IMG-LOGO

2025 සැප්තැම්බර් මස 08 වන සඳුදා


“ මව්බිම නැත්නම් මරණයෙන් ” උපන් ජාත්‍යන්තර විප්ලවවාදියා

මාරියා ඇන්ටෝනියෝගේ නිවසේදී ඔබ හා මා මුලින්ම හමු වූ දිනය මගේ මතකයට නැගෙනවා. ඔබ මෙම ගමනට එක්කර ගැනීමට අපට ඇරයුම් කිරීමත් අප කඩිමුඩියේ සූදානම් වීමත් මට අමතක කරන්න බැහැ. වතාවක් ඔබ අපෙන් ඇසුවේ සටන් බිමේදී අප යම් හෙයකින් මිය ගියහොත් අප ගැන දන්වන්නේ කාටද යන්නයි. එම ප්‍රශ්නය යථාර්ථයකි. කොතරම් සමීපද යන්න මට දැනුත් සිහිපත් වෙනවා. අපට එයින් විස්මයට පත් නොවී සිටීමට අපහසු වුණා. ඉන්පසුවයි ඇත්ත වටහා ගැනීමට හැකි වූවේ. ආයුධ සන්නද්ධ විප්ලවයක් කරගෙන යාමේදී එක්කෝ අපි දිනාවි. නැතහොත් මිය යාවි. ජයග්‍රහණය වෙනුවෙන් අප සටන් කළ මාර්ගයේ දී අපගේ බොහෝ දෙනෙක් මිහිදන් කරනු ලැබුවා.


අද අප වැඩි දෙනෙක් බොහෝ දැනුවත් තත්ත්වයකට පත්ව සිටිනවා. එහෙත් පරණ තත්ත්වය එසේම යැයි මට හිතෙනවා. දිවයිනේ කියුබානු විප්ලවය සමග මා බැඳී සිටි වගකීම් වලින් කොටසක් මම දැනටමත් නිමකර අවසානයි. මම දැන් ඔබෙන් ද මා සමග එකට සිටි මා සමග එකට ගිය මගේ සහෝදරවරුන්ගෙන් ද මගේමයයි කිව හැකි තරමට දැන් පත්ව සිටින ඔබේ ජනතාවගෙන් ද දැන් මම වෙන් වෙනවා. 


ඇමැතිවරයෙකු වශයෙන් දැනට මා දරන තනතුරින් ද විප්ලවීය හමුදාවේ මගේ මේජර් තනතුරින් ද මා නිල වශයෙන් ඉල්ලා අස් වන අතර කියුබානු පුරවැසි බව මම අත්හැර දමනවා. රාජකාරිමය වශයෙන් මම තවදුරටත් කියුබාව සමග බැඳීමක් නොමැති ලෙස හෝ වෙනත් විදියක ඇති සබඳතා හෝ අන් කිසි බැඳීමක් දැන් මට නැත. 


දැන් මගේ අතීතය දෙස විමසිල්ලෙන් බැලීමේදී දැඩි සේ අවංකවද කැප කිරීම් වලින් යුතුවද ක්‍රියාකාරී වීමෙන් විප්ලවය ජයග්‍රහණය උදෙසා මගේ උපරිම ශක්ති ප්‍රමාණයෙන් යුතුව මා විසින් ක්‍රියා කර ඇතැයි මම සිතනවා. 
එදා සියරා මියෙස්ට්‍රා කඳුකරයේදී ඔබ කෙරෙහි තබන ලද විශ්වාසය එතරම් ප්‍රබල ලෙස වී යයි මම සිතන්නේ නැහැ. මා අතින් වූ බලවත් එකම වරද එය යයි මට සිතේ. ඔබේ ගති ගුණ සහ මම නිවැරදි විප්ලවවාදී නායකයෙකු හැටියට හඳුනා ගත්තේ ඉතා සෙමන් යැයි දැන් මට සිතේ. 


මා ජීවත් වූවේ අමතක නොවන කාලයකය. එසේම ඔබ ළඟ සිටිද්දී මට මහත් ආඩම්බරයක් දැනුණි. කැරිබියානු අර්බුදය පවතින ඉතා බැරෑරුම් කාලපරිච්ඡේදයේ දී මම අපේ ජනතාවට අයිතිවීම ගැන සතුටට පත්වෙමි. එම කාලයේදීම මම ඔබ වෙතින් සහජ දක්ෂතාවෙන් පිරි දේශපාලනඥයෙකු මම දුටුවෙමි. කිසිම පැකිලීමක් නැතිව ඔබට ආධාර කිරීමට මම ආඩම්බර වුවෙමි. අප එක හා සමානව සිතුම් පැතුම් ඇත්තන් වීමද අපගේ ප්‍රතිපත්තීන් මත පිහිටා ඇති දර්ශනය ද මුහුණ පා සිටි පන්නරය පිළිබඳව ද අප විසින් දැරුවේ ද එකම මතයකි. 


දැන් මගේ සුළු සේවය මේ ලෝකයේ තවත් වෙනස් කොටසකට අවශ්‍යව ඇති බව මට දැනෙයි. කියුබාව පිළිබඳව වගකීම් ඔබ කරටගෙන ඇතිහෙයින් ඔබට කළ නොහැකි යැයි පවසන එම වගකීම මට ඉටු කළ හැකියයි සිතමි. ඉතින් අපට වෙන්ව යාමට කාලය පැමිණ ඇත. 


මට සතුට සහ දුකක් කණගාටුවක් ද දැනෙන බව ඔබට වැටහී යනු ඇත. මට මහත් සේ ආදරය කරන ලද ජනතාව ද ජාතිය ගොඩ නැගූ අයද මගේ දීප්තිමත් බලාපොරොත්තු ද මා පසු පසින් හැර දමා යමි. ජනතාවාදී පුත්‍රයෙකු වශයෙන් ජනතාව මගෙන් බලාපොරොත්තු වූ දෙයද මෙසේ මගේ පසු පසින් හැර දමා යාම මට මහත් වේදනාවකි. ඔබ මා වෙත තැබූ විශ්වාසය ද මගේ ජනතාවගේ විප්ලවකාරී ආත්මයන් ද මම මගේ නව සටන් භූමියට ගෙන යන බවද දන්වමි. අධිරාජ්‍යවාදය පිටමං කර හැරිය හැක්කේ කොතනින් ද එතැනට මගේ ශුද්ධවන්ත වූ වගකීම ද රැගෙන යමි. එසේම මෙතෙක් මා විසින් විඳින ලද වධ වේදනාවන්ට වන්දි වශයෙන් උපයා ගෙන ඇති මගේ අධිෂ්ඨාන ශක්තිය ද මා සමග යනු ඇත. 


අනෙකුත් අයට ආදර්ශයක් වීමේ වගකීම හැරුණු විට අනෙක් සියලු වගකීම් වලින් කියුබාව නිදහස් කොට ඇති බව මම නැවත වරක් කියා සිටිමි. මගේ අවසාන පැය එළඹෙන විට මම බොහෝ ඈත දුරු රටක සිටියේ නම් මගේ සිතුවිලි මෙම ජනතාව සමග පවතිනු ඇත. ඔබගේ ආදර්ශයන් සහ ඔබ මා වෙත උගන්වා ඇති සියලුම දේ ගැන ද මම ඔබට ස්තූති වන්ත වෙමි. එසේම අවසානය දක්වාම ඔබට අවංකව සිටීමට ද මම උත්සාහ ගනිමි. අද දක්වාම පවත්වාගෙන යනු ලබන අපගේ විප්ලවයේ විදේශ ප්‍රතිප්තිය ද හැම විටකදීම මම මගේම දෙයක් සේ සලකන්නෙමි. මා කොතනකට ගිය ද ඒ කොතන දී වුවත් කියුබානු විප්ලවයේ කොටස් කරුවෙකු වශයෙන් මගේ වගකීම පිළිබඳව මගේ වගකීම පිළිබඳව වූ දැකීමෙන් ඒ අනුව ක්‍රියා කරන්නෙමි. 


මම මගේ බිරිඳ හා දරුවන් හැර දමා යන්නේ ඔවුන් සඳහා ඉතිරි කරන ලද මගේ කිසිම දේපළක් නොමැතිවයි. එහෙත් මගේ සිත කලබල වී පෙරළි කරන්නේ නැත. එසේ වීම ගැන මම ඉතා සතුටට පත් වෙමි. ඔවුන් වෙනුවෙන් මම කිසිවක් ඉල්ලා නොසිටිමි. මක්නිසාද රජය විසින් ඔවුනට ජීවත් වන්නට ප්‍රමාණවත් තරම් ධනය ද දරුවන් සඳහා අවශ්‍ය වන අධ්‍යාපනය ද ලබා දෙනු ඇත. 


ඔබට සහ ඔබේ ජනතාවට මට කිවහැකි තවත් බොහෝ දේ ඇත. එහෙත් එවිට මට හැඟෙන්නේ ඒවා අතිශයෝක්තීන් සේ සැලකෙන්නට ඉඩ ඇති බවයි. මගේ සියලු අදහස් ප්‍රකාශ කිරීමට මා වෙත ඇති වචන ප්‍රමාණවත් නොවේ. එසේම කඩදාසි නාස්ති කිරීමද ප්‍රයෝජනයක් නොමැති දෙයකි.

 
සෑම විටම විජයග්‍රහණය මව් බිම නැතිනම් මරණය නියම විප්ලවයකදී උද්යෝගයෙන් යුතුව මම ඔබ වැලඳ ගනිමි. 


මෙයට චේ 


මෙම දිගු ලිපිය කියුබාවේ සමාජවාදී විප්ලවයේ නායකයා මෙන්ම එරට පාලකයා ද වූ පිදෙල් කස්ත්‍රෝ වෙත එවා තිබුණේ විප්ලවයේදී මෙන්ම පසුව එම රජයේ ඇමැති මණ්ඩලයේ ද ප්‍රධාන සගයෙකු වූ අර්නස්ටෝ ගුවේරා ලා සර්නා නමැති වෛද්‍යවරයාය. මෙම ලිපියට පසුබිම් වූ කතාව අතිශයින්ම අනුවේදනීය වෙනවාත් මෙන්ම ජාතික නිදහස, සමානාත්මතාව සහ මානව හිතවාදීත්වය පිළිබඳ ඓතිහාසික වෘත්තාන්තයක් ද වේ. එනම් චේ යන එකම අකුරකින් හැඳින් වුව ද සමස්ත ලෝකයාම දැන සිටින එමෙන්ම මිය ගොස් අවුරුදු හතළිස් දෙවසරක් ගතව තිබියදීත් එම එකම අකුරේ විප්ලවවාදී මිනිසා ලෝකයට අමතකව නැත. එම මිනිසාගේ එකම අකුරේ නාමය ලෝකයාට තවමත් විප්ලවවාදී ආශ්වාදය සපයන කීර්තිමත් චරිතයකි. එයට හේතුව වන්නේ ඔහු එපමණටම පරමාදර්ශී චරිතයක් හා අසාමාන්‍ය මිනිසෙක් වීමයි. 


චේ ගුවේරාගේ ජීවිත කතාවේ බොහෝ තොරතුරු ඔහුගේ ඉහත කී ලිපියේ සඳහන් වූවා වුවත් මොහුගේ මෙම උත්තුංග පෞද්ගලික පෞරුෂයට හා මානව හිතවාදී ජීවන දර්ශනයට බලපෑ පසුබිම ගැන ද අවධානය යොමු කළ යුතුය. චේ ගේ ඡන්ම භූමිය වූවේ ආර්ජන්ටිනාවය. මුල්ම යුගයේ අයර්ලන්තයේ සිට සංක්‍රමණය වී ආජන්ටිනාවේ පදිංචි පූර්වගාමීන්ගෙන් පැවත ආ මෙම පවුල විශාල තේ වගාවක හිමිකරුවෝ වූහ. එකල කම්කරුවන්ට වැටුප් ගෙවීමේ සිරිතක් එරටේ පැවතියේ නැත. ඔවුනට ලැබුණේ වතු හිමියා සපයන ආහාර හා මත්පැන් ලබා ගැනීමට කූපන් ක්‍රමයකි. බොහෝ වතු හිමිකරුවෝ ඇමරිකානුවන් වූහ. ඔවුනට අවශ්‍ය වූයේ ලාබය ගරා ගැනීම පමණි. වතු හිමියෝ වෙළෙඳ සමාගම් පවත්වාගෙන යමින් කම්කරුවන්ට කෑම බීම සහ මත් පැන් අලෙවි කළහ. සේවයට ලැබෙන වැටුප එපමණක්ම විය. ගුවේරා පවුල සතුව පැවති වතු යායවල කම්කරුවන්ගේ තත්ත්වය එසේ නොවීය. ඔව්හු තම සේවකයන්ට වැටුප් ගෙවූහ. කැමති තැනකින් අවශ්‍ය ද්‍රව්‍ය මිලට ගැනීමට අවසර දුන්හ. මත් පැන් අලෙවිය ද අහෝසි කළහ. සූරා කෑමේ යෙදුණු වතු හිමියෝ මෙයට කැමති නොවූහ. රජය සහ පොලිසියේ ද සහාය ලබාගෙන ගුවේරා පවුලට හිංසා කළහ. එම නිසා මිසිය නොත් කඳුකරයේ පැවති තේ ඉඩම් අත හැර රියෝ නගරයටම සංක්‍රමණය වූයේ ජීවිතය පමණක් රැක ගෙනය. සිවිල් ඉංජිf්නරුවෙකු වූ චේගේ පියා අවබෝධයක් ඇති වෘත්තිකයෙකු වූ නිසා නව දිවියක් ගොඩ නගා ගැනීමට අපහසු නොවීය. ඔහුගේ බිරිඳ ද පෙරළිකාර කාන්තාවක් වූවාය. ආර්ජන්ටිනාවේ වාහනයක් පැද වූ මුල්ම කාන්තාව වන්නේ සිලියා ගුවේරා මහත්මිය වූවාය. එම යුගයේ එවැන්නක් කිරීම එම රටේ ජනයා සැලකුවේ නොහොබිනා ක්‍රියාවක් වශයෙනි. එහෙත් සිලියා එම විවේචන ගණන් නොගත්තාය. මෙම පවුලේ ප්‍රථම දරුවා අර්නස්ටෝ යැයි නම් ලද්දේ බටහිර ආභාෂය අනුව පියාගේ නමිනි.


වර්ෂ 1928 ජුනි 14 වැනිදා උපත ලද කනිටු අර්නස්ටෝ ද ලා සර්නා යයි නම් තැබුණි. ඉතා කුඩා අවධියේම ඇදුම රෝගියෙකු බවට පත් වූ අර්නස්ටෝ ළඳරුවාට පාසල් අධ්‍යාපනය ලැබීමට ද අවස්ථාවක් නොලැබුණි. එහෙත් ගුරුවරයෙකු ගෙදරට ගෙන්වා උගැන්වීමට දෙමාපියෝ කටයුතු කළහ. අවසානයේ බටහිර වෛද්‍යවරයෙකු ලෙස වෘත්තීය ජීවිතය ආරම්භ කිරීමට වාසනාව ලැබුවේය. එම උතුම් වෘත්තියට තව දුරටත් මානව හිතවාදය උරුම කරමින් මෙසේ ප්‍රකාශ කළ බව සඳහන්ව තිබේ. 


විප්ලවවාදියෙකු වීමට නම්, අඩුම තරමින් විප්ලවවාදී වෛද්‍ය වරයෙකු වීමට නම්, මූලික වශයෙන් විප්ලවයක් අවශ්‍යයි. සමාජයක විප්ලවීය වෙනසක් සඳහා තනි තනිව පුද්ගලයන් දරන උත්සාහය ඒ තනි හදවත්වල පවත්නා පාරිශූද්ධත්වය උතුම් පරමාථයක් සඳහා යමෙකුගේ ජීවිත කාලය කැප කිරීමට ඇති ආශාව යන මේවා ලතින් ඇමරිකාවේ කොනක පවතින අනර්ථකාරී රජයකට එරෙහිව යෙදවීම වෙනසකට ඉඩ නොදෙන සමාජ තත්ත්වය යටතේ ඵල රහිතය.

 

 

 

මතු සම්බන්ධයි.

 

සෝමසිරි වික්‍රමසිංහ
ඡායාරූප : අන්තර්ජාලයෙනි



අදහස් (0)

“ මව්බිම නැත්නම් මරණයෙන් ” උපන් ජාත්‍යන්තර විප්ලවවාදියා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 555 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17347 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 706 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site