IMG-LOGO

2025 සැප්තැම්බර් මස 08 වන සඳුදා


ගොවියා බලවේගයක් ලෙස...

රුසියාව රැක ගැනීමේ ලෙනින්ගේ අරගලය - 03

 

ලෙනින් මධ්‍යම කාරක සභාවේ වැඩ කටයුතු පිළිබඳ, පක්ෂ වැඩ පිළිවෙළ පිළිබඳව හා ගැමි ප්‍රදේශවල කටයුතු ගැන වාර්තා ඉදිරිපත් කළේය. සෝවියට් රාජ්‍ය නිරන්තරවම සාම පිළිවෙතක් අනුගමනය කරන බව ඔහු පෙන්වා දුනි. එහෙත් ධනේශ්වර රාජ්‍යයෝ සෝවියට් සමූහාණ්ඩුවට එරෙහිව සැහැසි අරගලයක් දියත් කරමින් සිටියෝය. එහෙයින් රටෙහි ආරක්ෂක ශක්තිය තර කිරීමට අවශ්‍ය විය. 


ගැමි පෙදෙස්වල වැඩ කටයුතු ගැන වාර්තාව ප්‍රධාන වශයෙන් මධ්‍යම ගොවීන් කෙරෙහි දැක්විය යුතු ආකල්පය පිළිබඳ ප්‍රශ්නය කෙරෙහි යොමු වී තිබුණි. කම්කරු පංතිය දිළිඳු ගොවීනුත් සමග එකතුව ඔක්තෝබර් සමාජවාදී විප්ලවය සිදු කර තිබුණි. ගොවිපළවල්වල කම්කරුවෝ හා දිළිඳු ගොවීහු සෝවියට් ආණ්ඩුවට කොන්දේසි විරහිතව සහයෝගය දුන්හ. කෙසේ වුවද ගොවි ජනතාවගේ බහුතරය සකස් වී තිබුණේ මධ්‍යම ගොවීන්ගෙනි. ඔවුන්ගෙන් බොහෝ දෙනෙකු ටිකක් ඉඳලා බලමු ආකල්පයක් අනුගමනය කළෝය. 1918 ශරත් සෘතුවේ මධ්‍යම ගොවීහු සෝවියට් සභා දෙසට හැරෙන්නට වූහ. ලෙනින් මෙය වැදගත් කරුණක් වශයෙන් සනිටුහන් කළේය. මධ්‍යම ගොවීන් සමග ශක්තිමත් සංවිධානයක් ගොඩ නැගීමට දැන් කාලය එළඹ ඇතැයි ඔහු සම්මේලනයේදී සඳහන් කළේය. මෙම සංවිධානය නොමැතිව සමාජවාදය ගොඩ නැගීම කළ නොහැකි යැයි ඔහු කීය. ලෙනින්ගේ වාර්තාව පදනම් කොට ගෙන සමුළුව මධ්‍යම ගොවීන් සමග සමීප සන්ධානයක් ඇති කිරීම පෙරදැරි කර ගත් යෝජනාවක් සම්මත කරන ලදි. 


කම්කරු පංතියේ හා මධ්‍ය ගොවීන්ගේ සන්ධානය ශක්තිමත් කරන අතර කුලාකයන් පරාජය කිරීම සඳහා දිළිඳු ගොවීන් කෙරෙහි විශ්වාස තැබීම අරමුණු කොට ගත් පක්ෂ පිළිවෙත සිවිල් යුද්ධයේ ජයග්‍රහණයටත් අධිරාජ්‍යවාදීන් හා ධවල හමුදා පරාජය කිරීමටත් සමාජවාදය ගොඩනැගීමටත් ඉවහල් වූ තීරණාත්මක සාධකයකි. 


අටවැනි සමුළුව නව පක්ෂ නායකත්වය දරන ලද කමිටුවක් විසින් සකස් කරන ලද මෙම නව වැඩපිළිවෙළ ධනවාදයේ සිට සමාජවාදයට සංක්‍රාන්තවීමේ මුළු කාල පරිච්ඡේදය තුළම කොමියුනිස්ට් පක්ෂයේ කර්වත්‍යයන් විස්තර කළේය. 


සිය වාර්තාවෙන් ලෙනින් වැඩපිළිවෙළ විද්‍යාත්මක පදනමක් මත රඳා පවත්නා බවත් එය යථාර්ථවාදී බවත් එසේම නව සමාජවාදී සමාජය ගොඩනැගීමේදී කම්කරු පංතියට හා පක්ෂයට මඟ පෙන්වීමක් වශයෙන් ප්‍රයෝජනවත් බවත් අවධාරණය කළේය. 


ඉමහත් උද්යෝගයකින් වැඩපිළිවෙළ ඒකමතිකව සම්මත කෙරිණ. මෙය ඉතිහාසයේ පළමු වතාවට රාජ්‍ය බලය දරන කොමියුනිස්ට් පක්ෂයක් විසින් ඉදිරිපත් කරන ලද වැඩපිළිවෙළක් විය. නව වැඩපිළිවෙළේ ජාත්‍යන්තර වැදගත්කම ගැන කථා කරමින් ලෙනින් මෙසේ පැවසීය.


“අපේ වැඩපිළිවෙළ ප්‍රචාරය සහ උද්ඝෝෂණය සඳහා අතිශයින්ම ඵලදායි වනු ඇත. එය මෙන්න අපේ සගයින් මෙන්න අපේ සහෝදරවරු මෙන්න අපේ පොදු සටන සැබෑ වෙමින් තිබෙනවා යනුවෙන් කම්කරුවන්ට කීමට හැකි වන ලියවිල්ලකි” 


සෝවියට් රාජ්‍ය ගොඩනැගීම හා රටෙහි ආරක්ෂාව සැලසීමේ දැවැන්ත කාර්යයෙහි නිරත වී සිටියද, ලෙනින් කම්කරුවන්ගේ හා ගොවීන්ගේ නොයෙකුත් නියෝජිත මණ්ඩල සහ සහෝදර කොමියුනිස්ට් පක්ෂවල නියෝජිතයින් පිළිගැනීමටද කාලය වැය කළේය. තමා සමග එකට වැඩකළ පුද්ගලයන් සහ සාමාන්‍ය පක්ෂ සාමාජිකයින් කෙරෙහි ඔහුගේ ආකල්පය නිතරම කල්පනාකාරී හා සැලකිලිමත් එකක් විය. ඔහු මිනිසුන් කෙරෙහි උත්සුක උනන්දුවක් දැක්වීය. වැඩ කරන ජනතාවට විවේක ගැනීම සඳහා විවේකාගාර ඉදිකිරීමත් පාසල් හා ළමා ආයතනවල කටයුතු දියුණු කිරීමටත් අවශ්‍ය පියවර සකස් කිරීමේදී ඔහු ඒ පිළිබඳව ඉමහත් ලැදියාවක් හා සැලකිල්ලක් දැක්වීය. පක්ෂයේ සහ ආණ්ඩුවේ ක්‍රියාකාරී කොටස්වලට ද ජනතාව කෙරෙහි එම උත්සුක ආකල්පයම දරන ලෙස ඔහු උගැන්වීය. 

 

 

මතු සම්බන්ධයි.

 

එම්. තාරික්
ඡායාරූපය : අන්තර්ජාලයෙනි

 



අදහස් (0)

ගොවියා බලවේගයක් ලෙස...

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 555 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17347 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 706 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site