IMG-LOGO

2025 ඔක්තෝබර් මස 24 වන සිකුරාදා


ධන උල්පත් පෑදෙයි

 

ට්‍රම්ප් වර්ල්ඞ් ටවර් ගොඩනැගිල්ලේ ඇත්තේ එපාර්ට්මන්ට් ලෙස හඳුන්වන තට්ටු නිවාසය. මෙය ලොව උසම තට්ටු නිවාස ගොඩනැගිල්ලය. එහෙත් සමහරු සඳහන් කරන අන්දමට ඩුබායි සහ කොරියාවේ සෝල් නගරවල මෙයට වඩා උස තට්ටු නිවාස ගොඩනැගිලි ඇත.


උසම උස තට්ටු ගොඩනැගිලි ඉදිකිරීමට ට්‍රම්ප් තරුණ කාලයේ සිටම දැඩි ආසාවක් දැක්වීය. ට්‍රම්ප් දේපළ වෙළදාම් සමාගම හැමවිටම නිසි පරිදි ක්‍රියාත්මක වන අතරවාරයේදී වෙනත් දෑ කෙරෙහි හිත යොමු වූයේ නිතැතිණි.


ඇමෙරිකාවේ ක්‍රීඩාවන් හි ආයෝජනය කිරීමද එක්තරා අන්දමින් ලාබ උපයන ආදායම් මාර්ග විය. ඒ අතරින් ඇමෙරිකන් වොලිබෝල්, පාපන්දු යන ක්‍රීඩා වඩාත් හොඳින් ආදායම් උපයා ගත හැකි ආදායම් මාර්ග විය. 1990 මැද භාගය වන විට ඇමෙරිකානු පාපන්දු කර්මාන්තයට සම්බන්ධ වීමට ට්‍රම්ප්ට හැකි විය. ඇමෙරිකානුවෝ දවසේ වරු ගණන් වැය කරමින් සිදු කරන ක්‍රිකට් ක්‍රීඩාවට දැඩි අකැමැත්තක් පළ කළහ. ඒ වෙනුවට ඔවුන් තෝරා ගෙන සිටින්නේ පාපන්දු සහ බේස් බෝල ක්‍රීඩාවය. මේ දෙකම පැයෙන් දෙකෙන් අවසන් වන ක්‍රීඩාවන්ය. 1991 අප්‍රේල් මාසයේදී ඇමෙරිකානු පාපන්දු කණ්ඩායමක් තිබිණි. එහි නම නිව්ජර්සි ජෙනරල්ස්ය. එම වසරේදී එමමාසයේදීම ඇමෙරිකානු පාපන්දු ලීගයේ සාමාජිකයෙකු වීමට නිව්ජර්සි ජෙනරල්ස් කණ්ඩායමට හැකි විය. ට්‍රම්ප් මේ හරහා අතිවිශාල ධනයක් උපයා ගත්තේය. ඇට්ලන්ටා නගරයේ බොක්සිං තරගවලටද ඔහු ආයෝජනය කළේය. ද ආට් ඔෆ් ද ඩීල් නමින් ලියූ පොතෙහි ඩොනල්ඞ් ට්‍රම්ප් මේ බොහෝ තොරතුරු සඳහන් කරයි.


මේ වනවිට ට්‍රම්ප් නමින් කැසිනෝ, ගොල්ෆ් පිටි, හෝටල් හා තවත් ව්‍යාපාර රැසකි.


වැඩිදෙනා නොදන්නවාට ලෝකයේ ප්‍රධාන පෙළේ රූප සුන්දරී තරඟ රැසක අයිතිකරුවා වූයේද ට්‍රම්ප්ය. 1996 සිට 2015 දක්වා විශ්ව රූ රැජින තරගය, මිස් යූ.එස්.ඒ, මිස් ටීන් යූ.එස්.ඒ වැනි තරඟ සියල්ලෙහිම වැඩි කොටස් හිමිකාරයා වූයේ ට්‍රම්ප්ය.


එහෙත් දේපළ වෙළදාම තරම් වෙන කිසිදු ව්‍යාපාරයක් ට්‍රම්ප්ට යා දුන්නේ නැත. ඒ සම්බන්ධයෙන් තමා විසින් ගොඩනංවා ගන්නා ලද කීර්ති නාමය ඩොලර් බිලියන 3ක් වටින බව ට්‍රම්ප් අදටත් කියයි. ඇමෙරිකානුවෝ වැඩි දෙනා ට්‍රම්ප්ගේ ආයතනය හරහා තම ඉඩම් සහ ගෙවල් විකුණා ගැනීමට කැමැත්තක් දැක්වූහ. ට්‍රම්ප් නාමය යටතේ විකුණන දේපළ වලට විශාල වශයෙන් ගැනුම්කරුවෝ ඇදී එති. ඒ අය විශ්වාස කරන්නේ ඔහු ඉතා පාරිශුද්ධ ආකාරයෙන් ගනුදෙනු මෙහෙයවන අය බව කියාය.


ඩොනල්ඞ් ට්‍රම්ප් ධනපතියකු බව බොහෝදෙනෙක් නොදනිති. ලෝක ප්‍රකට “ෆෝර්බස්” සඟරාව මේ වසර මුලදී කියා සිටියේ ට්‍රම්ප්ගේ ධනය අමෙරිකා ඩොලර් බිලියන 3.7ක් පමණ වන බවයි. අමෙරිකා ප්‍රවෘත්ති ඒජන්සියක් වන “බ්ලුම්ස්බර්ග්” පැවසුවේ ඔහුගේ ධන ප්‍රමාණය අමෙරිකා ඩොලර් බිලියන 3ක් පමණ වනු ඇති බවය. මේ කුමන අගය අන්තිම දශමයටම නිවැරදිදැයි කියා අපි නොදනිමු. නමුත් ට්‍රම්ප් අමෙරිකා ඉතිහාසයේ පහළවුණු ධනවත්ම දේශපාලනඥයා යන්න කිසිවකුට බැහැර කළ නොහැකිය. 


හෙතෙම තමන්ගේ ධනය ගැන අධි තක්සේරුවකින් සිටින බව කිව යුතුව ඇත. අමෙරිකාවේ ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කරන්නට පළමුව - එනම් පසුගිය වසරේ ජුනි 16 වැනිදා ට්‍රම්ප් තම මුල්‍ය ප්‍රකාශයක් ඉදිරිපත් කර තිබිණ. එක් පිටුවකින් සමන්විත මේ මුල්‍ය ප්‍රකාශය නිකුත් කරන්නට මුල්වී තිබූ ඇමෙරිකා එක්සත් ජනපදයේ කීර්තිමත් වූත් විශාල වූත් ගණකාධිකරණ. සමාගම කියන ආකාරයට ට්‍රම්ප්ගේ ධනස්කන්ධය ඇමෙරිකා ඩොලර් 8,737,540,000කි. 


එයින් කියැවෙන්නේ ට්‍රම්ප්ට ඇමෙරිකා ඩොලර් බිලියන 9කට ආසන්න ධනයක් ඇති බවකි. මේ මුල්‍ය ප්‍රකාශයත් සමඟම ට්‍රම්ප් පැවසුවේ “මම ඇත්තටම පොහොසත්” කියාය. ෆෝර්බස් සඟරාව එකී මුල්‍ය ප්‍රකාශයත්, ට්‍රම්ප්ගේ ප්‍රකාශයත් යන දෙකම අපූරු විග්‍රහයකට බඳුන් කර තිබිණ. ඒ අනුව සඟරාව සටහන් කර තිබුණේ “එය ගජබින්නයක්” බවය.


ආඩම්බර විය හැකි තරමේ මහා ධනයක් උත්පාදනය කෙරෙන වත්කම් ප්‍රමාණයක් ට්‍රම්ප් සතුය. එයින් වැඩි ප්‍රමාණයක් ඔහුට උරුම වුණේ ඔහුගේ පියාගෙනි. ට්‍රම්ප්ගේ ව්‍යාපාර කටයුතු අතර සංචාරක නිකේතන, සුඛෝපභෝගී මහල් නිවාස සංකීර්ණ, ඉඩකඩම් සංවර්ධනය කිරීමේ ව්‍යාපාර සහ ගොල්ෆ් පිටි ඇත. නිව් යෝර්ක්හි “ට්‍රම්ප් ටවර්” නමැති නිවාස සංකීර්ණ, මෑන්හැට්න්හි “ට්‍රම්ප් වර්ල්ඞ් ටවර්”, ලාස් වේගාස්හි රන් පැහැ ඵලක ඇල්ලූ ට්‍රම්ප් හෝටලයත්, ෆ්ලොරිඩාහි “පාම් බීච්” වත්තත් සංවිධානයට ධනය ගලා එන මාර්ග අතර කැපී පෙනෙයි. 


ලෝකයේ විවිධ රටවල ඇති ගොල්ෆ් පිටි දහසයක් ඩොනල්ඞ් ට්‍රම්ප් සතුව ඇති බව දැක්වේ. විශ්ව රූ රැජිණ තරගය, සහ ටජ් මහල් කැසිනෝ ව්‍යාපාරය හරහාද ට්‍රම්ප් සංවිධානයට ධනය ලැබෙයි. ඒ අනුව ගත් කල, ට්‍රම්ප් සංවිධානයට ධනය ගලාගෙන එන මාර්ග රැසකි.


මෙයින් බොහෝ ව්‍යාපාර දියුණු කරන්නට ට්‍රම්ප් මහා පරිමාණ වශයෙන් බැංකු ණය ලබාගෙන ඇති බව බ්ලුම්ස්බර්ග් වාර්තාවක සඳහන්ව ඇත. පසුගිය වසරේ සිට බැංකු ණය ප්‍රමාණය ඇමෙරිකා ඩොලර් මිලියන 350 සිට ඇමෙරිකා ඩොලර් මිලියන 630 දක්වා රොකට් වේගයෙන් ඉහළ ගිය බවත් ඒ වාර්තාව පෙන්වා දෙයි. එමෙන්ම ඇමෙරිකා ඩොලර් මිලියන 50කට අධික මුදලක් ජනාධිපතිවරණ සටනට ට්‍රම්ප් ලබාගෙන තිබෙන්නේද ස්වකීය ව්‍යාපාරවලිනි. 


ජනාධිපති පුටුවට බිමින් නොව උඩින් ගිය ට්‍රම්ප්ගේ දේශපාලන පිම්ම ලබන සතියට....

තිළිණි ද සිල්වා



අදහස් (0)

ධන උල්පත් පෑදෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1357 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1264 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 461 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site