IMG-LOGO

2025 දෙසැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


බ්‍රසීලයේ ඉරණම බාරගත් ප්‍රගතිශීලි දක්‍ෂිණාංශිකයා ජේර් බොල්සොනාරෝ

 

මත් ජාවාරම, අන්ත දරිද්‍රතාව, සිකා ඇතුළු බෝවන රෝග, පාතාල කල්ලි ආදී මෙකී නොකී සියලු දෑවලින් පසුගිය වසර කිහිපයේම පීඩා විඳින බ්‍රසීල ජනතාවට අලුත් බලාපොරොත්තුවක් ලැබුණි. ඒ සති දෙකකට පෙර පැවති බ්‍රසීල ජනාධිපතිවරණයෙන් එරට අන්ත දක්ෂිණාංශික අපේක්ෂක ජේර් බොල්සොනාරෝ ජයග්‍රහණය කිරීමත් සමඟිනි. බොල්සොනාරෝ ලබන වසරේ ජනවාරි පළමු වැනි දින බ්‍රසීලයේ නව ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දීමට නියමිතව ඇති මොහොතක මෙම ලිපිය වෙන්වන්නේ ඔහු වෙනුවෙනි.


බ්‍රසීලයේ වංචා දූෂණ තුරන්කර එරට අපරාධ මර්දනය කරන බවට ප්‍රතිඥා දෙමින් බොල්සොනාරෝ සිය මැතිවරණ ප්‍රචාරණ කටයුතුවල නිරත විය. සිය ජයග්‍රහණය හමුවේ ජනතාව අමතා ජේර් බොල්සොනාරෝ ප්‍රතිඥා දුන්නේ බ්‍රසීලය යළිත් වරක් විශිෂ්ට රාජ්‍යයක් බවට පත් කරන බවටයි. බොල්සොනාරෝගේ ආධාරකරුවන් දහස් ගණනක් රියෝ ද ජැනයිරෝ නුවර ඔහුගේ නිවස ඉදිරිපිට රැස් ව මෙම ජයග්‍රහණය සැමරූහ.


කෙසේ වෙතත් බොල්සොනාරෝ 1964-1985 කාලසීමාව තුළ බ්‍රසීලයේ පැවති හමුදා පාලනය අගය කිරීම හමුවේ, ඔහු මානව හිමිකම් උල්ලංඝනය කර අදහස් ප්‍රකාශනය සහ සිවිල් වැසියන්ගේ නිදහස සීමා කරනු ඇතැයි බ්‍රසීල වැසියන් රැසක් බිය පළ කරනු ලැබීම බොල්සොනාරෝට අවාසියක් ගෙන දේ. බ්‍රසීල ජනතාවට අවි ආයුධ මිලදී ගැනීම සම්බන්ධයෙන් පැනවූ නීති ලිහිල් කිරීමට මෙන්ම අපරාධකරුවන්ට වෙඩි තැබීමට පොලීසියට ඇති බලතල වර්ධනය කරන බවට ද බොල්සොනාරෝ ප්‍රතිඥා දුන් බව සඳහන් වේ.
බ්‍රසීල ජනාධිපතිවරණයේ දෙවැනි වටයෙන් අන්ත දක්ෂිණාංශික අපේක්ෂක බොල්සොනාරෝ ජයග්‍රහණය කළේය. එම ජනාධිපතිවරණයේ දෙවැනි වටය පැවැත්වූයේ පළමු වටයෙන් කිසිදු අපේක්ෂකයකු බහුතර බලයක් හිමිකර ගැනීමට නොහැකි වුණු බැවිනි. දෙවැනි වටය පැවැත්වූයේ ජේර් බොල්සොනාරෝ සහ වාමාංශික කම්කරු පක්ෂය නියෝජනය කළ ෆර්නැන්ඩෝ හැඩාඞ් අතරේය. බොල්සොනාරෝ හිමිකර ගත් ඡන්ද ප්‍රකාශිත ප්‍රතිශතය සියයට 55 ක් වන අතර, හැඩාඞ්ට හිමි කර ගැනීමට හැකිවී ඇත්තේ සියයට 44 කි.


2002 වසරේ සිට 2016 තෙක් කාලයේ බ්‍රසීලයේ පැවැතියේ වාමාංශික කම්කරු පක්ෂයේ පාලනයකි. බොල්සොනාරෝගේ ජයග්‍රහණයත් සමග දක්ෂිණාංශික දේශපාලන පෙරැළියක් බ්‍රසීලයේ සිදුවී ඇත. දූෂණය පිටුදැකීමටත්, අපරාධ මැඩලීමට කැපවන බවටත් ජේර් බොල්සොනාරෝ ප්‍රතිඥා දී තිබුණි. ජයග්‍රහණය සමරමින් බොල්සොනාරෝ සිය පාක්ෂිකයන් අමතමින් කියා සිටියේ ප්‍රජාතන්ත්‍රවාදය සුරැකීමටත්, සැමවිටම ව්‍යස්ථාවට අනුකූලවත් කටයුතු කරන බවය.


තම ජයග්‍රහණය වෙනුවෙන් දෙවියන්ට ස්තුති කිරීමට ද කතෝලික බැතිමතකු වන ජේර් බොල්සොනාරෝ එය අවස්ථාවක් කර ගත්තේය. ජේර් බොල්සොනාරෝ බ්‍රසීලයේ හමුදා කපිතාන්වරයෙකි. පරාජය බාර ගනිමින් ඔහුගේ ප්‍රතිවාදියා වූ ෆර්නැන්ඩෝ හැඩාඞ් කියා සිටියේ විපක්ෂනායකයාගේ භූමිකාවට තමන් සූදානම් බවය. තමන් වෙනුවෙන් ඡන්දය ලබා දුන් මිලියන 45 ක බ්‍රසීල වැසියන්ට කිසිදු අඩුපාඩුවක් නොකරන බවත් ඔවුන්ට අසාධාරණයක් සිදුවුවහොත්, ඒ වෙනුවෙන් නැගී සිටින බවත්ය.


මහ මැතිවරණය පැවැත්වූයේ ජනාධිපතිවරයකු, උපජනාධිපතිවරයකු, පාර්ලිමේන්තු නියෝජිතයන්, පළාත් පාලන නියෝජිතයන් සහ ආණ්ඩුකාරවරුන් තෝරා පත්කර ගැනීම සඳහාය. පසුගිය සැප්තැම්බර් 7 වැනිදා මැතිවරණ රැලියකදී, ජනතාව අතරට ගිය අවස්ථාවේදී 63 හැවිරිදි බොල්සොනාරෝ පිහි ප්‍රහාරයකට ලක් වී බරපතළ තුවාල ලැබීය. බඩවැල්වලට දරුණු ලෙස තුවාල වීම හේතුවෙන්, බොල්සොනාරෝ කඩිනමින් රෝහල් ගත කළ බවත්, සැත්කමකට භාජනය කළ බවත් වාර්තා විය. කෙසේ නමුත් රෝහල්ගත වීම නිසා බොල්සොනාරෝ ඉන්පසු පැවැත්වුණු මැතිවරණ රැලිවලට සහභාගී වූයේ ද නැත.


වාමාංශික කම්කරු පක්ෂය මෙවර ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් කිරීමට සූදානම් වූයේ දූෂණ චෝදනා හේතුවෙන් සිර දඬුවම් විඳින බ්‍රසීලයේ හිටපු ජනාධිපති ලූලා ද සිල්වාය. ලූලා ද සිල්වා ජනපති අපේක්ෂකයා ලෙස කම්කරු පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කර තිබුණේ ඒකමතිකවය. කෙසේ නමුත් ජනපතිවරණයට ඉදිරිපත් වීමට ලූලා ද සිල්වාට අධිකරණයෙන් අවසරයක් ලැබුණේ නැත. එහෙයින්, කම්කරු පක්ෂය තෝරා ගත් අපේක්ෂකයා වූයේ 55 හැවිරිදි ෆර්නැන්ඩෝ හැඩෑඞ්ය. බ්‍රසීල දේශපාලන විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ හිටපු ජනාධිපති ලූලා ද සිල්වා තරම් ජනතා ආකර්ෂණයක් දිනා ගැනීමට ෆර්නැන්ඩෝ හැඩෑඞ්ට හැකියාවක් නැති බවය.


එහෙයින්, දෙවැනි වටයේ ඡන්ද විමසුමේදී ෆර්නැන්ඩෝ හැඩෑඞ් සහ කම්කරු පක්ෂය ජයග්‍රහණය කිරීම සැක සහිත බව දේශපාලන විශ්ලේෂකයන් වැඩි දුරටත් පෙන්වා දී තිබිණි.
කලින් පැවැති වාමවාදී පාලන සමයේ සිටම වර්ධනය වෙමින් පැවැති අන්ත දක්ෂිණාංශය නියෝජනය කරමින් හිටපු හමුදා නිලධාරී ජේර් බොල්සොනාරෝ අතිශයින්ම විවාදාත්මක චරිතයකි. ඔහුගේ අනුගාමිකයන් ඔහු දකින්නේ ප්‍රබල දේශප්‍රේමියකු ලෙසය. ඔහු කාන්තාවන් පිළිබඳ විටින් විට විවාදාත්මක, පහත් ආකාරයේ ප්‍රකාශ සිදුකර තිබේ. එහෙයින්ම ඔහුට එරෙහිව කාන්තා ව්‍යාපාර විසින් විශාල විරෝධතා සංවිධානය කරන ලදී. තව ද ඔහු 1964-85 සමයේ බ්‍රසීල හමුදා පාලනය අගයයි. ඔහුගේ අනුගාමිකයන්ට අනුව බ්‍රසීලයේ වාමාංශිකයන් යනු කොමියුනිස්ට්වාදීන් ය. ඔවුන් යටපත් කිරීම සඳහා ද, පොදුවේ බ්‍රසීලයේ පවතින අස්ථාවර දේශපාලන තත්ත්වය නිවැරදි කිරීම සඳහා ද ප්‍රබල, ශක්තිමත් පාලකයකු අවශ්‍ය බව බොල්සොනාරෝ කඳවුර පවසයි.


දකුණු අමෙරිකාවේ විශාලතම ආර්ථිකය හිමි බ්‍රසීලය තුළ දූෂණ වංචා අධික වෙමින් පවතින බවටත්, ප්‍රචණ්ඩත්වය ඉහළ යමින් පවතින බවටත් කම්කරු පක්ෂයට චෝදනා කරමින්, සමාජ ලිබරල්වාදී පක්ෂය සිය ප්‍රචාරක කටයුතුවල නිරත විය. පළමු අදියරේ ජයග්‍රහණයෙන් පසුව ෆෙස්බුක් හරහා සජීවී ප්‍රකාශයක් කරමින් බොල්සොනාරෝ පැවසුවේ, බ්‍රසීල ජනතාවට තෝරා ගැනීමට මාවත් දෙකක් ඇති බව ය. “එක් මාවතක් වන්නේ, දෙවියන්ගේ කැමැත්ත මත සෞභාග්‍යය, නිදහස ය. එසේ නැතහොත් වෙනිසියුලාව ගිය මාවත තෝරා ගත හැක.” “වාමාංශිකයන්ට ඡන්දය දීම වෙනිසියුලාව මෙන් අවසානයට මුලකි” මේ වන විට ලතින් අමෙරිකාව පුරා ව්‍යාප්ත වී ඇති ජනප්‍රිය මැතිවරණ තේමා පාඨයකි.
අධිකරණයෙන් වරදකරුවන් වන පුද්ගලයින්ට එරෙහිව දැඩි දඬුවම් පැමිණවීම සහ වධ හිංසා කිරීම් සම්බන්ධයෙන් නීති පැනවීම මෙන් ම මරණ දඬුවම යළි ක්‍රියාත්මක කිරීම ආදිය පිළිබඳව ඔහු නිරන්තරයෙන් හඬ නැගීය. නීතිය හා සාමය සම්බන්ධයෙන් වන ඔහුගේ මෙම දැඩි ප්‍රතිපත්ති බ්‍රසීලයේ පැවති හමුදා ඒකාධිපතිත්වය යළි සිහිගන්වන අතර, රට තුළ ඉහළ යමින් පවතින ප්‍රචණ්ඩත්වය සහ අපරාධවලට එරෙහිව ආරක්ෂාවක් අපේක්ෂා කරන්නන්ගේ කැමැත්තට හේතු වී තිබේ.

 

 


තිළිණි ද සිල්වා
ඡායාරූපය : අන්තර්ජාලයෙනි.



අදහස් (0)

බ්‍රසීලයේ ඉරණම බාරගත් ප්‍රගතිශීලි දක්‍ෂිණාංශිකයා ජේර් බොල්සොනාරෝ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 515 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 475 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 417 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site