IMG-LOGO

2025 සැප්තැම්බර් මස 08 වන සඳුදා


ලොවම මවිත කළ බංගලි දිනුම

 

 

දේ ශගුණික විපර්යාස නිසා නිබඳව ඇතිවන අනතුරුවලට මෙන්ම ඉස්ලාමීය සටන්කාමීත්වය, දරිද්‍රතාව සහ දූෂණය වැනි බරපතළ ප්‍රශ්නවලට මුහුණදෙමින් සිටින බංග්ලාදේශය මියන්මාරයේ සිට ලක්ෂ ගණනක් වූ රෝහින්ග්‍යා මුස්ලිම් ජනතාව මෙරටට පලා යාමත් සමඟ මෑතදී ජාත්‍යන්තර අවධානයට තදින්ම යොමු විය. එවැනි අවස්ථාවක ෂෙයික් හසීනා ලබාගෙන ඇති ජයග්‍රහණය සුළුපටු නොවේ.


මිලියන 160ක ජනගහනයකින් යුත් මුස්ලිම් බහුතරයක් සහිත බංග්ලාදේශවාසීහු තෙවැනි වරටත් අගමැතිනි ෂෙයික් හසීනා බලයට පත්කර ගත්හ. 2009 වසරේ පටන් බංග්ලාදේශය පාලනය කරනු ලැබුවේ ෂෙයික් හසීනාගේ නායකත්වයෙන් යුත් අවාමි ලීගය විසිනි. ඇය නියෝජනය කරන අවාමි ලීග් පාලක පක්ෂය පෙර මැතිවරණවලට වඩා වැඩි ආසන ගණනක් මෙවර හිමිකරගත් අතර, පාර්ලිමේන්තු ආසන තුන්සියයෙන් 288ක් ජයග්‍රහණය කර ඇත.


ප්‍රචණ්ඩ ක්‍රියා මෙන්ම, එරට විපක්‍ෂයේ බලපෑම් හමුවේ මෙවර මහ මැතිවරණයේදී ෂෙයික් හසීනා නියෝජනය කළ බංග්ලාදේශ අවාමි ලීගයට බහුතර ආසන සංඛ්‍යාවක් හිමිවූයේ දරුණු ප්‍රචණ්ඩ ක්‍රියා සහ ඡන්ද නීති කඩකරමින් යැයි එරට විපක්ෂය චෝදනා කළ අවස්ථාවකදීය. මැතිවරණය නැවත පවත්වන්නයි ඉල්ලා සිටින විරුද්ධ පක්ෂයට හිමිව ඇත්තේ පාර්ලිමේන්තු ආසන හතක් පමණි. බංග්ලාදේශ පාර්ලිමේන්තුවේ මුළු ආසන ගණන 350ක් වන අතර, එයින් පනහක් කාන්තාවන් වෙනුවෙන් වෙන්කර තිබේ.


2009 වසරේ සිට එරට අගමැති ධුරයේ සිටින ෂෙයික් හසීනා මීට පෙර 1996 සිට 2001 දක්වාද එරට අගමැති ධුරය හොබවා ඇත. සිය ධුරයේ දිවුරුම් දීමෙන් අනතුරුව අදහස් දැක්වූ අගමැතිනිය පවසා සිටියේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය යළි ස්ථාපිත කිරීම වෙනුවෙන් කටයුතු කරන බවය. එරට රූපවාහිනිය විසින් සජීවීව විකාශය කළ මෙම උත්සවයේදී එරට නව කැබිනට් මණ්ඩලය දිවුරුම් දීමද සිදුවිය.


ෂෙක් හසීනාගේ දීර්ඝ කාලීන විරුද්ධවාදිනිය වූ ඛලිඩා සියා මේ වසර මුලදී සිරගත කරනු ලැබුවේ දූෂණ චෝදනා මතය. ඛලිඩා සියා පවසන්නේ එම චෝදනා දේශපාලනික අරමුණු තකා ගොනුකර ඇති බවය. ඇය සිරගතව සිටින අතරතුර විපක්ෂ කණ්ඩායම් ඒකරාශී කොට ඊට නායකත්වය ලබාදෙනු ලැබුවේ ඇයට පක්ෂපාතී නීතිඥ කමාල් හොසේන් විසිනි. අවාමි ලීගයේ හිටපු ඇමතිවරයකු වන ඔහු ෂෙක් හසීනාගේ හිටපු ආධාරකරුවෙකි. ජාතියෝ ඔයික්යෝ පෙරමුණ නමින් හැඳින්වෙන මෙම විපක්ෂ සන්ධානයට ඛලිඩා සියාගේ නායකත්වයෙන් යුත් බංග්ලාදේශ ජාතික පක්ෂය ද ඇතුළත්ය. කෙසේ නමුත් බංග්ලාදේශයේ ව්‍යවස්ථාව සකස් කළ නීතිඥවරයා ද වන කමාල් හොසේන් මෙවර මැතිවරණයට තරග වැදුනේ නැත. ඔහු මේ වනවිට 81 වැනි වියේ පසුවෙයි. 2014 වසරේ පැවති මහ මැතිවරණය බංග්ලාදේශ ජාතික පක්ෂය විසින් වර්ජනය කරන ලදී. දස වසරකට පසු, සියලුම ප්‍රධාන පක්ෂ තරග වැදුණු මහ මැතිවරණය බවට පත්වූයේ ඉකුත්දා අවසන් වූ මහ මැතිවරණය යැයි එරට දේශපාලන විචාරකයෝ පවසති.


කෙසේ වෙතත් මෙවර මැතිවරණය අවසන් වනවිට ජීවිත 18ක් අහිමි වූ අතර, 100 කට ආසන්න ඡන්ද මධ්‍යස්ථාන ගණනක් ගිනි තැබිණි. මේ තත්ත්වය තුළ බංග්ලාදේශයේ ඇතිවිය හැකි අස්ථාවරත්වය හමුවේ නැවතවරක් මැතිවරණයකට යන ලෙස ජාත්‍යන්තර ප්‍රජාවෙන් බංග්ලාදේශය වෙත ඉල්ලීමක්ද කෙරිණි.


දැඩි ප්‍රචණ්ඩක්‍රියා මධ්‍යයේ, ලක්ෂ 6ක ආරක්‍ෂක මුරකාවල් මැද පැවැත්වූ බංග්ලාදේශ මහමැතිවරණයේ ජය අගමැතිනී ෂෙයික් හසීනාගේ අවාමි ලීගය වෙත හිමිව තිබුණද රට පුරා ප්‍රදේශ රැසකින් මැතිවරණ අක්‍රමිකතා සිදුවූ බව වාර්තා වූ හෙයින් ඒ පිළිබඳ විමර්ශන පවත්වන බව බංග්ලාදේශ මැතිවරණ කොමිසම මුලදී ප්‍රකාශ කළද බංග්ලාදේශ මහ මැතිවරණයෙන් හිටපු අගමැතිනී ෂෙයික් හසීනා දැවැන්ත ජයග්‍රණයක් ලබාගෙන ඇති බව එරට මැතිවරණ කොමිසම ඉකුත් (31 වැනිදා) නිවේදනය කරනු ලැබුවේ 2009 සිටම රට කරවන අතට යළිත් සුක්කානම ලබා දෙමිනි.

 

 

 

 


තිළිණි ද සිල්වා
ඡායාරූප : අන්තර්ජාලයෙනි



අදහස් (0)

ලොවම මවිත කළ බංගලි දිනුම

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 555 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17347 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 706 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site