ එය වැළැක්වීම සඳහා තුඩුදිය හැකි සාධකවලට නොවේ. ඒ නිසා අප දැනුදු ඇතැම් දේශපාලන ක්‍රියාමාර්ගවල දී අතීත පාඩම් දෙස බලන්නේ නැත.
වත්මන් ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වය-විශේෂයෙන් ම ත්‍රස්තවාදයට එරෙහි සටන සම්බන්ධයෙන් ඔවුන්ගේ වත්මන් ආකල්ප දෙස බලන විට ඉහත අතීත සිදුවීම පිළිබඳ යම් ආලෝකයක් සපයා ගත හැකි ය. ජනාධිපතිවරයාට රණවිරු සැමරුමට ඒමට අවශ්‍ය නොවුණා යනු ඒ ගැන ඔහුට වටිනාකමක් නැති වීම ය. එය තමන්ගේ ජයග්‍රහණයක් ලෙස ඔහුට නොපෙනීම ය. 2015 යහපාලන ආණ්ඩුවේ ජනවරම සැලකියයුතු ලෙස උතුරු නැගෙනහිර ඡන්දවලින් සමන්විතව ජයගත් අවස්ථාවේ පවා එවක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන යම් අඩු තීව්‍රතාවකින් වුවද මෙම දිනය සැමරුවේ ය. රනිල් වික්‍රමසිංහ ද පසුගිය කාලයේ එසේ කළේ ය. එහෙත් ජනාධිපති අනුර පසුව වෙනස් කළ ද ඔහු මුලින් සිතුවේ මීට නොපැමිණ සිටීමට ය. ඒ මතු නොව, රට වෙනුවෙන් සිය දිවි පරදුවට තැබූ සහ සදාකාලික ආබාධයට පත් රණවිරුවන්, ජනාධිපතිවරයාට අනුව හුදු සොල්දාදුවන් ය. ඔවුන් සොල්දාදුවන් බව ඇත්තකි. එහෙත් ඔවුන්ට රණවිරු නාමයෙන් අමතන්නේ, ඔවුන්ගේ කැපකිරීම සොල්දාදුවකුගේ වැටුපකට සීමා නොකොට ඉන් එහාට තැබූ හෙයිනි. එය සාමාන්‍ය තත්වයක් නොවේ. මරණය පෙනී පෙනී කෙනෙකු වැටුපක් වෙනුවෙන් ඉදිරියට යන්නේ නැත. ඒ අනුව, අප මෙහි සුවිශේෂත්වය අවබෝධකරගත යුතු ය.
පාර්ලිමේන්තුව ඊයේ දිනයේදී ඇමතූ මාලිමා මන්ත්‍රීවරයකු අමුතු ප්‍රකාශයක් කළේ ය. ඔහු කීවේ හොඳට වැඩ කරන රාජ්‍ය සේවකයා පවා රාජ්‍ය සේවක විරුවකු බවයි. එසේම ජවිපෙ කැරලිවලට සම්බන්ධ වූ අය ද විරුවන් ලෙස ඔහු හැඳින්වූවේ ය. පැහැදිළිව පෙනී ගිය ලෙස ඔහුට අවශ්‍ය වූයේ ආරක්ෂක සේවාවල රණවිරුවන් සුවිශේෂ පිරිසක් නොවන බව ඒත්තු ගැන්වීමට ය. තව මොහොතකින් එන මරණයක් ගැන අදහසක් නැති රාජ්‍ය සේවකයකු සහ එවන් මරණයක් හමුවේ පෙරමුණේ ගිනි කමින් සටන් කරන හමුදා සෙබළකු අතර වෙනස අමුතුවෙන් කිව යුතුද?
මේ අතර, ජනාධිපතිවරයා විසින් රණවිරු සමරුවේ දී කළ කතාවේ සමස්ත ඇඟවුම ද ඉහත සිදුවීම් සමග සමපාත වන්නකි. ත්‍රස්තවාදය පරාජය කිරීම ගැන අප ලැජ්ජාවිය යුතු බවක් වැනි සංඥාවක් එහි තිබුණි.
එක් අතකින් ඉතිහාසයේ වැළලී ගිය සිදුවීමක්, වර්තමාන සිදුවීම් සමග එකට තබා බැලූ විට අපට පෙනී යන්නේ ඒ සියල්ලම එකම රටාවකට සිදුවෙමින් තිබෙන බවයි. මේ පිළිබඳ අප වෙනත් නිගමනවලට පැමිණීමට මේ මොහොතේ අදහස් නොකරන අතර, ආණ්ඩුව ඉදිරි කාලයේ දී උතුරු නැගෙනහිර ප්‍රශ්නය පිළිබඳ ඔවුන්ගේ විසඳුම් යෝජනාවලි යනාදිය සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ග ද ඇඳෙමින් තිබෙන පුළුල් සිතුවමේ රේඛා මනාව කැපීපෙනෙන්නට පටන්ගනු ඇති බව පමණක් සඳහන් කරමි.
(***)
සබරගමුව විශ්වවිද්‍යාලයේ
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
මහින්ද පතිරණ
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
යුද්ධයේ තීරණාත්මක හැරවුම
pakeer Friday, 23 May 2025 09:56 PM
උපාධි නොගත්ත අපිටත් තේරෙනවා රටේ වෙන්නේ මොකක්ද කියලා... ඔච්චරම රෙදි නැතිව කඩේ යන්න එපා.
Anura Pathirana Sunday, 25 May 2025 09:28 AM
එක් ජනකොටසකගේ සිත් රිදෙනවා නම් රට පාලනය කරන බහුතරය මෙවන් සැමරුම් අවශ්‍ය දැයි කල්පනා කළ යුතුව ඇතත් මියගිය තරුණයන්ගේ පවුල්වලට සහන සැලසීම ඊට වඩා සුදුසුය.