IMG-LOGO

2025 සැප්තැම්බර් මස 08 වන සඳුදා


ලොවම වසඟයට ගත් කැනඩාවේ ජස්ටින් ටෲඩෝ

ලෝකයේ සිටින කඩවසම් රාජ්‍ය නායකයා යැයි ඔහුට කීවාට වරදක් නැත. සිය ජීවිත ගමනේ පනස්වැනි කඩඉම තවමත් පසුකර නැති මේ නායකයා ලෝකය පුරා කාගේත් සිත්ගත් අයෙකු වීමද විශේෂත්වයකි. මෙවර දියත රාජ්‍ය නායක පිටුව වෙන්වන්නේ ඒ ලොව කඩවසම් රාජ්‍ය නායකයා වන කැනඩාවේ අගමැති ජස්ටින් ටෲඩෝ වෙනුවෙනි.


ලෝකය තුළ පමණක් නොව ඉන්ස්ටග්‍රෑම්, ට්විටර් වැනි සමාජ ජාලා තුළ වඩාත් ජනප්‍රිය ලෝක නායකයෙකුද වන ජස්ටින් ටෲඩෝ වර්තමානයේ කැනඩාවේ 23 වැනි අගමැතිවරයා වන්නේය. කැනඩාවේ හිටපු අගමැතිවරයෙකු හා ප්‍රවීණ දේශපාලනඥයෙකු වූ පියරේ ටෲඩෝ ගේ වැඩිමහල් පුතු ලෙසින් ජස්ටින් ටෲඩෝ එරට අගමැති ධූරයට පත් වන්නේ එකම පවුලේ පිය පුතු යුවළක් කැනඩාවේ රාජ්‍යනායකවරුන් ලෙස තේරී පත්වීම ඉතිහාසගත කරමිනි. 


එවගේම තවත් කරුණක් නිසා ටෲඩෝ ඉතිහාසයට එක්වේ, ඒ අඩු වයසකින් කැනඩාවේ අගමැති ධූරයට පත් දෙවැන්නා ලෙසිනි. ජෝ ක්ලාක් කැනඩාවේ අඩු වයසෙන් අගමැති ධුරයට පත් වූ ප්‍රථමයා වේ.


1971 වසරේ දෙසැම්බර් 25 වැනිදාවක ඔටාවා නුවරදී මාග්‍රට් සින්ක්ලෙයාර්ට සහ එවකට කැනඩා අගමැති පියරේ ටෲඩෝට දාව උපන් ජස්ටින් ටෲඩෝ සිය ළමා කාලය ද එහි ගත කළද දෙමව්පියන් දික්කසාද වීම නිසා ටෲඩෝ ගේ ළමා කාලය එතරම් සුන්දර ලෙසින් ගතවන්නේ නැත. මේ අතරේ  ජෝන් දේ බ්‍රේදොෆ් කොලීජියෙන් උසස් අධ්‍යාපනය කටයුතු වල නිරත වීමෙන් අනතුරුව ටෲඩෝ 1994 වසරේදී විශ්ව විද්‍යාල අධ්‍යාපන කටයුතු සඳහා මැක්ගිල් විශ්වවිද්‍යාලයට ඇතුළත්ව කලා උපාධියක් හිමි කර ගත්තේ ජීවිතයට ආ බාධකද නොතකමිනි. 1998 වසරේදී ටෲඩෝ අධ්‍යාපනවේදය පිළිබඳ උපාධියක් බි්‍රටිෂ් කොළොම්බියා විශ්ව විද්‍යාලයෙන් හිමි කර ගත්තේය.


සිය විශ්ව විද්‍යාල අධ්‍යාපනයෙන් අනතුරුව එරට ගිම්හාන කඳවුරක උපදේශන සේවා කටයුතුවලද, තවත් අවස්ථාවක වෑන්කුවර් හි බි්‍රටිෂ් කොළොම්බියා පාසලක ගුරුවරයෙකු ලෙසද, අද්වකාත් වරයෙකු ලෙසද කටයුතු කළේය. පසුකලෙක එරට රූපවාහිනී නාළිකාවක විකාශය කළ කතාමාලාවකද වරෙක ඔහු රඟපෑවේය.


2000 වසර වන විට ජස්ටින් ටෲඩෝ කැනඩාවේම කතා බහට ලක් වන චරිතයක් බවට පත්වූයේය. ඒ ජස්ටින් ගේ පියාවූ එරට බිහිවූ සුවිශේෂීතම අගමැතිවරයෙකු පියරේ ටෲඩෝ ගේ අභාවය හේතුවෙනි. මන්ද ඒ වන තුරුත් ජස්ටින් සිටියේ අගමැති පුතෙකු ලෙසින් නොව සාමාන්‍ය පුරවැසියෙකු ලෙසිනි. 2008 දී ප්‍රථමයෙන්ම ලිබරල් පක්ෂයෙන් තරග වැදී කැනඩා පාර්ලිමේන්තුවට තේරී පත් වූ ජස්ටින් ටෲඩෝ ඉන් වසර පහකට පසුව එනම් 2013 දී ලිබරල් පක්ෂ නායකත්වයට පත් වන්නේ එම පක්ෂයට මෙන්ම කැනඩා දේශපාලන ක්ෂේත්‍රයට තරුණ ජවය එක් කරලමිනි. පක්ෂ නායකත්වයට පත්ව දෙවසරක් වැනි කෙටි කාලයක් තුළදී හෙතෙම කැනඩාවේ අගමැති ලෙසින් පත්වන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූර 184 ක් ලිබරල් පක්ෂයට ලබා දෙමිනි.


කැනඩා අගමැති වුවද ඔහු සැහැල්ලු දිවියක් ගත කරන අයෙකු ලෙස මුළු ලොව පුරාම ප්‍රසිද්ධව පවතී. කැනඩා අගමැති දිනෙක සිය තුන් හැවිරිදි පුතු අගමැති කාර්යාලය වෙත රැගෙන ආ සිද්ධිය සමාජ ජාලවල අවධානය දිනා ගත්තේය.


තරුණ අගමැතිවරයාට එදින කාර්ය බහුල දිනයක් වුවත් සිය පුතු සමග හැංගි මුත්තම් සෙල්ලම් කිරීමට ද ඔහු අමතක නොකළේය. අගමැති ජස්ටින් ටෲඩෝගේ සහ ඔහුගේ පුතුගේ ඡායාරූප සම්බන්ධයෙන් අදහස් පළ කරමින්, “ඔබ කුඩා අවදියේ ඔබේ පියා, පියරේ ටෲඩෝ සමග ගත් මෙවැනිම ඡායාරූපයක් මට තාම මතකයි” යනුවෙන් එක් සමාජ ජාල ගිණුම් හිමියෙක් පවසා තිබිණි. කැනඩාවේ අගමැති ජස්ටින් ටෲඩෝ ජාත්‍යන්තර අවධානය දිනාගත් පළමු අවස්ථාව මෙය නොවේ. 


නිදහස් මතධාරියකු වන ඔහු කැනඩාවේ සරණාගතයන් සිය රටට භාර ගැනීම, සමරිසි පා ගමනකට එක්වීම සහ තමා කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින්නකු බව ප්‍රසිද්ධියේ පිළිගැනීම වැනි ක්‍රියා ඔහුගේ ආධාරකරුවන්ගේ පැසසුමට ලක් විය. අතුරුදහන් සහ මරා දමා ඇති ආදිවාසී කාන්තාවන් පිළිබඳව සොයා බැලීම සඳහා අගමැති ජස්ටින් ටෲඩෝගේ ආණ්ඩුව විසින් විභාගයක් ආරම්භ කරනු ලැබ ඇත.


“ආණ්ඩුවේ පරීක්ෂණය අවසානයේ ඉදිරිපත් කෙරෙන වාර්තාව සහ එමගින් ඉදිරිපත් කෙරෙන කරුණු සමහර වේදනාකාරී තත්ත්වයන් සමහන් කරන පිළියමක් වේ යැයි කියන එක මගේ අවංක විශ්වාසයයි. සිදු වූ දේවල් සම්බන්ධයෙන් කැනඩා ආණ්ඩුව අවංක ලෙසම කනගාටුව පළ කරනවා. ආදිවාසී ජනතාව රැක බලා ගැනීමට අසමත් වීම සම්බන්ධයෙන් කැනඩා ආණ්ඩුව එම ජනතාවගෙන් සමාව ඉල්ලා සිටිනවා” අගමැති ජස්ටින් ටෲඩෝ කියා සිටියේය.


“අයිතිවාසිකම්, ගෞරවය, සහයෝගීතාව සහ හවුල්කාරිත්වය මත පදනම්ව ජාතියක් තවත් ජාතියක් සමග පවත්වන සම්බන්ධතාව තුළින් පෙරට යාමේ සැලැස්මක් අපට තියෙනවා” කැනඩා අගමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.


මුල් පදිංචිකරුවන් වන ස්වදේශීය ජනතාවගේ අයිතිවාසිකම් සඳහා වූ එක්සත් ජාතීන්ගේ ප්‍රකාශනය ක්‍රියාවට නැංවීම ආරම්භ කරනු ලැබීමත් සමඟ ආණ්ඩුවේ වාර්තාව මගින් ඉදිරිපත් කෙරෙන සියලුම නිර්දේශ බල ගැන්වීමට සිය පාලනය යටතේ පියවර ගන්නා බවට අගමැති ජස්ටින් ටෲඩෝ ප්‍රතිඥාවක් දෙනු ලැබීය.


ඇත්තෙන්ම ජස්ටින් ටෲඩෝ තරුණ කැනේඩියානු අගමැතිවරයා බලයට පත්ව ගතවූ කෙටි කාලය තුළදී කරන ලද ක්‍රියාවන්, කථාවන් සහ හැසිරීම් ඇමෙරිකාවේ සහ ලොව සියලු රටවල ජ්‍යෙෂ්ඨ දේශපාලන නායකයන්ට මෙන්ම අපේ රටේ දේශපාලන වගකිව යුත්තන්ටද ලබා දෙන්නේ කදිම ආදර්ශයකි.


“ඇමෙරිකාවේ නව ජනපති ඩොනල්ඞ් ට්‍රම්ප් ලබාදී ඇති විධායක නියෝග හේතුවෙන් ඇමෙරිකාවට ඇතුළුවීමට නොහැකිව ඇමෙරිකානු ගුවන් තොටුපළවල කොටුවූ මුස්ලිම් රටවල සංක්‍රමණිකයන් භාර ගැන්මට කැනඩාව සූදානම්. යුද ගැටුම්වලට මැදිවී අසරණව, උන්හිටි තැන් අහිමිව තම මවුබිම හැර පැමිණි මේ වැසියන් තවත් අසරණ බවට පත්වීම පෙනි පෙනී කිසිවක් නොකර බලා සිටීමට මට හෝ මගේ රජයට පුළුවන් කමක් නැහැ.”


එවැනි පසුබිමක ජස්ටින් ටෲඩෝගේ මෙම මානව හිතවාදී හැසිරීමත් 60 දශකයේ කැනඩාවට නායකත්වය දුන් ලොව පුරා ජනතා ආදරය දිනා සිටි ඔහුගේ පියා වන පියරේ ට්ෲඩෝ අග්‍රාමාත්‍යවරයා පිළිබඳ ආදරණීය මතකයන්ද මේ අතරේ ලෝකයාට සිහිපත් කෙරේ.


කැනඩා පාර්ලිමේන්තුවේ පැවැති විවාදයකදී හටගත් ආවේගශීලී අවස්ථාවක විපක්ෂ මන්ත්‍රීවරයෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අගමැති ජස්ටින් ටෲඩෝ එරට සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හමුවේ  සමාව ඉල්ලා සිටියේය. සුව කළ නොහැකි තද බල රෝගී අවස්ථාවල වෛද්‍යවරයකුගේ සහාය ලබන දිවි නසාගැනීමේ පනතක් පිළිබඳ විවාදයේදී කුපිත වූ අගමැති ටෲඩෝ වැලමිටින් පහරක් වැදී විපක්ෂ මන්ත්‍රීවරියක ඇද වැටෙනු කැමරා දර්ශන වල සටහන්වූ අතර රටපුරා ඉමහත් ආන්දෝලනයක්ද ඇති කළේය.

 

 


තිළිණි ද සිල්වා
ඡායාරූපය : අන්තර්ජාලයෙනි.



අදහස් (2)

ලොවම වසඟයට ගත් කැනඩාවේ ජස්ටින් ටෲඩෝ

Nalaka Monday, 31 December 2018 01:09 AM

ජස්ටින් ටෲඩෝ රට කාල තියෙන්නේ. අය වැය හිඟය බිලියන 20 ටත් වැඩියි. කලින් හිටි අගමැති අය වැය හිගය පියවලා තිබුනේ. ජස්ටින් ටෲඩෝ රටේ මිනිස්සු ගෙවන බදු සල්ලි ලෝකේ වටේ බෙදනවා. වැට් බද්ද සියයට 13ක්. ත්‍රස්ත වාදීන්ට සමාව දීල දැන් ටොරොන්ටෝ නගරයේ අපරාද ප්‍රතිශතය නිව් යෝර්ක් නගරයටත් වැඩියි. ජස්ටින් ටෲඩෝ දැන් චන්දෙ ඉල්ලුවොත් පරදිනවා. මිනිස්සුන්ට එපාවෙලා තියෙන්නේ.

:       42       6

දිලුම් Monday, 31 December 2018 08:17 AM

ලංකාවේ පාර්ලිමේන්තුවේ ඉන්න 225 නම් කඩවසමුත් නෑ මොලෙත් නෑ. මේ වගේ රාජ්‍ය නායකයො ඉතිං ලංකාවට සිහිනයක්ම පමණයි.

:       2       33

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 555 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17347 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 706 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site