IMG-LOGO

2025 දෙසැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


හිමාලයෙන් බිහිවූ වමේ නායකයා

කඞ්කා ප්‍රසාද් ඔලි ජනපති මෛත්‍රීපාල සිරිසේන හමුවූ මොහොතක්.

චීන ජනපති හමුවී....

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි හමුවී..

හැරී කුමරු මුණගැසුනු මොහොතක්...

 

 

සිව් දිසාවෙන්ම ගොඩබිමින් වටවී හිමාල කඳුවැටියේ ස්ථානගත වී ඇති නේපාලය ස්වභාව ධර්මයේ සෞන්දර්යත්වයෙන් අනූන වුවද එරට ජීවත්වන ජනතාවගේ ජීවන රටාව හිතන තරම් සුන්දර නැත. උතුරින් චීන මහජන සමූහාණ්ඩුවට ද, දකුණෙන්, නැගෙනහිරින් සහ බටහිරින් ඉන්දියාවට ද මායිම් වී ඇති මේ රාජ්‍යයේ ජනගහනයෙන් භාගයක් පමණ ඇමෙරිකානු ඩොලර් 1.25ක් වන අන්තර්ජාතික දිළිඳු රේඛාවෙන් පහළ ජීවත් වෙති.


ආසන්න වශයෙන් මිලියන 30ක ජනගහනයකින් ද සමන්විත නේපාලය, ඉහළ භූගෝලීය, සංස්කෘතික සහ ආගමික විවිධත්වයකින් පොහොසත් රටේ ජනතාවගේ දිළිඳු බව තුරන් කිරීමට එදා මෙදා කාලය තුළ විවිධ දේශපාලන නායකයෝ කටයුතු කළහ. එරට ජ්‍යෙෂ්ඨ කොමියුනිස්ට් නායකයකු වන එක්සත් මාක්ස් ලෙනින්වාදී පක්ෂයේ සභාපති කඞ්කා ප්‍රසාද් ඔලි 2018 වසරේ පෙබරවාරි නේපාලයේ අගමැති පදවියට පත් වූයේ එරට ජනතාව තුළ නව බලාපොරොත්තු ඇති කරමිනි. අද දියත රාජ්‍ය නායක පිටුව වෙන්වන්නේ ඔහු වෙනුවෙනි.


නේපාලයේ හැටහය හැවිරිදි නව අගමැතිවරයා මෙයින් වසර පනහකට අධික කාලයකට පෙර සිය දේශපාලන ජීවිතයේ සමාරම්භය සනිටුහන් කරන ලද්දේ එරට පැවති රාජාණ්ඩුක්‍රමයට එරෙහිව එදා ගෙනයමින් තිබුණ සන්නද්ධ අරගලයට එකතු වීමෙනි. එහෙත් ඔහු මාවෝවාදීන් විසින් ගෙනගිය ප්‍රචණ්ඩ කැරැල්ල පසු කාලයෙහි දැඩි දෝෂ දර්ශනයට ලක් කළ විවේචකයකු බවට පත් විය. නේපාලයේ අගමැති ධුරයට පත්වීමේ ගමන් මඟේදී නේපාල මාවෝවාදී පක්ෂයේ සහයෝගයත් මෙවර කඞ්කා ප්‍රසාද් ඔලි වෙත ලැබීම පුදුම සහගත බව කිව යුතුය. ප්‍රචණ්ඩාගේ නායකත්වයෙන් රාජාණ්ඩුවට එරෙහිව කැරලි ගැසූ නේපාල මාවෝවාදී පක්ෂය අවි බිම තබමින් 2006 වසරේ සාමකාමී ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ප්‍රවාහයට එක් වීමද නේපාල දේශපාලනය උඩුයටිකුරු කළ සිද්ධියක් බව කිව යුතුමය.


කඞ්කා ප්‍රසාද් ඔලි 2018 පෙබරවාරි අගමැති ධුරයට පත්වීමට පෙර එනම් ඊට වසර එකහමාරකට පෙරත් නේපාල මාවෝවාදීන්ගේ ආධාරය ඇතිව අගමැති පදවියට පත් වුවද මාවෝවාදී සහයෝගය අහිමි වීමත් සමග ඔහුට පදවියෙන් ඉවත් වීමට සිදු විය.


එක්සත් මාක්ස් ලෙනින්වාදී පක්ෂය සහ නේපාල මාවෝවාදී පක්ෂය අතර පැවති ගනුදෙනුව මෙයින් මාස කීපයකට පෙර පැවතුණේ පහළ මට්ටමකය. එහෙත් පසුගිය මහ මැතිවරණයේ දී වාමාංශික සන්ධානයක් ගොඩනඟා ගනිමින් ඔවුන් තරඟවැදුන අතර ඉන් නොනැවතී තවත් පියවරක් පෙරට ගොස් එක් දේශපාලන පක්ෂයක් බවට පත්වීම දැන් එම පක්ෂ දෙකේ සැලැස්ම වී ඇත.


පසුගියදා පැවැත්වුණ මැතිවරණයේ දී නේපාල පාර්ලිමේන්තුවේ ආසන 275 න් 174 ක්ම දිනා ගැනීමට එම වාමාංශික සන්ධානය සමත් විය. එයින් ආසන 121 ක් තනිව දිනා ගැනීමට අගමැති කඞ්කා ප්‍රසාද් ඔලි නායකත්වය දෙන එක්සත් මාක්ස් ලෙනින්වාදී පක්ෂය සමත් විය. මෙය කඞ්කා ප්‍රසාද් ඔලි කත්මන්ඩු පාලනයට නායකත්වය දෙන අවස්ථාව වෙයි.
ඉන්දියානු දේශ සීමාව හරහා සිදුකෙරෙන සැපයුම්වලට බාධා කරනු ලැබීමෙන් අනතුරුව අගමැති කඞ්කා ප්‍රසාද් ඔලි සිය පසුගිය පාලන සමයේ චීනය සමග වෙළෙඳ සහ හුවමාරු ගිවිසුමක් අත්සන් කළේය. 2015 වසරේ පත්කර ගන්නා ලද ව්‍යස්ථාදායක මණ්ඩලය විසින් ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවක් පිළිබඳ ප්‍රකාශනයක් නිකුත් කරනු ලැබීමෙන් අනතුරුව පැතිර ගිය විරෝධතා සමග එම දේශ සීමා බාධක පැනවීම සිදුවිය.


නේපාලය සහ චීනය අතර වෙළෙඳ ගිවිසුමක් අත්සන් තබනු ලැබීම ඉන්දියාව විසින් සලකන ලද්දේ අගමැති කඞ්කා ප්‍රසාද් ඔලි චීනය දෙසට නැඹුරුවීමක් ලෙසය. එහෙත් එවැනි විශේෂ නැඹුරුවක් නොමැති බව අගමැතිවරයා දිගින් දිගටම කියා සිටියේය.


මේ අතර ඉන්දියානු ආණ්ඩුව සිය විදේශ ඇමතිනී සුෂ්මා ස්වරාජ් මේ මස මුල දී නේපාලයේ සංචාරයක නිරත කරවීමට පියවර ගෙන තිබුණි. බොහෝ දෙනෙක් එය දුටුවේ ඉන්දියාව අගමැති කඞ්කා ප්‍රසාද් ඔලි සහ ඔහුගේ පක්ෂය සමග සබඳතා ශක්තිමත් කර ගැනීමට දරන ප්‍රයත්නයක් ලෙසය. ඉන්දීය විදේශ ඇමතිවරිය කත්මණ්ඩු සංචාරයේ දී අදහස් දක්වමින් නේපාල අගමැති ඔලි නායකත්වය දෙන නේපාල ආණ්ඩුවත් සමඟ එකමුතුව ක්‍රියාකිරීමේ අභිලාෂය පළ කළාය.


නේපාල අගමැතිවරයාට ඉදිරියේදී මුහුණදීමට සිදුවන ප්‍රධානතම අභියෝගයන් අතර ප්‍රධානම වන්නේ රටේ ජනතාව දීර්ඝ කාලයක සිට මුහුණ දෙන දරිද්‍රතාව රටින් තුරන් කිරීමයි. ඊට අමතරව මෑතකාලීනව එරට සිදුවූ භූ කම්පනවලින් සිදුව ඇති හානි ප්‍රතිසංස්කරණය කර නැවත ගොඩ ගැනීමත් ඒ අතර ප්‍රධාන වන බව කිව යුතුමය.

 

 


තිළිණි ද සිල්වා
ඡායාරූපය : අන්තර්ජාලයෙනි



අදහස් (0)

හිමාලයෙන් බිහිවූ වමේ නායකයා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 515 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 475 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 417 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site