IMG-LOGO

2025 දෙසැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


ට්‍රම්ප්ට ජයගෙනා ජාතිකවාදය

 

මාස ගණනක් තිස්සේ පැවැති ඉතා උණුසුම් ජනාධිපතිවරණ සටනකින් පසු, බොහෝ දෙනෙකු අපේක්ෂා නොකළ ලෙස, රිපබ්ලිකන් පක්ෂයේ ඩොනල්ඞ් ට්‍රම්ප් - හිලරි ක්ලින්ටන් පරදවා ඇමෙරිකාවේ 45 වැනි ජනාධිපතිවරයා ලෙස පත්වීමට අවස්ථාව උදා කරගත්තේය. ඒ ඉකුත් ජනවාරි 20 වැනිදාය. මීට පෙර රිපබ්ලිකන් පාක්ෂිකයෙකු ජනාධිපති ධුරයට පත් වූයේ 2001 වසරේය. ඒ ජෝර්ජ් ඩබ්ලිව්. බුෂ් ජනාධිපතිවරයායි. ඔහු 2009 වසරේ බැරක් ඔබාමා එම පදවියට පත් වනතුරුම ජනාධිපතිවරයා ලෙස කටයුතු කළේ 2004 ජනාධිපතිවරණයෙන්ද ජය ලබමිනි.

ට්‍රම්ප්ගේ ජයග්‍රහණයට බලපෑ ප්‍රධාන හේතුව ලෙස සැලකිය හැක්කේ ඔහු සිය ජනාධිපතිවරණ සටනේ ප්‍රධාන තේමාව ලෙස ප්‍රකාශ කළ කාරණය බව පැවැසිය හැකිය. ඔහු නිරන්තරයෙන් අවධාරණය කළ කාරණය වූයේ තමා ජනාධිපති ධුරයට පත් වුවහොත් දැන් ගිලිහෙමින් ඇති ඇමෙරිකාවේ ශ්‍රේෂ්ඨත්වය නැවත ඇති කිරීමට ක්‍රියා කරන බවයි. ඔහුගේ මෙම, ජාතිකවාදී මුහුණුවරක් ගත් පණිවුඩය බොහෝදුරට ඇමෙරිකාවේ බහුතරයක් වන  සුදු ජාතිකයින් අතර විශාල උත්තේජනයක් ඇති කරන්නට සමත් වූ බව දැකගත හැකි විය.
මෙම ජාතිකවාදී පණිවුඩයට මෙවැනි ඉල්ලුමක් එරට ඡන්දදායකයින් තුළ ඇති කරන්නට හේතු වූ ප්‍රධාන සාධක කිහිපයක් වෙයි. ඒ ගැන සැකෙවින් සලකා බලමු.  ප්‍රධානම සාධකයක් ලෙස සැලකිය හැක්කේ ආර්ථික වශයෙන් මෙන්ම සංස්කෘතික සහ ආරක්ෂක වශයෙන්ද බහුතරයක් ඇමෙරිකානුවන් මුහුණ දෙමින් සිටි අභියෝගයි.


වසර කිහිපයකට පෙර ඇමෙරිකාව දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ දුන් අතර තවමත් එයින් මුළුමනින් ගොඩ එන්නට ඔවුන් සමත්ව ඇතැයි කිව නොහැක. මේ අතර රට තුළ ඇති නැති පරතරයද විශාල වශයෙන් ඉහළ යමින් ඇති ආකාරය දැකිය හැකි වෙයි. මේ නිසා බහුතර ජනතාවක් ගතකරන්නේ එතරම් සුවපහසු ජීවිතයක් නොවන බව පැවැසිය හැකිය.


ඇමෙරිකාවේ ආර්ථික සහ දේශපාලන ක්‍රමය සමාජයේ බහුතරයක් වෙනුවෙන් නොව, සියයට එකක් පමණ වන සුළුතර ව්‍යාපාරික සහ ධනපති පැලැන්තිය වෙනුවෙන් පමණක් සේවය කරන්නක් බවත්, මේ නිසා සමාජයේ අති විශාල පිරිසක් දිනෙන් දින ආර්ථික අමාරුකම්වල ගිලෙමින් සිටියදී සුළුතරයක් වේගයෙන් පොහොසත් වෙමින් ඇති බවත් නිතර දෙවේලේ එල්ල වූ චෝදනාවක් විය.


එමෙන්ම යුද ගැටුම් නිසා ගිනියම්ව ඇති මැදපෙරදිගින් මෙන්ම ආර්ථික වශයෙන් අර්බුදයන්හි ගිලී සිටින මෙක්සිකෝව වැනි අසල්වැසි රටවලින්ද ලක්ෂ ගණනින් ඇමෙරිකාවට එමින් සිටින සංක්‍රමණිකයින් පිළිබඳ ගැටලුවද බහුතරයක් වන සුදු ජාතික ඇමෙරිකානුවන් දැඩි ලෙස නොසන්සුන් කළ කාරණයක් විය. මේ නිසා ඇමෙරිකානුවන්ගේ රැකියා අවස්ථා ආදිය පවා ගිලිහෙනු ඇතැයි බිය පළ වූ අතර විශේෂයෙන් මැදපෙරදිගින් සංක්‍රමණය වූ මුස්ලිම් ජාතිකයින් අතර සැඟවී අන්තවාදී සටන්කාමීන්ද පැමිණිය හැකිය යන මතය නිසා ආරක්ෂාව පිළිබඳ බියක්ද හටගත්තේය.


මේ නිසා පිටරටවල සිට ඇමෙරිකාවට පැමිණ සිටින සුළු ජාතිකයින් සම්බන්ධයෙන් සමාජයේ විරෝධතාවක් ගොනු වෙමින් තිබූ බව පෙනී ගියේය. කළු ජාතික ඇමෙරිකානුවන් සහ පොලීසිය අතර පසුගිය කාලය තිස්සේම ඇතිවෙමින් තිබෙන ගැටුම්වලින් කළු ජාතික තරුණයින් බොහෝ දෙනෙකු මිය යාමේ සිදුවීම්ද මේ හා බැඳුණු කාරණාවක් ලෙස සැලකිය හැකි වෙයි.


ඒ අතර ඇමෙරිකාව සහ වෙනත් රටවල් අතර අත්සන් කර ඇති වෙළෙඳ සහ ආර්ථික ගිවිසුම් නිසාද ඇමෙරිකානුවන්ගේ රැකියා අනතුරේ වැටී ඇති බවටද ජනප්‍රිය මතයක් රට තුළ විය. එය එක්තරා දුරකට එට්කා ගිවිසුම නිසා ලාංකිකයින්ගේ රැකියා අනතුරේ වැටෙනු ඇතැයි යනුවෙන් අපේ රටේ පැතිරුණු මතයට සමාන එකකි.


මෙම සියලු සාධක විසින් සමාජය තුළ ඇති කර තිබුණේ ඇමෙරිකාව නැවත ශ්‍රේෂ්ඨත්වයට පත් කර, බහුතර සුදු ජාතික ඇමෙරිකානුවන්ගේ සුරක්ෂිතතාව තහවුරු කළ යුතුය යන මානසිකත්වයක් යැයි කිව හැකිය.  සංස්කෘතික වශයෙන්ද, ආර්ථික වශයෙන්ද, ආරක්ෂාව අතින්ද මෙම අරමුණ ඉටු කළ හැකි වීරයෙකු හෝ වීරවරියගේ වුවමනාව ජනතාවට දැනෙමින් තිබුණා යැයි පැවැසිය හැකිය.


දැනට පවතින දේශපාලන සහ ආර්ථික හැඩගැස්ම තුළ මෙම ගැටලුවලට විසඳුම් සෙවිය නොහැකිය යන හැඟීමක්ද ජනතාව තුළ තිබුණු බව පෙනීයයි. කාලයක් තිස්සේම ජනතාව මෙම ක්‍රමය තුළ විසඳුම්  සොයන්නට ගොස් බලාපොරොත්තු බිඳ වැටී  කලකිරීමට පත්ව සිටින හෙයිනි. මේ තත්ත්වය තුළ දැනට පවතින දේශපාලන, ආර්ථික හැඩගැස්මට, පවතින ක්‍රමයට විරුද්ධව යන නායකයෙකුගේ අවශ්‍යතාවද දැඩි ලෙස දැනෙමින් තිබුණු බව පෙනිණි.


2017 ඇමෙරිකානු ජනාධිපතිවරණ සටනේ ට්‍රම්ප් ගේ ගමන් මඟ ලබන සතියට දියත ඔස්සේ....

 



අදහස් (0)

ට්‍රම්ප්ට ජයගෙනා ජාතිකවාදය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 515 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 475 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 417 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site