IMG-LOGO

2025 දෙසැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


ලෝකෙට ලොක්කාටත් බය නැති ඉරාන නායකයා

ලෝකෙට ලොක්කාට කිසි ලෙසකින්වත් බය නැති නායකයින් අතළොස්ස අතරින් ඉරාන ජනාධිපති හසන් රෞහානිට හිමි වන්නේ සුවිශේෂී ස්ථානයකි. බය නැති මේ සුවිශේෂී නායකයා සිය රටේ ස්වාධිපත්‍ය වෙනුවෙන් දිවි හිමියෙන් කැප වී සිටින්නේ ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර අධිරාජ්‍යවාදීන්ගේ සියලු තර්ජන පසෙකලා මිනි. අද දියත රාජ්‍ය නායක පිටුව වෙන්වන්නේ ඔහු වෙනුවෙනි. 


1948 නොවැම්බර් 12 වැනිදා උපන් හසන් රෞහානි වර්තමානයේ ඉරාන ඉස්ලාමික ජනරජයේ ජනාධිපතිවරයා මෙන්ම එරටින් බිහිවූ හත්වැනි ජනාධිපතිවරයාද වේ. වෘත්තියෙන් නීතිඥවරයෙකු වූත්, හිටපු රාජ්‍ය තාන්ත්‍රිකයෙකුද වූ ඔහු වරෙක ඉස්ලාමීය පූජකවරයෙකු ලෙස කටුයතු කර ඇත. 


2013 වසරේදී ඉරානයේ ජනාධිපති ධුරයට පළමුවරට පත්වුණි. විශිෂ්ට ජයග්‍රහණයකින් තේරී පත්වූ හෙතෙම එම වසරේදී ඇමෙරිකාවේ ටයිම් සඟරාව විසින් “ලොව වඩාත් බලපෑම් කළ හැකි පුද්ගලයින් සිය දෙනාගේ ලැයිස්තුවට තේරී පත් විණි. ඊට හේතුවූයේ ජනාධිපතිධුරයට පත් වූ විගස පුද්ගලික නිදහස, තොරතුරු දැනගැනීමේ නිදහස, කාන්තා අයිතීන් සුරැකීම වෙනුවෙන් ගන්නා ලද යම් යම් සුවිශේෂී තීන්දු තීරණ හේතුවෙනි.


කෙසේ හෝ සිය ප්‍රථම ධුර කාලය තුළ ලබා ගත් ආකර්ෂණය නිසාම හෙතෙම තවත් වසර හතරකට ඉරාන ජනතාව වෙනුවෙන් යළිත් 2017 වසරේදී මැයි මාසයේ පැවති එරට ජනාධිපතිවරණයෙන් තේරී පත් වන්නේ සියයට 57.1 ක ඡන්ද ප්‍රතිශතයකිනි.


වැඩි ඡන්ද මිලියන අටක් ලබා දෙවැනි වරටත් ජනාධිපති ධුරයට පත් වූ හසන් රෞහානි සිය ධුර කාලයේ අවස්ථා කිහිපයකදීම යම් යම් සුවිශේෂී ක්‍රියාකලාපයන් ගත් අයෙකු බව කිව යුතුමය. වරෙක ඉස්ලාම් ආගම පිළිබඳව නිශේධනීය ප්‍රතිපත්තියක් ගෙන එන ප්‍රවණතාවන්ට එරෙහිව සටන් වදින ලෙස ඉරාන ජනාධිපතිවරයා ලෝක මුස්ලිම් ජනතාවගෙන් ඉල්ලීමක් කළේය. ඉරාන ජනාධිපති හසාන් රෞහානි මෙම ඉල්ලීම කළේ ටෙහෙරාන් අගනුවර පැවති සම්මන්ත්‍රණයක් අමතමිනි.


මුස්ලිම් ජනතාව, මුස්ලිම් නොවන රටවල රැකවරණ පතා ඉතා දුෂ්කර ගමනක යෙදෙන ආකාරය දකින්නට ලැබීම ලැජ්ජා සහගත බවයි ඉරාන ජනාධිපති හසාන් රෞහනි එහිදී සඳහන් කර සිටියේ. “මුස්ලිම් තෙල් සල්ලි ඇමරිකාවට දීලා බෝම්බ සහ මිසයිල අරගෙන ඒවා යේමනයේ අසරණ මිනිසුන් මතට අත හරින එක පිළිගත හැකිද? අවි නාශක මිසයිල මිල දී ගෙන ඒවා ඉස්ලාමීය රාජ්‍ය සංවිධානය වැනි ඉස්ලාම් විරෝධී කණ්ඩායම්වලට ලබා දීම පිළිගත හැකිද?,” ප්‍රශ්න කිරීමටත් තරම් ඉරාන ජනාධිපති හසාන් රෞහානි නිර්භීත විය.


එක්සත් ජනපදයෙන් අවි ආයුධ මිල දී ගෙන එම ආයුධවලින් මුස්ලිම්වරුන්ටම පහර දෙන මුස්ලිම් ජාතිකයන් ඔහුගේ දැඩි විවේචනයට ලක් විය. එහෙත් මෙම මුස්ලිම් ජාතිකයන් කවුරුන්දැයි ඉරාන ජනාධිපති හසාන් රෞහානි මෙහිදී නම් කළේ නැත.


යළි තේරී පත්වූ ඉරාන ජනාධිපති හසාන් රෞහානි 2017 වසරේදී සිය දෙවැනි නිල කාලය ආරම්භ කරමින් ඉරාන පාර්ලිමේන්තුව අමතමින් ඔහු චෝදනා කළේ ඇමරිකාව, ඉරානය සහ ලෝක බලවතුන් අතර, ඇතිකරගත් න්‍යෂ්ටික එකඟතා ගිවිසුම පසෙක ලා ඇති බවයි. එමෙන්ම ඇමරිකාවේ ට්‍රම්ප් පරිපාලනය සමග එක් නොවන ලෙස ඔහු යුරෝපා රටවල නායකයන්ගෙන් ඉල්ලා සිටියේය. න්‍යෂ්ටික එකඟතා ගිවිසුමට අනුව සිය කැපවීම් මගහරින ඇමරිකා එක්සත් ජනපදය තම රටට එරෙහිව අසාධාරණ ලෙස නව සම්බාධක පනවා ඇති බව ඉරාන ජනාධිපති රෞහානි වැඩිදුරටත් සඳහන් කළේය.


මධ්‍යස්ථ මතධාරියෙකු ලෙස සැලකෙන වත්මන් ජනාධිපතිවරයාගේ වයස අවුරුදු හැත්තෑවකි. ඉරාන න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් 2015 වසරේ දී ඇමරිකාව සමග එකඟත්වයකට පැමිණීමට ඔහුට හැකි විය. එය, ජනාධිපති රෞහානිගේ ධුර කාලය තුළ ඔහු ලද විශාලතම සාර්ථකත්වය ලෙස සැලකේ.


ඉරාන ඉස්ලාමීය ජනරජයේ දිශානතිය තීන්දු කළ හසන් රෞහානි ඉරාන කාන්තා දිනයේදී අදහස් දැක්වමින්  ඉරාන ජනාධිපතිවරයෙකු විසින් ඉතිහාසයේ සිදුකළ සුවිශේෂීම කතාවක් සිදු කරමින් ඉරාන කාන්තාවටද පුරුෂයන්ට මෙන්ම සමාන අයිතිවාසිකමක් ලබාදිය යුතු බව අවධාරණය කර තිබේ. ස්ත්‍රී පුරුෂ වශයෙන් භේදයක් සලකමින් කාන්තාව පහත්කොට සැලකීම ඉරාන ජනාධිපතිවරයා මෙහිදී දෝෂදර්ශනයට ලක්කර ඇති බව විදෙස් පුවත් සේවා මඟින් වාර්තා කර තිබිණි. “සමාජයේ කාන්තා නියෝජනය අභියෝගයක් ලෙස සලකන පිරිමි හේතුවෙන් ස්ත්‍රී පුරුෂභාවයේ සමානාත්මතාවක් ඇති කිරීම සඳහා ඉරානයට තවත් බොහෝ දුරක් ගමන් කිරීමට සිදුව තිබෙනවා” යැයි ජනාධිපතිවරයා පවසා ඇත. 


2013 වසරේදී බලයට පැමිණි රෞහානි ආගමික පසුබිමකින් පැමිණෙන නායකයෙකු මෙන්ම, බටහිර අධ්‍යාපනය ලද නායකයෙකු ලෙසද සැලකෙයි. “කාන්තාවන්ද සම අයිතීන් භුක්ති විඳිය යුතුයි. සමාන ආරක්ෂාවක් හා සාමාජීය අයිතියක් ඔවුන්ටත් ලැබිය යුතුයි.” “ඉස්ලාමීය නීතියට අනුව ශක්තිවන්තයා පිරිමියා වන්නේ නැහැ. ඒ වගේම දුබලයා ගැහැනිය වන්නේත් නැහැ” යැයි ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් පවසා තිබේ. 


මේ අතර ඉරාන ජනාධිපතිවරයා එක්සත් ජාතීන් ඇමතු අතර එහිදී ඉරාන න්‍යෂ්ටික ගිවිසුමෙන් ඇමෙරිකාව ඉවත් කර ගැනීමට ජනපති ට්‍රම්ප් ගත් පියවර තරයේ විවේචනය කළේය. ජනපති ට්‍රම්ප් සමග ඡායාරූපයකට පෙනී සිටීමට අවශ්‍ය නැති බව පැවසීමට තරම් ඉරාන ජනාධිපතිවරයා නිර්භීත වූයේය. 


ගෝලීය ආයතනවලින් ඈත් වීමට ඇමෙරිකානු ජනාධිපතිවරයා දරණ උත්සහයෙන් ඔහුගේ පෞර්ෂත්වයේ අඩුපාඩුවක් පිළිබිඹු වන බව පෙන්වා දුන් ඉරාන ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ එකිනෙකට සම්බන්ධ ලෝකය තේරුම් ගැනීමට තරම් හැකියාවක් ජනාධිපති ට්‍රම්ප් ට නොමැති බවයි.

 

 

 

තිළිණි ද සිල්වා
ඡායාරූපය : අන්තර්ජාලයෙනි.



අදහස් (1)

ලෝකෙට ලොක්කාටත් බය නැති ඉරාන නායකයා

දිලුම් Friday, 21 December 2018 09:23 AM

ඒකට අපේ රටේ නායකයො. පලවෙනියා ජාත්‍යන්තරයට යට උනා දෙවෙනියා අනේ මාව බෙිරගන්න කිය කිය ජාත්‍යන්තරයේ පිහිට පතාගෙන හැමවෙලාවෙම ජාත්‍යන්තරයට මේ රට ගැන කේලාම් කිය කිය ඇවිදින අයෙකි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 515 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 475 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 417 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site