IMG-LOGO

2025 දෙසැම්බර් මස 12 වන සිකුරාදා


“ ජනතාවට සේවය කරනු ”

චීනයේ සංස්කෘතික විප්ලවයෙන්  4

 

නායකත්වය ගෙන කටයුතු කළ කැරලි සංවිධානයක් ෂැංහයි ජනතාව වෙත හදිසි දැන්වීමක් පළ කළහ. ආර්ථිකවාදයට නතු නොවී කැරලි මධ්‍යස්ථානයකට එක්රොක් වන ලෙස එහි ආයාචනා කර තිබුණි. මෙයට සභාපති මාඹ්ගේ  උණුසුම් ආශිර්වාදය ලැබුණි. සමස්ත නගර මට්ටමේ බලය අල්ලා ගැනීමේ ප්‍රශ්නය ඉන් මතු කෙරුණු නිසා එය දෙවන මාක්ස් ලෙනින්වාදී විශාල පරිමාණයේ පෝස්ටරය බව ඔහු පැවසුවේය. 


මහජන මතය වෙනස් කිරීමෙන් හා නගර ආර්ථිකයේ පාලන බලය ලබාගැනීමෙන් පසු ගතයුතුව තිබූ මීළඟ පියවර වූයේ පරිපාලන තන්ත්‍රයේ සහ පක්ෂයේ පාලන බලය අල්ලා ගැනීමය. බලය අල්ලා ගැනීම සම්බන්ධයෙන් විවාදය සිදුවෙමින් පැවතියේය. බලය අල්ලා ගැනීමේ හරි ක්‍රමයත් වැරදි ක්‍රමයත් පිළිබඳව ගැටුමක් පැවතියේය. හිංසනයෙන් වැළකී සිටිය හැකිද? විවාදයම හිංසනය වැලඳ ගත්තේය. 1967 ජූලි හා අගෝස්තු මාසවල දී ෂැංහයිවල සටන් ඇතිවිය. මුලින් අතින් පයින් සටන් කළ  නමුත් පසුව තුවක්කුවද  භාවිතා කරන ලදී. හිංසනය නිසා ප්‍රවාහනය අත්හිටුවීමට සිදුවූ අතර නිෂ්පාදනය අඩාලවී ගියේය. ජූලි හා  අගෝස්තු මාසවල දී පැවති කලබල වකවානුව මුළුල්ලේම සමහර ව්‍යවසායයන්හි නිෂ්පාදනය අඩුවිය. ආකරවල හානි සිදුවීමත් ප්‍රවාහන කටයුතු අඩාලවීමත් නිසා ඇතිවූ  අඟුරු හිඟයත් වඩාත් බැරෑරුම් දුෂ්කරතාවන් විය. 


සැප්තැම්බරයේ මහා සන්ධානය ඇතිකර ගැනීමත් සමගම කාර්මික නිෂ්පාදනය ඉහළ නැංගේය. අඟුරු පිළිබඳ ප්‍රශ්නය සමථයකට පත්කරනු ලැබූ විටෙක නිෂ්පානයෙහි මහා ඉහළ යාමක් සිදුවනු ඇත. ඒ අනුව කම්හල්වල නිමැවුම් ශීඝ්‍රයෙන් ඉහළ ගියේය. කෘෂි කර්මාන්තයට අනර්ථකාරී ලෙස බලපෑමක් නොවීය. 1967 ගිම්හාන අස්වැන්න 1966 දීට වඩා සියයට 10කින් වැඩිවිය. සංස්කෘතික විප්ලවය පැවැති වකවානුවේදී කුමන අන්දමේ කලබලකාරී තත්ත්වයක් තිබුණ ද ආර්ථික සංවර්ධනය දිගින් දිගටම සිදුවෙමින් පැවතුණේය. 1968 අස්වැන්නද සාර්ථක යැයි වාර්තාගත වී ඇත. කලබල තත්ත්වයන් නිසා ඇතැම් කර්මාන්තවල පසුබැසීමක් හටගෙන තිබුණද සංස්කෘතික විප්ලවය තුළින් කම්හල්තුළට ආ සරල සංවිධානයත් සේවකයාත් අතර වු දැඩි පෙලඹවීම්වල ප්‍රතිඵලයක් වශයෙන් වෙනත් කම්හල් බොහෝමයක තාක්ෂණික ක්ෂේත්‍රයේ ඉදිරි පියවර ගණනාවක් ඇති තර නිෂ්පාදනයේ වර්ධනයත් නිෂ්පාදන වැය අඩු කිරීමක් ගුණාත්මක තත්ත්වයේ වර්ධනයත් සිදුවී ඇත. 


තවද අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් ද නව සිදුවීම් ගණනාවක් හට ගැනුණි. සිය පුහුණුව අවසන් කළ පසු ශිෂ්‍යයන් පෙන්වා ඇති දස්කම් පිළිබඳ විමර්ශන ගණනාවක් කර ඇති අතර ඉන් එකක් පුළුල් ලෙස ප්‍රසිද්ධියට පත්කොට ඇත. මෙය වැදගත් යන්ත්‍ර උපකරණ කම්හලක කම්කරුවන් හා  නිලධාරීන් විසින් ෂැංහයි හි යාන්ත්‍රික ඉංජිනේරු ආයතනය සම්බන්ධයෙන් එල්ල කරන ලද විවේචන අලළා කරන ලද විමර්ශනයකි. දක්ෂතම ඉංජිනේරුවන් වන්නේ විශ්වවිද්‍යාල පාඨමාලා හැදෑරීමට පෙර කිසියම් ප්‍රායෝගික අත්දැකීමක් ලැබූ අය බවත් ගවේෂණ හා ප්‍රායෝගික වැඩසමග අධ්‍යාපනය ඒකාබද්ධ කළයුතු බවත් මෙහි තීරණය විය. 


සංස්කෘතික විප්ලවයෙහි යුද්ධ හමුදාමය ලක්ෂණයක් අනිවාර්යෙන්ම අන්තර්ගතය. එහෙත් ඒ සැබවින්ම ආරක්ෂාව උදෙසා පමණය. යුද්ධ භටයෝ සිවිල් වැඩකටයුතුවල නිරත වූවත් ජාතික විමුක්ති හමුදාව සෑමවිටම සටන් සූදානමින් පසුවේ. තම රටට විය හැකි ආක්‍රමණයක් බිඳ දමනු පිණිස පුරවැසි හමුදාවන් පුහුණු  කිරීමත් සැම ගමකම ධාන්‍ය තොග රැස්කර තබා ගැනීමත් මධ්‍යස්ථානය අතවරයට ගොදුරු වූ විට පවා පුද්ගලික ඒකකයන්ට තම වැඩ කටයුතු පවත්වාගෙන යෑමට හැකිවන සේ ආත්ම විශ්වාසය වර්ධනය කිරීමත් යන මේවා තම මව්බිම ගොදුරුවිය හැකි ප්‍රහාරයන් මැඩපැවැත්වීම සම්බන්ධයෙන් වැදගත් වේ. 


සංවිධායක ඇති අවශ්‍යතාව හා ප්‍රජාතන්ත්‍රවාදය විසින් ඉදිරිපත් කෙරෙන පොරොන්දු අතර පවතින සනාතන ගැටුම එක පහරකින්ම සමථයකට පත් කළ නොහැකිය. විශේෂයෙන්ම බලවත් සතුරෙකුගේ තර්ජනය හමුවේ නූතන කාර්මික රාජ්‍යයක් ගොඩනැගීම සඳහා සැලසුම් කිරීමේ කටයුතු සහ සම්බන්ධ කිරීම හා පිළිගත් ඒකාබද්ධිත ආඥා මධ්‍යස්ථානයක් තිබීම අවශ්‍යය. නිලධාරී තන්ත්‍රය මගින් ක්‍රියාත්මක වන රාජ්‍යමය ධුරාවලියක් බැහැර කරලීම උගහටය. නායකයන් විසින් විප්ලවය සිද්ධාන්තයක් කෙතරම් හිස් මුදුනින්  පිළිගත්ත ද බලාධිපත්‍ය බලයට ඇති ආශාව වර්ධනය කරයි. එමෙන්ම නිලධාරීන් තවදුරටත් නිලධාරී තන්ත්‍රිකයන් වේ. සංවිධානය නමැති අන්තයේ සිට ජනතා සභභාගිත්වයෙන් දක්වා ප්‍රබල වෙනසක් කිරීමට සංස්කෘතික විප්ලවය සමත් වී ඇත.


ජනතාවට සේවය කරන්න යන වාක්‍යයෙන් කියැවෙන සංකල්පය මුළුමහත් ජනතාවටම උගැන්වීමෙන් ප්‍රජාන්ත්‍රවාදය මෙන්ම මනා පාලනයක් යන දෙකම ළඟා කරගත හැකිය යන අදහස. සංස්කෘතික විප්ලවයට පදනම සලසයි. ඕනෑම පරිපාලනයක් සඳහා සංකල්පවේදයක් අවශ්‍යය. සෑම සුවිශේෂි අවස්ථාවකටම පුද්ගලික අවස්ථාවක් පිළිබඳ තීරණ ගැනීමේ දී හරි ක්‍රියා මාර්ය කුමක්දැයි හැම දෙනාටම පෙන්වන පිළිගත් පොදු ආකල්පයක් තිබීම අවශ්‍යය. 


සංස්කෘතික විප්ලවයෙන් ලබාගත් ප්‍රතිඵල දියවී යාම වළක්වාලීමට තැනුණු දැති රෝදයක් ලෙස අධ්‍යාපනය, ප්‍රචාරය, විනෝදය හා කලාව සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති මාඕ සේතුංගේ සිතිවිලි අවධාරණය කරමින් මිනිසුන්ගේ සිත් තුළ ආකල්පයක් හා හුරු පුරුදු ගොඩනගා භාවිත කිරීමට උත්සාහයක් ගනු ලැබේ. 


සතුටුදායක සමාජයක් ගොඩනැගීමෙහි ලා එකද ශ්‍රේෂ්ඨ ආගම ධර්මයක් වත් සමත්වී නැත. මාඕ සේතුංගේ සිතිවිලි බලාපොරොත්තු වන්නේ දෛනික ජීවිතයේ අවශ්‍යතාවන් හා පරමාදර්ශ තත්ත්වයන් අතර වෙනසක් නැති ආකාරයේ තත්ත්වයක් ගොඩනැගීමටය.

 

 

 

 

 


මාතලේ - එම්. තාරික්



අදහස් (0)

“ ජනතාවට සේවය කරනු ”

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 563 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 493 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 421 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site