IMG-LOGO

2025 දෙසැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


සහකාරියගේ ගති සොබා

 

ජියැන්ග් දරුණු ප්‍රචණ්ඩ අශ්වයින් මෙල්ල කිරීමට ද ආශා කළාය. ඇයට ආණ්ඩු මට්ටු කළ නොහැකි කිසිම ප්‍රචණ්ඩ අශ්වයෙක් නැති තරම්ය. ඇගේ ජවසම්පන්නම අශ්වයා ඇයට ලැබුණේ අපි උතුරු ෂැන්සි හි සිටි කාලයේදිය. ජෙනරාල් හේ ලොන්ග් එම අශ්වයා ඇයට දුන්නේ තෑග්ගක් ලෙසිනි. තද අ`එ පැහැති ඒ සෛන්ධවයා ඉතා දරුණු ප්‍රචණ්ඩ සත්වයෙක් විය. ඇය යැන්-නෑන් සිටි අවදියේ අශ්ව රේස් සඳහා අන් අයට අභියෝග කළ බවක්ද කියැවේ. ඒ ඇගේ ස්වභාවයයි.


තම හැකියාවන් හා ජයග්‍රහණයන් පිටතට පෙන්වන්නට ඇය කැමතිවිය. වරක් චූ එන්-ලායි යැන්ග්ජියාලින් සිට මධ්‍යම පක්ෂ විදුහලේ සිසුන්ට දේශනයක් පැවැත්විම සඳහා යන විට ඔහු එහි ඇරලවිම සඳහා ජියැන්ග් ද ඇගේ අශ්වයා පිට නැගි ගියාය. චූ ගමන් කළේ ද අශ්වයෙකු පිටිනි. ඇත්තටම ඔවුන් ගමන් කළේ රේස් එකක් යන්නාක් මෙනි. එහිදි ජියැන්ගේ දරුණු අශ්වයා ප්‍රචණ්ඩ ලෙස හැසිරිම හේතුවෙන් චූ ගේ අශ්වයා බියට පත්වි ඔහු බිම හෙළුවේය. ඉන් ඔහුගේ දකුණු අත කැඩුණි. මෙය සිදුවුණේ 1939 වසරේදීය. ඒ සම්බන්ධව නොයෙකුත් කටකතා පවා ඒ දිනවල ප්‍රචාරය විය. එය චු එන්-ලායි ට එරෙහිව ජියැන්ග් කළ කුමණ්ත්‍රණයක් බැව් එමගින් කියැවිණි. එහෙත් එය කවදාවත් විශ්වාස කළ නොහැකි නිකම්ම නිකම් කට කතාවක් පමණි. “සංස්කෘතික විප්ලවය” සමයේත් ජියැන්ගේ සහචරයෝ ද මෙවැනි කටකතා ප්‍රචාරය කළහ.


ජියැන්ග් තුවක්කුවලට කැමති නොවීය. ඇගේ ප්‍රධානතම විනෝදාංශය වුවේ කාඞ් සෙල්ලම් කිරිම සහ වූල් ගෙතීමය. ඇය ඇඳුම් ගෙතීමට බොහෝ දක්ෂය. සීතට අඳින ලොම් ඇඳුම් විවිධාකාර මෝස්තරවලට අනුව ඉස්තරම්ම ලෙස ඇය ගෙතුවාය. ඊට අමතරව ඇය දක්ෂ සන්නාලියක් ද වුවාය. ඉතා දැකුම් කලු හැඩයෙන් යුත් ලී-නේ ඇන්ඳ සියලුම ඇඳුම් ජියැන්ගේ නිමැයුම් විය. උතුරු ෂැන්සි හි යුද්ධය පැවති කාලයේ ජියැන්ග් යුද්ධයට සම්බන්ධ නොවුනු අතර, වැදගත් කිසිම දෙයක් නොකළා මෙන්ම නරක දේවල් ද නොකළාය. 


එකළ ඇගේ කාර්යය වුවේ මාවෝ රැකබලා ගැනීමය. සාධාරණ විදිහට කීවොත් අපේ නායිකාව වශයෙන් ඇය ඇගේ කාර්යය නියම ලෙස ඉටුකළ බව කිව යුතුය. ඇය අප සමග බොහෝ සමීපව සිටීමට උත්සාහ කළාය. අපේ කොණ්ඩා පවා කැපුවාය. අපට සාමාන්‍ය දැනීම කියා දුන්නාය. සරළ විද්‍යත්මක කාරණා ඉගැන්වූ අතර රෙදි මහන්න පවා ඉගැන්වීය. අපි හමුදා ආචාර පෙළපාලියේ ගමන් කරන විට ඇය අපව දිරිමත් කළාය. සමහර අවස්ථාවල ඇය අපට තේරවිලි විසඳන්න දුන්නාය. ඇගේ එක් තේරවිල්ලක් මෙසේය.
“ඔබට ඔබේ කාමරයෙන් පිටවෙන්නේ නැතිව ලී දහසක දුරක් ඇවිදින්න පු`එවන් වෙන්නේ කොයි වෙලාවකද?. අධිරාජයෝ, ඇමතිවරු, ජෙනරාල්වරු, එකට සිටිනවා දකින්න පු`එවන් වන්නේ කොයි වෙලාවටද?. වෙනත් වාසගමක් ඇති පුතෙක් තමන්ට ඉන්නේ කොයි වෙලාවකද?. ඔබට ආදරය කරන බිරිඳක් ඔබ සමග ඇඳේ එකට නිදා නොගන්නේ කොයි වෙලාවටද?.”
පිළිතුර “ඔබ නාට්‍යයක රඟපාන විටදි.”


ජියැන්ග් ඉතා ලස්සනට ඇඳුම් පැළඳුම් කළාය. ඇත්තටම ලස්සනට පියකරු ලෙස සිටින්නේ කෙසේද යන්න ඇය හොඳින් දැන සිටියාය.

උතුරු ෂැන්සි හි යුද්ධය පැවති කාලයේ ඇය කොණ්ඩය කඩාදමාගෙන සිටීම ඇය නතරකර ඒ වෙනුවට බෙල්ලට පහළින් ගුලියක් සේ සිටින ලෙසින් කොණ්ඩය බැන්ඳාය. තරුණ ගැහැණු ළමයි ඔවුන්ගේ කොණ්ඩා මෝස්තර සම්බන්ධයෙන් ඇගෙන් උපදෙස් පැතූ අතර ජියැන්ග් ඉතා සතුටින් ඔවුනට ඒ වෙනුවෙන් උදව් කළාය.


සීත ඍතුවේදී බොහෝ වෙලාවට ඇය ඇන්ඳේ හමුදා නිල ඇඳුම්ය. නමුත් ඇතැම් විට නිල් පැහැති කපු රෙද්දෙන් මැසු පු`එන් පිරවු ජැකැට්ටුවකට ද ඇය මාරුවිය. ඇගේ රූ සපුව කැපි පෙනෙන ලෙසට එය මසා තිබුණි. ග්‍රීෂ්ම කාලයේ ඇය කපු කබායක් ඇන්ඳාය. ඇගේ පැහැපත් ජවි වර්ණය ගැන මෙන්ම සිහින් ඉඟ ගැන ද ඇය ආඩම්බරවිය. මේ සියල්ලම පැත්තක තැබුවත් ජියැන්ග් අනිකුත් ගැහැණුන්ට වඩා වෙනස් අයෙක් වූවාය. ඇය ඇගේ හැකියාවන් පිළිබඳ හොඳ දැණුවත් භාවයකින් පසුවිය.


ජියැන්ග් ෂැංහයි හි ජීවත් වුවේ ගොවි, කම්කරුවන් වෙසෙන විවෘත පෙදසකය. තමා සාමන්‍ය ජනයාගෙන් කෙනෙක් ලෙස පෙනී සිටිමට ආශා කළාය. එනිසා ගොවි, කම්කරුවන්, සොල්දාදුවන් සමග මුසුවි ජිවත්වෙන්න ඇය උත්සාහ කළාය. නමුත් ඇය ස්වාභයෙන්ම උද්ධච්ච, තරමක මාන්නාධිකබවකින් යුත් අයෙකි. ඒ සමග ආත්මාරථකාමි චරිතයකි. ඇයට කිසි දිනක ඇගේ මෙම දුර්ගුණයන් අවබෝධකර ගැනිමට හෝ නිවැරදිකර ගැනිමට නොහැකි විය. අඩුතරමේ ඇයට තම සැමියා තේරුම් ගෙන ඔහුගේ අදහස් සමග එකට පෑහීමට පවා නොහැකිවිය.



අදහස් (0)

සහකාරියගේ ගති සොබා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 515 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 475 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 417 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site