IMG-LOGO

2025 දෙසැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


බි්‍රතාන්‍යයේ දෙවැනි යකඩ ගැහැනිය තෙරේසා මේ

ලොව යකඩ ගැහැනිය යැයි විරුදාවලිය ලත් බි්‍රතාන්‍යයේ හිටපු අගමැතිනි මාග්‍රට් තැචර් මහත්මියට පසුව තවත් යකඩ ගැහැනියක් එරටින් බිහිවූයේය. ඇය නමින් තෙරේසා මේ. ලෝක දේශපාලනය තුළ කැපී පෙනෙන චරිතයක් වූ වත්මන් බි්‍රතාන්‍ය අගමැතිනිය වෙනුවෙන් මෙවර දියත රාජ්‍ය නායක පිටුව වෙන්වේ.


2016 වසරේ දී ලොව ප්‍රචලිත වූ දේශපාලන තීන්දුව එවකට බි්‍රතාන්‍ය අගමැතිව සිටි ඬේවිඞ් කැමරන් මහතා විසින් ගනු ලැබීය. එම තීන්දුව වූයේ බි්‍රතාන්‍යය යුරෝපා සංගමයෙන් වෙන්වීම සම්බන්ධයෙනි. මෙම තීන්දුව එරට විශාල දේශපාලන බල පෙරළි රැසකට හේතු විය. අවසානයේ බි්‍රතාන්‍යය යුරෝපා සංගමයෙන් වෙන් වීමට පැවති ජනමත විචාරණයේ බහුතර ජනතාව ඊට කැමැත්ත පළ කිරීමත් සහ අගමැති ඬේවිඞ් කැමරන් කොන්සර්වේටිව් පක්ෂයේ නායකත්වයෙන් ඉල්ලා අස්වීමත් සිදුවූයේය. අගමැති ඬේවිඞ් කැමරන්ගේ ඉල්ලා අස්වීමත් සමග නායකත්වය දැරීම සඳහා ඉදිරිපත් වූයේ එවකට බි්‍රතාන්‍යයේ රාජ්‍ය ලේකම්වරිය වන තෙරේසා මේ යි.


පසුව 2017 වසරේ කොන්සර්වේටිව් පක්ෂයේ නායකත්වය යටතේ ඉදිරි මැතිවරණයේදී අගමැති ධුරය සඳහා තරග වැදීමට තෙරේසා මේ කැමැත්ත ප්‍රකාශ කළාය. අවසානයේ ඇය බි්‍රතාන්‍යයේ අගමැතිනිය ලෙසින් දිවුරුම් දුන්නේ කවුරුත් නොසිතූ පරිදිය.


1956 ඔක්තෝබර් මාසයේ උපන් තෙරේසා මේ ගේ පියා එංගලන්ත පල්ලියේ පාදිලිවරයෙකි. භූ විද්‍යා අංශයෙන් අධ්‍යාපනය හැදෑරූ තෙරේසා මේ පසුව පෞද්ගලික ආයතනවල සේවය කළාය. 


කිහිප වාරයක් මහ මැතිවරණ පරාජයන්ගෙන් පසු 1997 මහ මැතිවරණයේදී මේඩින්හේඞ් ප්‍රදේශය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක ලෙස පත්වීමට ඇයට හැකි වූවාය. 1997 සිට මේ දක්වාම එම පාර්ලිමේන්තු අසුන නියෝජනය කිරීමට ඇයට හැකි වූ අතර 2010 වසරේදී එවකට අගමැති ඬේවිඞ් කැමරන් මහතාගේ නායකත්වයෙන් යුතු රජයේ රාජ්‍ය ලේකම්වරිය ලෙස පත්වූවාය.


රාජ්‍ය ලේකම්වරිය බවට පත්වීමෙන් අනතුරුව ඇය නීති රීති සංශෝධනය කරමින් කලින් තිබූ ලේබර් පක්ෂයේ ආණ්ඩුව නිකුත් කර තිබූ ජාතික හැඳුනුම්පත් වෙනස් කිරීමට කටයුතු කළාය. නඩු විභාගවල සැකකරුවන්ගේ අයිතීන් ලබා ගැනීම හා කැමරා පාලක නීතිරීති වෙනස් කළාය. තවද 2012 ජුනි මාසයේදී බි්‍රතාන්‍ය ජාතිකයන් නොවන අයගේ පවුල්වල සාමාජිකයන් බි්‍රතාන්‍යයට සංක්‍රමණයවීමේ ඉඩ අහුරන නීති සම්පාදනය කෙරෙන බව දැනුම් දුන් අතර ඒ සඳහා නව නීතිරීති ගෙන ආවාය. කලක් ඇය කාන්තාවන් හා සමානතාව පිළිබඳ අමාත්‍ය ධුරය ද දැරුවාය.


යුරෝපා සංගමයෙන් බි්‍රතාන්‍යය ඉවත්වීම තීරණය කෙරුණු ජනමත විචාරණයෙන් පසුව ඬේවිඞ් කැමරන් අගමැතිවරයා ඉල්ලා අස්වන බව ප්‍රකාශ කිරීමත් සමග ඇයගේ දේශපාලන ගමන් මඟ කවුරුත් නොහිතූ පරිද්දෙන් වෙනස් වූයේය. එම සංසිද්ධිවලින් පසුව 2016 ජුනි 30 වැනිදා තමා කොන්සර්වේටිව් පක්ෂයට නායකත්වය දෙන බව ප්‍රකාශ කළ තෙරේසා මේ යුරෝපා සංගමය බි්‍රතාන්‍යයෙන් ඉවත් වීමේ කාරණය පසෙක තිබියදී රටේ අනාගතය සඳහා ශක්තිමත් නායකත්වයක් හා ධනවාදී දැක්මක් සහිතව ගෙන ඒමට ඇයට හැකි බවට ප්‍රතිඥා දුන්නාය.


බි්‍රතාන්‍යය, යුරෝපා සංගමයෙන් ඉවත්වීම සම්බන්ධයෙන් පැවැති ජනමත විචාරණයෙන් අනතුරුව අගමැති ධුරයට පත් වූ තෙරේසා පසුව ඇය ගෙනා බ්‍රෙක්සිට් යෝජනාවලට ඇයගේ පක්ෂයෙන්ම දැඩි විරෝධය පළවීම ද විශේෂත්වයකි.


එසේ ප්‍රතිඥා දී සිටියදී බි්‍රතාන්‍යයේ අගමැතිනී තෙරේසා මේ ගේ නායකත්වය අභියෝගයට ලක්කරමින් විශ්වාසභංගයක් ඉදිරිපත්වී තිබේ. ඊට අදාළ ඡන්ද විමසීම ඉකුත් 12 වැනිදා පැවැත්විණි. එහිදී ඡන්දය භාවිත කිරීමේ අවස්ථාව කොන්සර්වේටිව් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හිමි වූයේය. කෙසේ වෙතත් විශ්වාසභංගය පරාජය කිරීමට බි්‍රතාන්‍ය අගමැතිනියට හැකියාව ලැබුණි. විශ්වාසභංගය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සිදුවූයේ ද තෙරේසා මේ ගේ පාලක කොන්සවර්ටිව් පක්ෂයයි.


බි්‍රතාන්‍ය අගමැතිනිය ලෙස තෙරේසා මේ තවදුරටත් රැඳී සිටිය යුතු යැයි ඇයට විශ්වාසය පළ කළ පිරිස 200 කි. විරෝධය දැක්වූ පිරිස 117 කි. කෙසේ නමුත් කොන්සවේර්ටිව් පක්ෂයෙන් සියයට 30ක් පමණ තෙරේසා මේ ට විරෝධය පළ කරමින් ඡන්දය ලබා දුන් බව පැවැසෙයි.


බි්‍රතාන්‍ය අගමැතිනියගේ නායකත්වය පිළිබඳ අර්බුදයක් නිර්මාණය වී ඇත්තේ බි්‍රතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්වීමේ තීරණය හෙවත් බ්‍රෙක්සිට් ගිවිසුම මුල්කොට ගනිමිනි. යුරෝපා සංගමයෙන් ඉවත් විය යුතු නැති බව දිගින් දිගටම බි්‍රතාන්‍ය වැසියන්ට පසක් කර දුන්නේ හිටපු අගමැති ඬේවිඞ් කැමරන්ය. අවුරුදු දෙකක් ගතව ඇතත් බි්‍රතාන්‍ය නායකයින් එම අර්බුදය විසඳා අවසන්ව නැත.


මේ අතර බි්‍රතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්වීම පිළිබඳව සම්පූර්ණ නෛතික උපදේශය ප්‍රසිද්ධ කිරීම ප්‍රතික්ෂේප කිරීමෙන් අගමැතිනි තෙරේසා මේ ගේ ආණ්ඩුව පාර්ලිමේන්තුවට අපහාස කර ඇතැයි අනාවරණයවී ඇත. මේ සම්බන්ධයෙන් බි්‍රතාන්‍ය පාර්ලිමේන්තුවට මෝසමක් ඉදිරිපත් වූ අතර ඊට පක්ෂව ඡන්ද 311ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණේ ඡන්ද 293ක් පමණි.


බි්‍රතාන්‍ය අගමැතිනිය ප්‍රමුඛ ආණ්ඩුව, ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවට අපහාස කර ඇති බව අනාවරණය වූයේ එම මෝසමෙනි. මේ අනුව තෙරේසා මේ ගේ ආණ්ඩුව පාර්ලිමේන්තුවට නිග්‍රහ කර ඇතැයි අනාවරණය වූ අතර බි්‍රතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්වීම පිළිබඳ නෛතික උපදේශ කඩිනමින් ප්‍රසිද්ධියට පත් කරන්නැයි ද අදාළ මෝසම මගින් නියෝග කරනු ලැබිණි. මේසා අර්බුද ගණනාවක් තිබුණද තෙරේසා මේ අගමැතිනියගේ අගමැති ධූර කාලය 2022 දක්වාම පවතින බව පැවසිය යුතුමය.

 


තිළිණි ද සිල්වා
ඡායාරූපය : අන්තර්ජාලයෙනි.



අදහස් (0)

බි්‍රතාන්‍යයේ දෙවැනි යකඩ ගැහැනිය තෙරේසා මේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 515 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 475 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 417 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site